කූඨ ලේඛන සැකසී යැයි කියන චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු මන්ත්‍රී තිස්ස අත්තනායක රුපියල් 25000 මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද (5) නියෝග කළාය.
ඔහුගේ විදෙස් ගමන් ද තහනම් කැරුණු අතර ලබන මාර්තු 20 වැනිදා සිට නඩුව දිනපතා විභාගයට ගැනීමට මහාධිකරණය තීන්දු කළේය.
(ජායාරූප හා වීඩියෝ - ළහිරු හර්ෂණ)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ ඇගේ තියෙන්නේ වෙනත් මිනිස්සුන්ට නැති දෙයක් නේ,අපේ නම් සම් මස් ඇට ලේ නහර ,,මුගේ තියෙන්නේ දේශපාලනයලු? හනේ මෙහෙමත් මෝඩ හරක්? (බ)
අර වාහනයකට තරුණයෙක් යටකරපු ඇමැතිට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? දන්නේ නැති නිසා අහන්නේ (බ)
පොහොට්ටුවට එකතු වෙලා පර වෙලාම යන්න පුළුවන් (බ)
හිටපු විදියට හිටියනම් අද කොතන ඉන්න තිබුනද? (ර)
අප්පච්චිට දැන් සතුටු ඇති (නි)
ඇයි මෙයාට විතරක් දඬුවම්? එතකොට විනේශ්වරන්ට, උතුරේ අනිත් අයට, නැගෙනහිර ඉඩම් කොල්ලකරුවන්ට, මහා බැංකු හොරාට? හැම දඬුවමම අපට. යහපාලනය කියන්නේ මේකද? (නි)
කොහොම ඉන්න තිබ්බ මනුස්සයෙක්ද ? පාප මිත්‍ර සේවනය. (ර)
එක් කෙනෙකුටවත් තවම හරියට දඬුවම් දුන්නෙ නැහැනේ. හැමෝටම ඇප දෙනවා (නි)
මෙතරම් රටට ආදරය කරන දේශපාලකයන්ට මෙහෙම කරන්නේ මන්ද? අපි වෙනුවෙන් මොවුන් කොතරම් වෙහෙසෙනවාද? (නි)
කළ දේ පළ දේ. පාක්ෂියකයන්ගේ සාධාරන ඉල්ලීම්වලට ඇහුන්කම් නොදී නායකයා සතුටු කරන්න ගිහින්, අද නායකයත් නැහැ කව්රුත් නැහැ. කවද හරි නායකයාටත් මේක තමයි වෙන්නේ.පහුගිය මහා මැතිවරණයේ ඇමතිකම හෝ නියෝජ්‍ය ඇමතිකම් නොමැතිව දිස්ත්‍රික්කයේ පළවෙනිය වුනේ බුද්ධික පතිරණ. එතුමාටත් අද වර්තමාන නායකයා විසින් කිසිම වගකීමත් බාර දීලත් නැහැ (බ)
ශෆීල්., කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ ඔයාගේ කතාව. (ර)
බුදුදහම මොන තරම් සත්‍යද කියලා හිතෙනවා මෙයාගේ කතාව ඇහුවම. පාප මිතුරන් අතරට වැටුණු ගිරවෙක් ගැන කියන ගිරාපෝතක ජාතකය මීට හොඳ නිදසුනක්. (ම)
ලේඛනය කූඨයි කිව්වට කියපු දේවල්නම් වෙනසක් නැතිවම සිද්ධ වෙනවා. (ර)
සනත් හරි, ත්‍රස්තවාදී ප්‍රභාකරන්ව ස්මරණය කරපු උතුරේ අයට දඩුවම් කෝ. (ර)
හිටපු පැත්තේම හිටියනම් අද ඇමති කෙනෙක් (ර)
මෙතුමාගේ ලියවිලිනම් බොරු වෙන්න ඇති.දේශපාලකයෝ හින්දා...හැබැයි ඒවායේ තිබ්බ දේවල්නම් දැන් ඇත්ත වගේ පෙනෙනවා. (ම)
ඔබ සැමට මම යම් දෙයක් කියන්න කැමති අපේ ලංකාවේ ජයලලිතා මළා කියල අපිට තියන සතුට කුමක්ද ? ලංකාවේ තියන ප්‍රශ්න බලන්න ! (බ)
කූඨ ලේඛන සැකසී යැයි කියන චෝදනාවට මෙහෙම සතුටු වෙනවනම් අනිත් ඒවා ගැන කුමන කතාද ? (බ)
නිකන් ටින්කිරි නාගත්හ! (බ)
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාව ඡායාරූපයකින් වෙනස් කරපු හාදයට නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද එයා ලොකු පුටුවක ඉන්න නිසාද (බ)
මෙයාට හිටිය නේද බෑනා වරුන්ගේ සංගමයක් ,, මොකද අද ඒ අය නිහඬ (බ)
එක එකාට ගොට්ට අල්ලන්න ගිහින් බොරු කියල දැන් එනවා මෙතන සාධාරණේ කතාකරන්න. (බ)