මලයාසියාවේ ක්වාලාලාම්පුර් නුවර පැවති හැත්තෑ පස්වෙනි ටෝස්ට් මාස්ටර් ජාත්‍යන්තර ලෝක ශූරතා කථීක තරගාවලියේදී දක්ෂතම ඉංග්‍රීසි කථීකයාට හිමි ලෝක ශූර කිරුළ හිමි කරගත් ධනංජය හෙට්ටි ආරච්චි අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් දිවයිනට පැමිණියේය.
ආසියා ජාතිකයකු මෙම ජගත් ශූරතාවය හිමිකරගත් පළමු අවස්ථාව මෙයයි.
ධනංජය හෙට්ටි ආරච්චි මහතා ටෝස්ට් මාස්ටර් සමාජ සංගම්හි නිලධාරීන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබීය.
ටෝස්ට් මාස්ටර් ඉන්ටර්නැෂනල් සංවිධානය වසරක් පාසා පවත්වන මෙම තරගාවලියට ලොව පුරා රටවල් 126 ක 14500 ට අධික ටෝස්ට් මාස්ටර් සමාජ සංගම්වලින් කථීකයෝ 30000 ට අධික පිරිසක් සහභාගී වෙති.
සිව් දිනක් පුරා තරග පැවැත්විණි. පසුගිය අගෝස්තු 21 අවසන් පුර්ව තරගාවලියේදී ලොව හොඳම කථීකයින් 9 දෙනා තුන්දහසකට අධික නරඹන්නන් ඉදිරියේ තම කුසලතා දැක්වුහ.
ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වෙන තරගාවලියේ ‘අයි සී සම්තින්‘ යන මාතෘකාව යටතේ විනාඩි 7 ක කතාවක් පැවැත්වු ධනංජය ප්‍රේක්ෂකාගාරයේ සිටි සියළු දෙනා තම ග්‍රහණයට නතු කර ගත්තේය.
විටෙක හාස්‍ය මතුකළ ඔහුගේ කතාවේ ගැබ්ව තිබු පණ්විඩය සියළු දෙනාගේ අවධානය යොමු වීම මත ඔහු මෙම ජයග්‍රහණය හිමිකරගත්තේය.
මේ වන විට මානව සම්පත් කළමනාකරුවෙකු ලෙස සේවය කරන ධනංජය ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙකි.
ධනංජය ඔහු ලැබු ජයග්‍රහණය පිළිබඳ මෙසේ පැවසුවේය
‘‘අවුරුදු 75 ක තරගාවලි ඉතිහාසයේ ආසියා ජාතිකයෙක් ලෝක ශූරතාව හිිමිකරගත් පළමු අවස්ථාවයි මේ.ඉතින් මේ ජයග්‍රහණය සමස්ත ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයක් පමණක් නෙමෙයි සමස්ථ ආසියාවේම ජයග්‍රහණයක්. ඒ නිසා මේ මොහොත ලංකාවට ආඩම්බර වෙන්න පුලූවන් අවස්ථාවක්.
ලෝකයේ සියළු රටවල් වලින් දක්ෂ කථීකයෝ මෙහි තරග කළා. මිනිත්තු හතක කතාවක් මට කරන්න තිබුනේ. එහිදී මගේ කතාවේ තේමාව උනේ මගේ පියා මා අධ්‍යාපනය අවසන් කර ගෙදර සිටින විට ඔහුගේ යහළුවෙක් වෙත අරන් ගියා. ඒ යහළුවා එදා මා දිහා බලා කිව්වා ‘‘අයි සී සම්තින්‘‘ කියලා. ඒ කියන්නේ ඔහුට මගේ මොනවා හරි පෙනුනා. ඒත් ඒක එකපාරටම කියන්න බැහැ ටික දවසක් යනවා කිව්වා. ඒ එදා පෙනුන දේට ඔහු මාව යොමු කළා. එහි ප්‍රථීපලය තමයි මා අද මේ ලබා ගත් ජයග්‍රහණය. මගේ කතාවේ තේමාව එයයි.
ඒ වගේම ඉංග්‍රීසි භාෂාව මව් භාෂාව නොවු රටක කෙනෙකු මේ ජයග්‍රහණය හිමිකරගත්තා කිව්වම එතන හිටිය හැමෝම පුදුම වුණා.
මම වසර 10 යක් තිස්සේ විවිධ තරගවලට සහභාගී වෙමින් මේ සඳහා පුහුණුව ලබා ගත්තා. පැරදුනු හැම වෙලාවෙම මම එයින් යම් පාඩමක් ඉගෙන ගත්තා. මම අපේ දරුවන්ට කියන්නේ ඕනෙම කෙනෙකුට උත්සාහය සහ උනන්දුව තියෙනවා නම් ලෝක ජයගන්න එක සුළු දෙයක්.‘‘




















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ගොඩක් ආඩම්බරයි! (නි)
ලංකාවේ නම දික් විජය කරන්න ඔබ වගේ ලක් පුතුන් තව තවත් ඉපදේවා කියා ප්‍රාර්ථනා කරනවා (නදී)
මම ඔබගේ පුහණු සැසියකට සහභාගී උනා. ඔබගේ දක්ෂතාවය මම අත්වින්දා. ඔබ සැබෑ දක්ෂයෙක් ,සුභ පැතුම් !. (නදී)
ඔබට සුබ පැතුම් පතනවා. (දී)
රටටම ආඩම්බර විය හැකි දක්ෂ පුතෙක් ඔබ. ඔබේ පොඩි පුතාටත් ඔබට වගේම හැකියාවන් ලැබෙයි. ධනංජය ඔබ වැඩ කරන ආයතනය අපට කියන්නකෝ. අපිටත් ආඩම්බරයි. ඔබට සුබ පැතුම් (නදී)
සැබෑ ජයග්‍රහණයක්. උපතින් ඉංග්‍රීසි කාරයෙක් නොවී ලංකාවේ සිටීමයි වැදගත්කම. සුභපැතුම් (නදී)
බොහොම සතුටුයි! (නි)
අපිට හරිම ආඩම්බරයක් (නි)
ඔබ විශිෂ්ටයි (නි)
විශිෂ්ට දක්ෂතාවයක්! (නි)
ඔබ රටට ආඩම්බරයකි. ඔබට උණුසුම් සුබ පැතුම්. (දිල්)
ඔබට ජය, සතුට, සැප! (නි)
ලංකාවට ගෞරවයක් ගෙනදුන් ඔබට උණුසුම් සුබපැතුම්! (නදී)
ඉතාමත් විශිෂ්ට ජයග්‍රහණයක්. ටෝස්ට් මාස්ටර්ස් ක්ලුබ් තිබුනට ලංකාවේ ගොඩක් අය මේ ගැන දැනුවත් නැහැ. මේ ජයග්‍රහණය සමඟ හොද ප්‍රසිද්ධියක් දෙන්න පුළුවන්. ඔබට සුබ පැතුම්! (නි)
එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ලෝකයේ සෑම අංශයකම මෙම ටෝස්ට් මාස්ටර් වැඩමුළු පවත්වනවා. මා අවුරුදු 12 ක් මෙම වැඩමුළු තරඟ දැකබලා ගත්තා. ඒ කාලය තුළදීවත් මට ඔබ වැනි දක්ෂයෙකු දකින්නට ලැබුනේ නැහැ. සත්තකින්ම ඔබ ශ්‍රී ලංකාව සතු වස්තුවක්. (නි)
ගොඩක් සතුටුයි. සුබ පතනවා! (නි)
ජයවේවා, ලක් මෑණියන්ගේ පුතුනි! (නි)
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී ඔබගේ දේශන කිහිපයකට සවන්දීමට වාසනාව හිමි වූ අයෙකු ලෙස සතුටු කඳුළු පිරි දෙනෙතින් ඔබට සුබ පතමි. (නි)
ඔබේ පහනින් දල්වාලනු මැන තවත් සුවහසක් පහන්! (නි)
සුබ පැතුම්!! (නි)
අපිට ආඩම්බරයි ඔබ ගැන (නි)
භාෂාව දැනගත්තට වැඩක් නැහැ. හැමෝටම ඒක බුද්ධිමත්ව හසුරවන්න බැහැ. ඔහු සැබෑ දක්ෂයෙක්.ආඩම්බරයි ඔබ ගැන (නි)
සුබ පැතුම්! (නි)
අපි දන්න ඉංග්‍රීසි මොනවාද කියලා හිතෙනවා ඔහු කතාකරනකොට. පුදුම හැකියාවක් තියෙන්නේ. ඔබට ජය! (නි)
අපේ ලංකාවේ අය හරිම දක්ෂයි. (නි)
ඔබ ලංකා මාතාවගේ නියම පුතෙක්. ඔබගේ ජයග්‍රහණයට සුභ පැතුම්! (නි)
මෙය සුළු පටු ජයග්‍රහණයක් නොවේ (නි)
https://www.youtube.com/watch?v=bk8xNZQ3ZwE(දිල්)
ඔබ විශිෂ්ටයි සහෝදරයා. ඔබ අතිවිශිෂ්ටයෙක්... (නි)
ලක් දෙරණේ " දිදුලන තරුවක් වේවා"(දිල්)
සුබ පැතුම්! (නි)
අපේ උණුසුම් සුබ පැතුම්! (නි)
වෙනස් විදිහට හිතූ මිනිසෙක්. (නි)
ඉංග්‍රීසි භාෂාව මව් භාෂාව නොවන රටක සිට ඔබ මේ පුංචි ලංකාවේ සිට ලෝකයටම දුන් පණිවිඩය සහ ලංකාවේ හැමදේකටම දක්ෂයින් ඉන්න බව ඔප්පු කිරීම අපටද මහත් සතුටකි. අභිමානයකි. ආඩම්බරයකි. ඔබට තෙරුවන් සරණයි! (නි)
හරිම ආඩම්බරයි! (නි)
ඔබ සැබෑ දක්ෂයෙක් (නි)
කෙනෙක් කියලා තිබුනා ඉංග්‍රීසි අධ්‍යාපනයට තිබෙන පහසුකම් මදි කියලා.ඇත්ත. හැබැයි මිත්‍රයා, ඊටපස්සේ සමහරු කියයිද දන්නේ නැහැ පරදේශක්කාර භාෂාව අකුලාගනිව් කියලා (නි)
එයාගේ ගම කොහේද? අපේ සුභ පැතුම්! (නි)
ඔබට සුබ පැතුම්. ඒ වගේම මානව සම්පත් කළමනාකරුවෙකු වීම ඔබටම ගැළපෙනවා. (නි)
සුබ පැතුම් ධනංජය! (නි)
සුබ පැතුම් ඔබට! (නි)
අපිට ගොඩක් ආඩම්බරයි! (නි)
ඔබට ජය! (නි)
චුල,ටෝස්ට් මාස්ටර් කියන්නේ ඉංග්‍රීසි කතාව සහ ඉංග්‍රීසි සන්නිවේදන හැකියාව වැඩිදියුණු කරගැනීමට ලෝක මට්ටමින් ක්‍රියාත්මක වන සමාජයක්. ලංකාවේ බොහෝ පුද්ගලික ආයතන මෙය සමඟ ඒකබද්ධ වී තම සේවකයන්ගේ ඉංග්‍රීසි කතා හැකියාව වර්ධනය කිරීමට උත්සාහ කරනවා. එහි ප්‍රතිඵල හරිම පුදුමයි. වචන කීපයක් ගැටගහගන්න බැරුව එන අය පුදුම දියුණුවක් ලබනවා. ඉංග්‍රීසි කතා හැකියාව විතරක් නෙමෙයි. ඉදිරිපත්වීම, පෞරුෂ වර්ධනය සහ නායකත්ව හැකියාව පවා මේ නිසා වර්ධනය වෙනවා. මානව සම්පත් කළමණාකරුවෙකු ලෙස මගේ ජීවිතයේ මා දුටු වටිනාම දේ එයයි. මෙය ලංකාවේ සමහර පාසල් වලත් තිබෙනවා. නමුත් සියලු පාසල් මේ සමඟ සම්බන්ධ වනවා නම් ඉන් වන යහපත අමිලයි (නි)
නියමයි. තෙරුවන් සරණයි! (නි)
මේක නම් සුළුවෙන් තැකිය හැකි ජයග්‍රහණයක් නොවේ (නි)
ජයවේවා
ඔබට අපේ උණුසුම් සුබ පැතුම්! (නි)
නිමාලි ස්තුති ඔබගේ පැහැදිලි කිරීම ගැන (අ)
අපේ උණුසුම් සුබ පැතුම්! (නි)
ගොඩක් සතුටට කඳුලුත් වැටුනා (නි)
රටට ආඩම්බරයක් සහෝදරයා
ඔබට අපේ උණුසුම් සුබ පැතුම්!(දී)
ලංකාවේ ඉංග්‍රීසි උගන්වන සමහර ටියුෂන් මාස්ටර්ලා ඇවිල්ලා හිටියේ නැද්ද අපේ ලෝක ශුරයා පිළිගන්න? (නි)
සතුටට කඳුලුත් වැටුනා පුතා. ඔබ ශ්‍රේෂ්ඨයි. (නි)
හරිම ආඩම්බරයි සහෝදරයාණෙනි. ඔබට තවත් මෙවැනිම හපන්කමක් කරන්න ශක්තිය ලැබේවා! ඔබට ජය (නි)
ඔබ ඉතාම ආඩම්බර විය යුතු පුතෙක්.ලංකාවට හරි වැදගත් අවස්ථාවක් ලැබුනේ (නි)
සුබ පතනවා! (නි)
ඒ කියන්නේ එයාට පුලුවන් ඇති සුද්දන්ටත් වැඩිය හොඳට ඉංග්‍රීසි කතා කරන්න. (නි)
බොහොම හොඳයි, බොහොම හොඳයි. මම කැමතියි ඔහුගේ කතාව අහන්න (නි)
නියමයි කොල්ලෝ නියමයි! (අ)
මම කැමතියි ඔහුගේ කතාව අහන්න (නි)
උණුසුම් සුබ පැතුම්! කැමතියි ඔහුගේ කතාව බලන්න (නි)
ආඩම්බරයි රටටම. ජයවේවා !!!!! (නි)
"ලෝක ටෝස්ට් මාස්ටර්" කියලා තරගයක් තියෙන බව දැනගත්තේ එතුමා ජයග්‍රහණය කළ නිසා. අපේ රටේ පාසල් වල තවමත් ඉංග්‍රීසි අධ්‍යාපනයට දෙන පහසුකම් ඉතාමත් දුර්වලයි. එතුමාට සුබ පැතුම්. (නි)
එතුමාගේ ජයග්‍රාහී කතාව හෝ වෙනත් කතාවක් වීඩියෝ ලෙසින් පළකරන්න පුලුවන් නම් සතුටුයි (නි)
මෙන්න නියම ශ්‍රී ලාංකිකයෙක් (නි)
සුභ පැතුම්. නියමයි. (නදී)
ආඩම්බරයි පුතා... (නි)
ඔහුට ලෝක ජයක් අත්කර ගැනීමට හැකි වුයේ උත්සාහය හා උනන්දුව මත බව කළ ප්‍රකාශය ඉංග්‍රීසි අධ්‍යාපනය හදාරන සිසුන්ට වටිනා උපදේශයක්! ජයග්‍රහණය ඉතිහාසයට එක්වේවි (නි)
විශාල ජයග්‍රහණයක්. (නි)
ලක් පුතුන්ට උණුසුම් සුබ පැතුම්! (නි)
මෙන්න මේ වගේ මිනිසුන්වයි වසර කිහිපයක් හරි අධීක්ෂණ මන්ත්‍රී කෙනෙක් කරලා විදේශ අමාත්‍යවරයෙක් කළයුත්තේ. මොහුව ලංකාවේ හැම පාසලකම ජනප්‍රිය කරවන්න. එතකොටයි ළමයින්ට වුණත් කථිකත්වයට ඇති බිය නැතිවන්නේ. මෙවැනි මිනිස්සුන්ට ලංකාවේ තැනක් ලැබෙයිද කියලා සැකයි. ඔබතුමාට උණුසුම් සුභ පැතුම් පිරිනමමි! (නි)
ලංකාවට ගෞරවයක් ගෙනදුන් ඔබට ජයෙන් ජයම වේවා! (නි)
ශ්‍රී ලංකාවට සහ ආසියාවට ගෞරවයක් ගෙනදුන් ඔබට ජයෙන් ජයම වේවා! (නි)
රටටම ආඩම්බරයක්. ඔබට ජය ! (නි)
ගොඩක් ආඩම්බරයි, උණුසුම් සුබ පැතුම්...!! (නි)
හරිම ආඩම්බරයි.ඒ කතාවේ කොටසක් දමා තිබේදැයි යුහුසුළුව බැලුවේ.ඒ මොහොත දැකගන්න තරම් මා පින් කර නොමැත! ඔබට ජයෙන් ජය! ශ්‍රී ලාංකික ජනතාවගේම සුබාසිරි මේ සමඟින්! අපිට හරිම ආඩම්බරයි. (නි)
සුභ පැතුම් ! හරිම සන්තෝෂයි. (නි)
ශ්‍රී ලාංකිකයෙක් හැටියට ගොඩාක් ආඩම්බර වෙන්න පුළුවන් අවස්ථාවක්. ඇත්තටම හරිම ආඩම්බරයි (නදී)
රටක් වටිනා පුතෙක් (නි)
සුබ පැතුම්! (නි)
මට නම් හරිම ආඩම්බරයි (නි)
සුබ පැතුම්!අපි මේ වගේ දක්ෂයින් පාවිච්චි කරන්න ඕනෑ රට නියෝජනය කරන උත්සව වලදී. (නි)
ඔබේ ජයග්‍රහණය අපිටත් සතුටක්. රටේ නම ලෝකයට ගෙන ගිය ඔබ ලංකා මාතාවගේ වටිනා පුතෙක්. අපේ සුබ පැතුම්! (නි)
විශිෂ්ටයි! (අ)
විශිෂ්ටයි. ඇත්තටම විශාල ජයක්. ජය වේවා(අ)
නියමයි කොල්ලෝ සුපිරි !!!(අ)
කෝ මේ සුද්දන්ට ආවඩන සුගුනවති නැන්ද, බලන්න්න අපේ කොල්ලගේ වැඩ සුද්දොත් පරාද කල හැටි ..(අ)
වලදී ගිය අවුරුද්දේ ධනංජය හෙට්ටිආරච්චි කල කතාව https://www.youtube.com/watch?v=bk8xNZQ3ZwE (අ)
හරිම ආඩමිබරයි මට ඔබගේ කථාව කියවද්දි ඇසට කදුලු ආවා සුභපැතමි එක සිතින් (නදී)
ජය ශ්‍රී! (නි)
අපට ආඩම්බරයි ඔබ ගැන. සුබ පැතුම්! (නි)
ඔබට සුබ පතනවා! (නි)
මට ඔබ ගැන ආඩම්බරයි සක්විති ගැන දුකයි (නදී)
ම දන්නා තරමින් මෙම තරගයේදී අවදානය යොමුවන්නේ මාතෘකාවම නොවෙයි. ඔහුගේ කතා ශෛලය,උච්චාරණය, අන්ගචලනය,අසන්නන් ග්‍රහණයට ගැනීම වගේ සුවිශේස දේවල්. එනිසා මෙය කෙටි වීඩියෝ පටයක් ලෙස සකසා පාසල් දරුවනට දකින්න සැලස්සුවොත් ඉතා අගෙයි. (නදී)
මේ ජයග්‍රාහි කතාව සජීවීව බලන්න මාද වාසනාවන්ත වුණා (නි)
හරි ආඩම්බරයි. කළු සුද්දෙක්නම් නොවෙයි. මමී ,ඩැඩී / මම්ම,පප්පා නැතිව දෙමාපියන්ව අම්ම තාත්තා ලෙස අපිට හදුන්වා දුන්නා. මෙවන් පුතෙක් ලොවට දායාද කල ඔබදෙපලට දීර්ගායුස ! (නදී)
ඔබට සුබ පැතුම්!
ගොඩක් සතුටුයි අපේ මිනිසෙක් ලෝකයට යන එක ගැන සහ අපේ මව්බිමේ නම ලෝකයට අරගෙන යන එක ගැන... බුදු සරණයි! (නි)
මෙතනින් බලන්න...... https://www.youtube.com/watch?v=THiwUpoGQIk
ලංකා මෑණියන්ගේ නම ඉදිරියට ගෙනියපු ඔබට සුබ පැතුම්!(දී)
මට නම් පුදුමාකාර සතුටුයි (නි)