අනුරාධපුර තිසාවැවෙන් දියනෑම තහනම් කර තිසා වැව පවිත්‍රව රැකගැනීම සදහා කටයුතු කරන ලෙස රජයට බලකරමින් තිසාවැව සුරැකීමේ සංවිධානය මගින් පැවැත් වූ විරෝධතාවක්  අද (14) සවස තිසාවැව වැව් බැම්මේ දී පැවැත්විණි.

භික්ෂුන් වහන්සේලා රැසකගේ සහබාගීත්වයෙන් පැවති මෙම විරෝධතා ව්‍යාපාරයට ප්‍රදේශයේ ජනතාවද එක්ව සිටියහ. ශ්‍රී මහා බෝධීන් වහන්සේ හට පැන් පහස ලබාදෙන්නේද මෙම වැවෙන් යැයි පැවසු අනුරාධපුර සාරිපුත්ථාරාමාධිපති හල්මිල්ල කුලමේ සද්ධාතිස්ස හිමියන් පැවසුවේ තම සංවිධානයේ මෙම ඉල්ලීම ඉටු කිරීමට නිලධාරීන් ක්‍රියා නොකළ හොත් අනාගතයේ ගැටලු රැසක් ඇතිවිය හැකි බවය.

t2 t3

001 01 1 4