කොළඹ මහාධිකරණයෙන් රිමාන්ඩ් කැරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් ගොනු කළ පෙත්සමක් සම්බන්ධයෙන් දෙසැම්බර හය වැනිදා කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය අද නීතිපතිට නොතීසි නිකුත් කළේය.
පසුගිය ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර රහස් ගිවිසුමක් පවතිනේයැයි කියමින් ලියවිල්ලක් ප්‍රසිද්ධ කිරීම ඇතුළු චෝදනා තුනක් යටතේ ඔහුට එරෙහිව නඩු පවරා තිබේ.
එස් සී ජේ මඩවල සහ එල් ටී බී දෙහිදෙණිය යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ පෙත්සම කැඳැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතනදි අනිවාර්යයෙන්ම කියයි ඇප ලබාදෙන්න කියලා. නීතිය මොන ආකාරයට රටේ ක්‍රියාත්මක වනවාද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ (නි)