අනුරාධපුර තිසා වැවේ දිය නෑම අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි යළි තහනම් කළ බව අනුරාධපුර දිසාපති ඩී.පී.ජී.කුමාරසිරි මහතා දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී පැවසීය.
එහි දියනෑම හේතුවෙන් ජලය අපවිත්‍ර වන බව කියමින් තිසා වැව සුරැකීමේ සංවිධානය පැවැත්වූ විරෝධතාවය පිළිබඳ කරුණු සොයා බලා මෙම තීරණය ගත් බව දිසාපතිවරයා කීවේය.
මෙම තීරණය නිසා තිසා වැව අවට වැසියන්ට සිදුවන බලපෑම ගැන විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් දිසාපතිවරයා ඒ සම්බන්ධ වාර්තාවක් නගර සභාව හා ජල සම්පාදන මණ්ඩලයට ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිසා වැවේ වතුර බීමට පාවිච්චි කරනවා නම්, නෑම තහනම් කරන එක නෙමෙයි කළයුත්තේ. ඒ වතුර පිරිසිදු කරන පොම්පාගාරයක් ඒ ළඟම හදලා මිනිසුන්ට බොන්න යවන එකයි (නි)
ඉතා හොඳයි. නමුත් ප්‍රදේශවාසීන්ට දියනෑමට පොදු තැනක් සාදාදිය යුතුයි (නි)
ඉතා හොඳයි. මිනිසුන්ට නාන්න තිසාවැව යොදාගන්න ඕනෑ නැහැනේ. තව වැව් තියනවා. ඒවායෙන් ොගන්න කියන්න. මෙම නීති කඩන අයට දැඩි දඬුවම් දෙන්න (නි)
තිසා වැවේ දිය නෑම තහනම් කරපු එක වඩාත් හොඳයි. වෙසක්, පොසොන් පෝය දිනයන් වලදී වන්දනාවේ යන, එන පිරිස් මොනතරම් අපවිත්‍ර කරනවද වැව අවට? ඇයි ලංකාවේ ජනතාවට මේ දේ තේරෙන්නේ නැත්තේ? (නි)
අද සමාජය හුදෙක් තම විනොදාස්වාදයට මුල් තැන දෙමින් පරිසරය විනාශ කරනවා. මේක තමයි ඇත්ත තත්වය. (ම)