කූට ලේඛන සැකසී යැයි කියන චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු මන්ත්‍රී තිස්ස අත්තනායක දෙසැම්බර් 25 වැනි දා සිට ජනවාරි 13 වැනි දා දක්වා තම දුව බැලීමට ඕස්ට්‍රේලියා යාමට කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද (16)  ප්‍රතික්ෂේප කළාය.

නීතිපති මෙම ඉල්ලීමට විරෝධය දක්වමින් පැවසුවේ විශේෂ හේතුවක් නොවන නිසාත් මාර්තු මස සිට නඩුව දිනපතා විභාග වන නිසාත් එම ඉල්ලීමට අවසර නොදෙන බවයි.