විනීතා එම් ගමගේ
ශ්‍රී ලංකාවේ තේ තොගයක් සමග කෘමියෙක් සිටීමේ සිද්ධිය පිළිබඳ පරික්ෂණ සඳහා රුසියානු රජයේ නිරෝධායන නිලධාරින් සිව්දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් පෙබරවාරි 3 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මෙම කණ්ඩායම මෙරට නිරෝධායන නිලධාරින් සමඟ සාකච්ඡා කොට ඉදිරි පරික්ෂණ කටයුතු සැලසුම් කරනු ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අද (24) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ප‍්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා තේ කන්ටේනරයෙන් අසුවූ කෘමියා මෙරටින් වාර්තා නොවූ බව තහවුරු වී ඇතැයි ද අමාත්‍යවරයා පැවැසීය.
එම තේ තොගය ප‍්‍රවාහනය කළ කන්ටේනරය වෙනත් රටකින් පැමිණ ඇති එකක් බව ද ඒ අනුව එම කෘමියා වෙනත් රටකින් කන්ටේනරයට එක්වන්නට ඇතැයි සිතිය හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඇස්බැස්ටෝස් තහනම ඉවත් කලේ බොරුවටද.
ඔන්න දැන් පෙන්නන්න වෙනවා අපි තේකොල හදන හැටි. හැබැයි පුතෝ පෙන්නන්න එපා රෝසවෙලා එන තේකොල බිමට වැටෙනවා කියලා. ඉස්සර අහපු අර රත්තරන් කොව වල හකුරු හැදුව කතාව මතකනේ.