(පාලිත ආරියවංශ)
වැලිමඩ බොරගස් ප්‍රදේශයේ කළ සෝදිසියකදී නිවසක සඟවා තිබූ රුපියල් එක්කෝටි හතලිස් අට ලක්ෂයක මුදලක් සමඟ ඊයේ ( 29) අත්අඩංගුවට ගත් පුද්ගලයා තවුහීත් ජමාත් සංවිධානයේ සමාජිකයකු බව අනාවරණය වී තිබේ.
ඉදිකරමින් පවතින මහල් ගොඩනැගිල්ලක පහත මහළ වෙළදසලට බදු දී දෙවන මහලේ සැකකරු සිය පවුල සමඟ පදිංචිව සිටි අතර එහි අබලි ද්‍රව්‍ය ගබඩා කර තිබු කාමරයක තිබි මෙම මුදල සොයාගත් බවද පොලිසිය සදහන් කරයි.
රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් මිටි සැක සහිත ලෙස බාල්දියක සහ පෙට්ටිය සගවා තිබී ඇත .
මෙම ගොඩනැගිල්ලේ හිමි කරු වන 57 වියැති සැකකරු එම මුදල් ලැබුණ ආකාර ය පිළිබදව පිළිගත හැකි කරුණු ඉදිරිපත් කිරිමට අසමත් වූ බවද පොලිසිය සදහන් කරයි .
සැකකරු තවුහීත් ජමාද් සංවිධානයේ සාමාජිකයෙක් බව විමර්ශන වලදි අනාවරණය වි ඇති අතර මුදල් විශුද්ධිකරන පනත යටතේ ද ඔහුට විරුද්ධව චෝදනා එල්ලවී ඇති බවත් එම මුදල් ලැබුනු ආකාරය පිළිබදව වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිසිය පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය අල්ලගන්න ත්රස්ථවාදීන්ටත් ඕවට උදව් කරපු අයවත් ඊළඟට මොකද වෙන්නේ..ටික දවසකින් ආයේ සමාජයට මුදාහරින්න නම් එපා මේ විසබීජ විනාශ කරලම දාන්න.
2016 කලා වගේ අල්ලපු අය නිදහස් කරගනී. වෙන මොනවා වෙන්නද? ඇයි අවි පෙන්නන්න එක්කන් යන්නේ නැත්තේ්.......