බම්බලපිටියෙ දුම්රිය පිළිපැනීමේදී තුවාල ලැබූ අට දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව ජාතික රෝහල් අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා කියයි. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොමැති බවට අධ්‍යක්ෂවරයා පවසයි. තුවාලකරුවන්ගේ ප්‍රමාණය තවත් වැඩි විය හැකි බව පොලිසිය කියයි. දුම්රිය බම්බලපිටිය දුම්රිය ස්ථානයට ළඟාවනවාත් සමග පිටුපස මැදිරියක රෝදයක් ගැලවී මුහුද දෙසට විසි වූ බවත් ඒ සමගම පිටුපස මැදිරි දෙක දුම්රිය වේදිකාවේ වැදී නතර වූ බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කියති. අනෙක් පැත්ත ඇලවූයේ නම් අනතුර මීට වඩා දරුණු විය හැකි බව දුම්රිය මගීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා සුපිරි පාරවල් හදන රටේ තාමත් දුම්රිය එක තැනම තමයි (නදී)
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්න ඉංජිනේරුවෝ කියන මේවාට වග කිවයුතු ලොකු පඩි ගන්න අය මේගැන මොකද? කියන්නේ ? දුම්රිය දෙපාර්තමේන්තුව වසාදමා අසරණ ජිවිත රැකගෙන නැවත පරණ අස්වකරත්ත යුගයට යමුද?... අහෝ අපේ ආශ්චර්යය ,.... නැවත දුම්රිය අනතුරු අසන්නට නොලැබේවා !.......... (දී)
රේල් පාරේ පීලී සිල්පර කොට ඉවත් කරලා ඔය තිබෙන ගල් උඩින් තාර දාල මහා මාර්ග බවට පත්කරන්න බැරිද? එක දුම්රියක් විතරක් කටු ගෙයි තියන්න (නි)
මීට වසර 40-50 පෙර අප කුඩා කාලයේ සමාජයේ පැවති විශ්වාසයන් අතර දුම්රිය කවදාවත් කැඩෙන්නේ නැහැකියන විශ්වාසය තිබුනා. වසර ගණනකට වරක් සිදුවන පීලි පැනීමක්, ඉතිහාසයටම සිදුවූ බරපතල අනතුරු කීපයක් හැර දුම්රිය වෙලාවට ධාවනය වුණා. දැන් දැන් අනතුරක් නොවී දුම්රිය වෙලාවට ධාවනය වුණා කියන එක ප්‍රවෘත්තියක් වෙන තරමට දුර්ලභ දෙයක් වෙලා. (නි)