රංජන් කස්තුරි
මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය සම්පුර්ණ කළ තවත් සිසුන් 80 දෙනෙකු ලියාපදිංචිය ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අයදුම්පත් ඉදිරිපත් කර තිබේ.
වෛද්‍ය උපාධිය සම්පුර්ණ කළ සිසුවියකට ලියාපදිංචිය ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදී තිබෙන නියෝගයට අනුව යමින් අනෙක් සිසුන් 80 දෙනා ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ලියාපදිංචිය ඉල්ලා තිබේ.
සයිටම් වෛද්‍ය උපාධිය සම්පුර්ණ කළ එක සිසුවියකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ලියාපදිංචිය ලබාදෙන්නේ නම් එම උපාධියම සම්පුර්ණ කර සිටින අනෙක් සිසුන් 80 දෙනාට ද ලියාපදිංචිය අනිවාර්යෙන්ම ලබාදිය යුතු යැයි මාලබේ සයිටම් සිසුහු ප්‍රකාශ කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කවුරුවත් විරුද්ධ වෙන්නේ නෑ, හැමෝටම දේවි