අනුරාධපුර තිසාවැවෙන් දියනෑම තහනම් කර තිසා වැව පවිත්‍රව රැකගැනීම සදහා කටයුතු කරන ලෙස රජයට බලකරමින් තිසාවැව සුරැකීමේ සංවිධානය මගින් පැවැත් වූ විරෝධතාවක් අද (14) සවස තිසාවැව වැව් බැම්මේ දී පැවැත්විණි.
භික්ෂුන් වහන්සේලා රැසකගේ සහබාගීත්වයෙන් පැවති මෙම විරෝධතා ව්‍යාපාරයට ප්‍රදේශයේ ජනතාවද එක්ව සිටියහ. ශ්‍රී මහා බෝධීන් වහන්සේ හට පැන් පහස ලබාදෙන්නේද මෙම වැවෙන් යැයි පැවසු අනුරාධපුර සාරිපුත්ථාරාමාධිපති හල්මිල්ල කුලමේ සද්ධාතිස්ස හිමියන් පැවසුවේ තම සංවිධානයේ මෙම ඉල්ලීම ඉටු කිරීමට නිලධාරීන් ක්‍රියා නොකළ හොත් අනාගතයේ ගැටලු රැසක් ඇතිවිය හැකි බවය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හරි ක්‍රියාමාර්ගයක් නොගත්තොත් ලොකු විනාශයක් වෙන්න පුළුවන් (නි)
ඉස්සරත් මිනිස්සු නාන්න ඇති සමහරවිට. එ්ත් දැන් වගේ නොවෙයි. ඒ මිනිස්සු හැමදේම ගැන හිතුවා. අවට පරිසරය, වැවේ වතුර ටික, ඉන්න මාළු, ජීවින් ගැන හිතලා තමයි වැඩ කළේ. දැන් වගේ නාපු තැන කැත කරලා යන්නේ නැහැ. නාන්න තැනක් නැහැ කියලා කවුරුහරි බොන වතුර ටික අපිරිසිදු කරන්න වෙන කාටවත් අයිතියක් තියෙනවද? (නි)
තිසා වැව, නුවර වැව සහ තුරුවිල වැව කියන්නේ අනුරාධපුර ජනතාවට පානීය ජලය සපයන් වැව් තුන. මේ ජලය පිරිපහදු කරල නළ දිගේ එන ජලය නැවත පෙරීමකට හෝ උණු කිරීමකට ලක්නොකොට වැඩි පිරිසක් දෝතින් ගෙන තම පිපාසාව සංසිදුවා ගන්නා බව අමුතුවෙන් කිවයුතු නැහැ. ඉතින් ටැප් එකෙන් එන්නේ මළ මුත්‍රා මිශ්‍ර ජලය නම් එහි සදාචාරාත්මක පැත්ත කුමක්ද? උත්සව කාලවලදී තිසාවැව සහ නුවර වැවේ ස්නානය කරන ප්‍රමාණය ඉතා විශාලයි. මේ එන අයගෙන් බහුතරයක් දෙනා තම බහිශ්‍රාවී කටයුතු කරගන්න මෙම වැවි පරිසරය සහ වැව් ජලය යොදා ගන්නව. ඒ බව විශේෂ පරීක්ෂණ නොකළත් උත්සව දිනක් පහුවුනාම වැව ආශ්‍රිතව නිරීක්ෂණය කරන්නෙකුට ඇසට මෙන්ම නාසයටද හොදින්ම දැනෙනව. (බ)
මිනිස්සුන්ට පොඩි දේටත් ඉඩ දුන්නම ගොඩක් විනාශ කරනවා. ඉස්සර හොඳට තිබුන බෝපත් ඇල්ලත් කාලෙකට ඉස්සර විනාස කරා අඩිය තියන්න බැරි ගානට හැමතැනම විදිරු කටු. මත්පැන් අරගන ගිහිල්ල වෙරි වුනාම බෝතල් බිඳලා හෝ බිඳිලා නොයෙක් විකාර කරනවා. එමනිසා වැවේ ආරක්ෂික කොටසක් හදල නාන්න එන අයගෙන් මුදල් අයකරල එම තැන් වල විතරක් නාන්න දෙන්න. (බ)
මේ කතාව ඇත්ත. අනුරාධපුරයට එදාට වඩා අද ගොඩක් මිනිස්සු එනවා. මේ තිසා වැවේ තමයි වැඩි දෙනෙක් නාන්නේ. අනුරාධපුරය පූජනිය නගරයක්. විනෝදවෙන තැනක් නෙමෙයි. අනෙක අනුරපුර නගරයටම ජලය දෙන්නේ තිසා වැවෙන්. නාගන්න ඕනෑනම් ටිකක් එහාට ගිහින් නාන්න පුළුවන් (නි)
ඕකට ඔච්චර දඟලන්න දෙයක් නැහැ. හොඳ ලොකු කිඹුල්ලු 4-5 ක් දැම්මා නම් බලෙන්වත් කාවවත් නවන්න බැරිවෙයි. කතරගමත් තිස්ස වැවෙත් දැන් කිඹුල්ලු ඉන්නවා. ඒ හින්දා ඒ වැවෙත් කවුරුත් නාන්නේ නැහැ (නි)
එහෙම නම් ජනතාවට නල ජලය ලබා දෙන්න වේවි. (ර)
කරන්න යන වැඩේ හොදකුත් තියෙනවා.(හේ)
නාන්න වැව කිහිපයක් තියෙනවා තිසා වැව බොන්න ජලය ගන්න එක නල ජලය.(හේ)
ඕක ඉතින් ඉස්සර ඉදලාම තිබ්බ දෙයක්නේ දැන් වෙනස් කරන්න කියන්නේ මොකද?(හේ)
ජය ශ්‍රී මහා බෝධිය කෙසේ වෙතත් බුදු හාමුදුරුවොත් ස්නානය කළේ පොදු ජනතාව ස්නානය කල තැන් වලින්ම තමයි.(හේ)
මේක හොඳ ක්‍රියාවක් නමුත් එහෙමනම් අ,පුරයට පැමිණෙන වන්දමාන කරන ජනයාට ජළ පහසුකම් ලබාදිය යුතුයි (හේ)
මේ කථාව ඇත්ත.අනුරාධපුරයට එදාට වඩා අද ගොඩක් මිනිස්සු එනවා. මේ තිසා වැවේ තමයි වැඩි දෙනෙක් නාන්නේ.මේ වැව පිළිබදව සමීක්ෂණ වාර්තා බැලුවහම පේනවා මේ වැවේ ජලය මිලීටර් 100 ක ඊ කෝලි බැක්ටීරියා 69 ක් ඉන්වා.නමුත් පානීය ජලය මිලි ලීටර් 100 ක ඊකෝලි බැක්ටීරියා එකක්වත් තියෙන්න බැහැ.අතීත රජවරුන් වත් මේ වැවේ නාලා නැහැ.1970 වන තුරු මේ වැවේ නාන්න තහනම්.නගර සභාව ඒකාලේ තිසා වැවේ නාපු අයට දඩ ගැහුවා.එහෙම දඩ ගෙවපු අය කිහිප දෙනෙක් අදත් ඉතාම වයෝ වෘද්ධව ඉන්නවා.මේ ඉල්ලිම හරිම සාධාරණයි.උදේට කරාමේ ඇරියාම එන්නේ මඩ වතුර.වැවේ සමහර අය නානවා විතරක් නෙමෙයි.අරක්කුත් බොනවා.මේ වැව වටේ ගියොත් හිස් අරක්කු බෝතල් ලොරි කාලක් හොයන්න පුළුවන්.අනුරාධපුරය පූජනිය නගරයක්.විනෝද වෙන තැනක් නෙමෙයි. (හේ)
මට නම් මේ තීරණයේ සාධාරණත්වයක් පෙනෙන්නේ නැහැ (නි)
මමත් තිසා වැව අසළ ජීවත්වෙන කෙනෙක්. වැව වටේ ජනගහණය වැඩිවීමත් සමඟම ජලය ඉතාමත් අපිරිසිදු වෙලා. (නි)
සියලු දෙනාම දක්වා ඇති අදහස් ඉතා හොඳයි (නි)
ගොඩක් ස්තුතියි සමන් මේ ගැන යම් අවබෝධයක් සහිත කරුණු ටිකක් ලිවුවට (නි)
2011 පොසොන් එකට තිසා වැවයි, නුවර වැවයි දෙකේම දිය නෑම තහනම් කළා. කවුරුවත් කොළඹ සිරි නරඹන්න ඇවිල්ලා ලබුගම කළටුවාවේ නාන්නේ නැහැනේ. එහෙනම් අනුරාධපුරේ මිනිස්සු වතුර බොන තිසා වැවේ ඇයි ලක්ෂ ගණන් මිනිස්සු නාන්නේ. නානවා විතරක් නොවෙයි, මළමූත්‍රා පවා පහකරනවා. මිනිස්සු එන තරමට වැසිකිළි පහසුකම් නැහැ. මේ ගැන දන්නේ නැති අය සොයා බලා අදහස් පළකරනවා නම් හොඳයි. (නි)
කමල්ගේ කතාව හරියටම හරි. බෙදාහරින ජලයේ පිරිසිදුබව ප්‍රමාණවත් වනපරිදි පවත්වා ගැනීමයි වැදගත්. ජපානයේ වැසිකිළි වතුර පවා බීමට සුදුසු පරිදි පිරිසිදු කරනවා. අවශ්‍ය තාක්ෂණය ප්‍රමාණවත්ව ලංකාවෙත් නැහැ කියලා හිතන්න බැහැ. අවශ්‍ය නම් පිරිපහදු ස්ථාන වල තාක්ෂණික ගුණාත්මක බව දියුණු කිරීමට කටයුතු කිරීමයි උචිත. (නි)
මේක කරන්න පුළුවන් වැඩක්ද? මිනිස්සු නාන්නේ පන්සලේද එතකොට? (නි)
සමන්ගේ පැහැදිලි කිරීම බෙහෙවින් අගයමි. පසුබිම නොදැන වෙනත් ප්‍රදේශ වල සිට අදහස් දැමීම කොතරම් වැරදිද පෙනේ. ජල පහසුව නොදුන්නොත් වැව අපවිත්‍ර කරනවා කියලද ඔය ඉහත අය කියන්නේ? (නි)
ඉස්සර වැවයි දැගැබයි - ගමයි පන්සලයි. දැන් ගමයි පන්සලයි මොනතරම් ඈත්වෙලාද?