(ඉන්දිකා රාමනායක)
අන්තවාදී සවිධානයක් වන ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ කොළඹ මෙහෙයවීම් කටයුතු සිදුකර කොළඹ නායකයා කෙසෙල්වත්ත මහල් නිවාස සංකීර්ණයේ නිවසක් තුළ දී අද (28) විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඞ් පවාස් (38) නැමැත්තා බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
අත්ඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තව්හීත් ජමාත් සංවිධානයට අයත් බව කියන පෝස්ටර් සංවිධනායේ දේශන අඩංගු අධි ධාරිතාවකින් යුත් දත්ත ගබඩා (පෙන්ඩ‍්‍රයිව්) දේශන සහිත වීඩියෝ ඇති ජංගම දුරකතන සොයාගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම සැකකරු සම්බන්ධයෙන් ලැබුණ තොරතුරු අනුව බස්නාහිර බුද්ධි නිලධාරීන් හා කෙසෙල්වත්ත පොලිසිය එකව ඊයේ දහවල් මෙම වැටලීම සිදුකර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදපු තැටි තව ඇති.. එළියට අරගෙන යන්න.
විශේෂයෙන් කටුනායක සිට කොළඹ දෙසට ඇති සියලුම ප්රදේශ ආරක්ෂක අංශයේ උකුසු ඇසට ලක්විය යුතුය යන්නයි මගේ හැගීම