(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල වැල්ලව පොලිස් බළ ප්‍රදේශයට අයත් හදිරවලාන මුස්ලිම් ගම්මානයේදී ශ්‍රී ලංකා තවුහීත් ජමාත් සංවිධානයේ වැල්ලව ශාඛාවේ සභාපතිවරයා සමඟ පුද්ගලයන් 14 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල කොට්ඨාසය බාර පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා පැවසීය.
ආරක්ෂක අංශ සාමාජිකයින් 200කට ආසන්න පිරිසක් අද (1) කළ සෝදිසියකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පිරිස සතුව තිබී කඩු 6 ක්, කෙටේරියක්, පිහි 3 ක්, රම්බෝ පිහියක්, තවුහීති ජමාත් සංවිධානයේ ක්‍රියාකාරකම් සහිත ඩීවීඩී තැටි 15 ක් සහ එම සංවිධානයට අයත් බැනර් 20ක් හමුවූ බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දෙන්නම් තව හෝඩුවාවක්.. අර ආරක්ෂක ලේකම්ගේ හිටපු හමුදා ලොක්කාගෙන් ප්රශ්න කලොත් තව විස්තර ගන්න පුළුවනි.