(ඉන්දිකා රාමනායක)

සයිටම් විරෝධී  පාමනකින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී   පැය තුකට ආසන්න කාලයක් පුරා ඒ තුළ රැදී සිටිමින් දේපළ වලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති  සියඹලාණ්ඩුව පොලිසිය විසින්  අද (25) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 මෙම සිසුවා සම්බන්ධයෙන් ලැබුණ තොරතුරක් මත ඔහු නිවසක සැඟව  සිටියදී පොලිස් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.
 
රාජයේ දේපළ වලට හානි සිදුකිරීම,  නීති වීරෝධී රැස්වීමක සාමාජිකයෙක් වශයෙන්  සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදීම හා පොලිස් රාජකාරියට බාධා කිරීම යන කරුණු යටතේ මොහු  හෙට (26) මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.