(ෂෙල්ටන් හෙට්ටිආරච්චි සහ රංජිත් රාජපක්ෂ )
තව්හිත් ජමාත් සංවිධානය විසින් නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු කදවුරක් සොයාගත් බව පොලීසිය කියයි.
මරාගෙන මැරෙන කල්ලියට සම්බන්ධ සහරාන්ගේ අනුගාමිකයින් අතර සිටි බෝම්බ සෑදීම හා ඒ පිළිබඳ තාක්‍ෂණික උපදෙස් ලබාදුන් පුද්ගලයා ලෙස සැලකෙන මෙම සැකකරු කාන්තාන්කුඩි පදිංචි 24 වියැති සැකකරු ගෙන් රාජ්‍ය බුද්ධි අංශයෙන් ලබාගත් තොරතුරු මත ඊයේ දිනයේදී මෙම නිවස සොයාගන්නා ලදී.
දින ගණනාවක් සිට මෙම නිවස පිළිබඳව ආරක්‍ෂක අංශ විසින් පරීක්‍ෂණය සිදුකිරීමෙන් අනතුරුව මෙම නිවස සොයාගෙන තිබේ.
මෙම නිවස සොයා ගැනීමට සහය දැක්වූ 24 වියැති මෙම සැකකරු සහරාන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති පන්තියකට මෙම දෙමහල් නිවසේදී සහභාගී වූ බවත්, ඒ සඳහා 35 දෙනෙකු පමණ සහභාගී වූ බවද සඳහන් කර ඇත.
පාස්කු දින ජීවිත හානි සිදුකොට මරාගෙන මැරුණු ත‍්‍රස්තවාදීන්ද මෙම පුහුණුවට සහභාගී වූ බව අදාළ සැකකරු විසින් ප‍්‍රකාශ කර ඇත. සුදු පැහැති දෙමහල් නිවසක මෙම පන්ති පැවැත්වූ බවත්, මෙම පන්තිය සඳහා අලුයම 4.30ට පමණ නුවරඑළියට පැමිණි සාමාජිකයින් වෑන් රථ 2 කින් අදාළ දෙමහල් නිවසට කැඳවාගෙන ගොස් ඔවුනොවුන් කිසිවෙකුට කතා කිරීම තහනම් කොට අවි පුහුණුවක්ද ලබා දුන්බවට තොරතුරු අනාවරණය වී ඇත.
මෙම නිවසේ තිබී නුවරඑළියේ සිතියම් 03ක් ද බුද්ධි අංශය විසින් සොයා ගත් අතර රාජ්‍ය බුද්ධි අංශය විසින් අදාල සැකකරු නුවරඑළියට රැගෙන පැමිණීමෙන් පසු මෙම නිවස සොයා ගැනීමට ආරක්‍ෂක අංශ වලට හැකි වී ඇත. අප්‍රේල් මාසයේදී මෙම නිවසේදී ත‍්‍රස්තවාදීන් විසින් පන්ති පවත්වා ඇති බවටද තොරතුරු අනාවරණය වේ.
සහරාන් ඇතුළු කණ්ඩායමට පන්ති පැවැත්වීමට වක‍්‍ර ආකාරයෙන් දායකත්වය දුන් සැකකරුවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන වැඩිදුර ප‍්‍රශ්න කිරීමට නියමිතව ඇත.
ගම්පොල ප‍්‍රදේශයේ පුද්ගලයෙකු විසින් මෙම නිවස බදු මත මාස ගණනාවක් සිට පවත්වාගෙන යන්නක් බවට වාර්ථා වෙන අතර, එම බදුකරුගෙන්ද ප‍්‍රශ්න කිරීමට පොලිසිය පරීක්‍ෂණ කටයුතු මෙහෙයවයි.







(ඡායාරූප රංජිත් රාජපක්ෂ )




( ඡායාරූප ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මගේ රටට මොකද මේ වෙන්නේ?
අැල්ලුවට වැඩක් නැහැ අැප ෂුවර්.. දැන් නම් අාණ්ඩුව කරන කියන කිසිම දෙයක් විශ්වාස නැහැ. අරලියගහ මන්දිරයෙත් තියෙනවද දන්නේ නැහැ කදවුරු?
පදිංචි හෝ අලුතින් පදිංචියට හෝ කුලියට හෝ බද්දට එන සියලුදෙනා ග්‍රාම නිලධාරි ළඟ ලියාපදිංචිවීම අනිවාර්ය කරන්න. සතියක් ඇතුළත ග්‍රාම නිලධාරීන් ශක්තිමත් කරන්න. අතිරේක නිලධාරීන් යොදවන්න. පදිංචිකරුවන් සියලු දෙනා වගේම තමන් පාවිච්චි කරන රථ වාහන, ජාතික හැඳුනුම් පතේ ලිපිනය, රියදුරු බලපත්‍රයේ ලිපිනය, සියල්ල සතියක් ඇතුළත මාරු කරන්න පහසුකම කොට්ඨාශයෙන්ම කරගන්න පහසුකම ලබාදෙන්න. ඒ මාර්ගයෙන් අනවසරයෙන් රැඳී සිටින පුද්ගලයන්, වාහන පහසුවෙන් හඳුනාගැනීමට හැකියාව ලැබේ. කරයි ලැබුණු ඔත්තුව අනුව ක්‍රියා කරන්න බැරි අයට නම්...
ගඩාෆි පෙරළා දැමීමට, ඇමෙරිකාව ප්‍රංශය ආදී බටහිර රටවල් එරට කැරැලි කණ්ඩායම්වලට අවි ආයුධ පමණක් නොව, අවි පුහුණවක්ද ලබා දුන්නේය. ගඩාෆි මරා දැමීමෙන් පසු, එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී, ලිබියාවේ නව රජයක් පිහිටුවීය. ගඩාෆි පාලනය පෙරළන්න එකමුතු වී අවි අතට ගෙන සටන් වැදුණු කැරැලිකාර කණ්ඩායම් මෙහිදී බෙදී වෙන්විය. රජයට පක්ෂ කණ්ඩායම් රජයේ හමුදාව බවට පත් විය. සෙසු කණ්ඩායම් අවි බිම තැබීම අතහැර නව රජයට විරෝධය දක්වන්නට විය. ඇමෙරිකාවට අනුව, ලිබියාව යනු යළි කිසිදාක ‘ගොඩ ගැනීමට නොහැකි’ අස්ථාවර වූ රාජ්‍යයකි. ලිබියානු සිවිල් වැසියෝ සැමවිටම මරණ බයෙන් ජීවත්වෙති. දරුවන්ට නිසි පාසල් අධ්‍යාපනයක් ලැබෙන්නේ නැත. ලිබියාව අස්ථාවර වෙද්දී, ඉරාකයෙන් සහ සිරියාවෙන් ආ අයි.එස්. ත්‍රස්තවාදීන් ලිබියාවේ පළාත් රැසක ඔවුන්ගේ පුහුණු කඳවුරු පිහිටුවා ගත්හ. තවමත් එම කඳවුරු එලෙසම පවතින බව විදෙස් බුද්ධි වාර්තා පෙන්වා දෙයි.
අපි පොල් ගොඩක් ගගා හිටියේ... ඒකයි මේකට හේතුව..
ඔය ළඟපාත කිසිම කෙනෙකුට අද වෙන කල් මේවා ගැන දැනගන්න ලැබුනේ නැද්ද? නැත්නම් දැනගෙන කට වහගෙන හිටියද?
ගල් කටස්, ඔබ අපේ විරෝධාර හමුදාව මේ වෙලාවේ අධෛර්යයට පත් නොකළ යුතුයි. කරුණාකර ධනාත්මකව හිතන්න. බලන්න අපේ ශ්‍රී ලාංකික ජනතාව කලබල නොකර මේ වෙලාවේදී හමුදාවට සහයෝගය දෙන ආකාරය...
අනේ ග්‍රාම නිලධාරි කෙනෙක් ශක්තිමත් කරලා රටට වුණු විපත්තිය ඇතිනේ...
මෙම ත්‍රස්තයන්ට අයත් රැස්වීමක් දැනට වසර කහිපයකට පෙරදී දර්ගා නගරයේ සීනවත්ත ප්‍රදේශයේ පැවැත්වෙනු දුටු එක්තරා මුස්ලිම් මිනිසෙකු එයට පහරදී ශබ්ද විකාශන යන්ත්‍රද පොඩිකර දමනු ලැබීය.එහෙත් අවාසනාවකට අදාළ පොලීසිය විසින් එම නිවැරදි මිනිසා අත්අඩංගුවට ගෙන හොඳ හැටි පහරදී රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණි.මේ ගැන සොයා බැලීම රටේ යහපත පිණිස වන්නේය.වරදකරුවන්ව හඳුනාගෙන මේ නිවැරදි මිනිසාට ත්‍යාගයක් පිරිනැමිය යුතුය.
මේ අවස්ථාවේ ඌරන්ගෙන් සහයෝගය පරීක්ෂා කිරීම්වලට ගමු.
කිනම් හෝ දෙපළක් අන්තවාදීන්ට දී ඇති නම් එය රාජසන්තක කර, එය හමුදා ආරක්ෂක කටයුතු වලට යොදා ගැනීමෙන් රට බේරාගත හැකිය.
බලන් ගියහම අපි ඉදලා තියෙන්නේ ත්‍රස්තවාදීන් කඳවුරු බැදගත්ත රටකනේ !
රිෂාඩ් ගේ වත්කම් සොයා බැලුවාද ?