පාදයක බරපතල තුවාලයක් සහිත ඇත් පැටවකු අතුරුගිරිය ඔරුවල වානේ සංස්ථා ක්‍රිඩාංගණයේදී විදේශිකයන් වෙනුවෙන් පෞද්ගලික සංවිධානයක් විසින් සංවිධානය කර තිබු අලි පෝලෝ තරගයක යොදවා සිටියදී බස්නාහිර කලාප වනජීවී දෙපාර්තුමේන්තුවේ වැටලීම් ඒකකයේ නිලධාරීන් භාරයට ගැනිණි.
අලියාට බලපත්‍රයක් ඉදිරිපත් කිරීමට අයිතිකරු ලෙස පෙනී සිටි අලි රොෂාන් අසමත්වූ බව වනජීවී නිලධරයෝ කියති.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අලි පැටවා නඩු කටයුතු නිමවෙන තෙක් පින්නවල අලි අනාථාගාරයට භාර දෙන ලෙස නියොගයක් ලබා දුන්නේය.
පින්නවල අලි අනාතාගාරයට එම අලි පැටියාව භාර දුන් බව වනඡිවී දෙපාර්තුමේනුතුවේ බස්නාහිර කලාප සහකාර අධ්‍යක්ෂක ඩබ්ලිවු.ඒ.ඩී.ඉන්ද්‍රජිත් මහතා පැවැසිය.
අලි පැටවා භාර දුන් අවස්ථාවේදී එහි පශු වෛද්‍ය වරුන් අලි පැටියා නිරික්ෂණය කර පැවසුයේ අලි පැටවාගේ ඉදිරි පස දකුණු කකුල් පතුලේ ගැඹුරු තුවාලයක් හා ඉදිරිපස වම් පාදය අසාමාන්‍ය ලෙස ඉදිමී ඇති බවත්ය. අලි පැටවා වන ජීවි භාරයට ගන්නා අවස්ථාවේදීද මෙම අලි පැටවාගේ තුවාලය හා කකුලේ අසාමාන්‍ය ඉදිමුම දුටු බවත් එසේ සිටියදී පෝලෝ ක්‍රීඩාවේ යොදවා ඇති බවත් වනජීවී දෙපාර්තුමේන්තුවේ පශු වෛද්‍ය සමන් ජයවර්ධන මහතා පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තුවාල අලි පැටියා පෝලෝ ගහන්න ගෙනත්
සහන් Wednesday, 08 April 2015 03:22 PM
මේවා සහ ගහන අපරාධ...(බ)
අහිංසා Thursday, 09 April 2015 03:35 AM
මේ අසරණ සතුන්ව දෙමාපියන්ගෙන් වෙන්කරලා මොන වදයක්ද දෙන්නේ. මේවා සහගහන දේවල් (නි)