කඩු පහරකින් සම්පූර්ණයෙන් වෙන්වූ තරුණයකුගේ (23) අතක් පැය 11ක සැත්කමකින් පසු සාර්ථකව බද්ධ කිරීමට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු පිරිසක් සමත් සමත්වූහ.
ඉකුත් 16 දින හලාවත රෝහලට ඇතුලත් කරනු ලැබූ රෝගියා රාත්‍රී 8.30 පමණ ජාතික රෝහලට ඇතුලත් කරනු ලැබ ඇත. රාත්‍රී ආරම්භ කළ ශල්‍යකර්මය අවසන් වී ඇත්තේ පසුදින උදෑසනය.
කෙටි කාලයක් ඇතුළත වෙන්වූ අත් බද්ධ කිරීමේ හතර වැනි සාර්ථක සැත්කම මෙයයි.
විශේෂඥ ශල්‍ය වෛද්‍ය දුෂාන් බෙනරගම මහතාගේ අධීක්ෂණයෙන් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය හා ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරීන් වන අමිල සිරිවර්ධන හා නිර්මාල් මාරසිංහ යන වෛද්‍යවරු සැත්කම සිදුකළහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධාතුසේන නෙමෙයි ...බුද්ධදාස රජතුමා නේද ?
කතාව ඇත්ත ...පිටරටක කළා නම් මිලියන ගණනක් ගෙවන්න වෙනවා ....නොමිලේ වෛද්‍ය සේවාව අපිට අගයක් නැහැ ..
දොස්තර මහතුන්ට නම් බුදුසරණයි නමුත් මෙවෙනි අපරාද කරන්නන්ට නීතිය ක්‍රියාත්මක කරන්න
සුජිත් නිශාන්තට ආචාර්ය කියලා කියන්න මට නම් ලැජ්ජයි. ඹය වගේ අයට කියන්නේ උගත් මෝඩයෝ කියලා. මේ වගේ දේවල් සුලුවෙන් හිතන්න එපා. මේ දෙවිවරු වගේ අයට ගරු කරන්න පුරුදු වෙන්න. මම ලංකාවෙ හිටියා නම් මම කපනවා ඔහේගේ අත සුලුද කියලා බලන්න. ලෝකෙ දියුනු බව අපි හොදින් දන්නවා. ඒත් තමාගෙ මොළේ දියුනු කරගත්තා නම් හොදයි නේද ? තෙරුවන් සරනයි !!!
දොස්තර දෑතට දෙවි පිහිටයි..!! රෝහියගේ අතට ඉක්මන් සුව ..!!
හොඳ දේ අගය කරන්න පුරුදු වෙන්න...
දොස්තරලගේ සේවය නම් අතිවිශිෂ්ටයි . ඔපරෂන් ඒකට අදාල උපකරණ ඉන්ජෙනේරුවන් , තිරය පිටුපස සිට කල සේවාව උතුම් .
ජීවක තුමන්ලාට දිගාසිරි!!
දොස්තර මහත්තුරු මුදලාලිලා වෙමින් යන මේ කාලේ මෙන්න නියම දොස්තර දෙවිවරු.ඔවුන්ට දේවාසිරි ලැබේවා.
මේක පුද්ගලික රෝහලක කරන්න ගියා නම් ලක්ෂ ගාණක් වැය වෙනවා. ඒත් අපරාධකාරයන්ගේ නම් අත පය බද්ධ කරන්න ඕනෙ නැහැ.
නියමයි
දොස්තරලගේ සේවය ඉහලයි. නමුත් ඉදල හිටලා දොස්තරල කොන්දොස්තරල වෙනවනේ....
කොල්ලනේ දැන්වත් කඩු සටන් නවත්වන්න....
ඔබලා මිහිපිට ඇති දෙවියන්ය....
සමහරුන්ට ඇත්ත ඇති සැටියෙන් දැකීමට නොහැකිවීම පිළිබඳව අපගේ බලවත් සෝකය සහ කණගාටුව...
කියලා වැඩක් නැහැ.මගේ සතුට දෝරේ ගියා අපේ දොස්තර කොලු පැටියන්ගේ දස්කම් දැකලා.
මීට වැඩිය දෙවිවරු කොහේද ඇත්තේ....
දොස්තරමහතුන් කර ඇත්තේ මහඟු සේවයකි. නමුත් මෙවැනි අපරාද කරුවන් වෙනුවෙන් ශ්‍රමය සහ මහජන ධනය වියදම් නොකර අසරණයින්ට පිහිට වියහැකිනම් ඉතා අගනේය
මේ අය මේ සැත්කම නොමිලේ කළේ රජයෙන් දුන් පහසුකම් නිසයි.එනිසා අපි දොස්තරලාට මෙන්ම රජයටද ස්තූති කළ යුතුයි.
දොස්තර මහතුන්ගේ වැඩ අති උතුම් ඒත් ජනතා මුදල් වැයවෙන්නෙ වැඩි හරියක්ම අපරාධකාරයො චන්ඩි වෙනුවෙන්, ඒක නිසා ගහ මරාගන්න ගිහින් වෙච්ච අනතුරක් නම් මුදල් අය කල යුතුයි
@ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ: ඔබතුමාත් දැන් කඩේ යනවා වගේ. ඔබතුමාට සුළු දෙයක් උනාට අපිටනම් මෙවැනි දේවල් වටිනවා. අසනීපයක් වෙලා අතක් පයක් කපන එක වෙනස් දෙයක්. නමුත් මෙහෙම අපරාදයක් උන වෙලාවක, අතක් අයිත් සවි කරනවා කියන්නේ ඉතා වටිනා දෙයක්. අනිත් එක මෙවැනි අවස්ථාවක මීට එරෙහි සාධක කොච්චර තියෙනවද? එවැනි දේ පරාජය කරගෙන කල මෙවැනි ක්‍රියා අඩු තක්සේරුකරන්න එපා. ලෝකයේ වෛද්‍ය විද්‍යාවේ දියුණුව ගැන අපිත් තරමක් දන්නවා, නමුත් අපි වැනි අඩු පහසුකම් තියෙන රටක මෙවැනි ශල්‍යකර්මයක් හොඳින් කිරීම විශිෂ්ටය්. කණගාටුවියයුතු එකම දෙයනම් මෙවැනි අවයව කපන අපරාද එන්න එන්නම අපේ රටේ වැඩි වීමය්
කවුද මේ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ ? තරමක ඉර්සියවක් පේනවා. අපිට නම් මේක ලොකුදෙයක්. මෙම වෛද්‍යවරු ඉතා විශිෂ්ටය්
අපේ ජීවමාන දවිවරු .අපේ ආචාර්ය තුමා ආවොත් ගම කලා තමයි යන්නේ ...
මේ ආචර තුමාට මේක සුළු දෙයක්ලු හලාවතින් කට්ටියක් එවන්නද ?
අතිවිශිෂ්ටයි..
දොස්තර වරුනි ස්තුත්යි
ආචාර්යතුමෝ ඔන්න බලලෙක් පැනල එලියට ....!
මේ කාලේ අත් වලට අපලයි වගේ
ගරු වෛද්‍යවරු ඇතුළු සැමගේ සේවය ඉතා විශිෂ්ටයී සැමටම පින් ඒ වගේම මේ සදහා වැයවුණ මුදල අපරාධය කල අයගෙන් අයකරගැනීමට කටයුතු කිරීම මෙවැනි අපරාධ අඩුවීමට හේතුවේ
දැන් මේ අත කපාගැනීම නිකම් විහිළුවක් වෙලා වගේ. දක්ෂ දොස්තරවරුන් නවීන වෛද්‍ය ක්‍රම තිබෙන නිසාම මෙහෙම කපා කොටා ගන්නවද ? නැතිනම් දොස්තරවරුන්ගේ දක්ෂකම් බලන්න මේ මෝඩ අය අත් කපා ගන්නවද ?
බුදුසරණයි අපේ දොස්තර මහතුන්ට
අද ලෝකයේ තිබෙන ප්ලාස්ටික් ශල්‍යකර්ම විද්‍යාවේ දියුණුව අනුව මෙම බද්ධ කිරීම එතරම් විශාල ශල්‍ය කර්මයක් ලෙස සැලකිය නොහැක. මෙය ලෝකය ගැන නොදන්නා බොහොමයක් අපේ ජනයාට මහා දෙයක් වුනාට සත්‍ය වශයෙන්ම සුළු ශල්‍ය කර්මයක් පමණි. අපේ ගරු රජය මෙම අවස්ථාවේදී මේ සඳහා අවශ්‍ය සියලු දේ සම්පාදනය කර දීම විශ්මිතය. සෞඛ්‍ය පිලිබඳ ගරු අමාත්‍ය උතුමාගේ ප්‍රඥාවන්තකම නිසා මෙම සියලු අංශ ඉතා සාර්ථක අයුරින් ජනතා සේවයට කැප කර තිබෙන නිසා, වෛද්‍ය වරුන්ට මෙම ස්වර්ණමය අවස්ථාවෙන් තමන්ගේ දක්ෂතාවයන් පෙන්නුම් කිරීමට ලබාදී ඇති අවකාශය වෙනුවෙන් අපගේ ගරු සෞඛ්‍ය අමාත්‍ය රත්නයට ණයගැති විය යුතුය. තෙරුවන් සරණයි!!!
සැබෑ දෙවිවරු ..................
මේවා දැක්කහම අපේ කට්ටිය හිතාවිද දන්නේ නැහැ ....අතක් කපල දාන එක අවුලක් නැහැ කියල පොඩ්ඩක් තරහ ගිය ගමන්
මේ සුජිත් හේවගේ කියන ආචාරියාට මේ වැඩේ සුළු දෙයක් වගේ පෙනුනට අවම පහසුකම් තියෙන අපේ රෝහල් වල මේ වගේ විශ්මිත සැත්කම් කරන්නේ වෛද්‍ය වරුන්ගේ තියෙන දක්ෂකම නිසාම කියල අපි හැමෝම දන්නවා. හේවගේ ආචාරයයා කඩේ යන විදියෙන්ම පේනවා මේ අචර්යයත් අර කැලැණියේ අචර්යයත් එකම ජාතියේම ආචාර්යයන් කියලා. හොඳ දේ හොඳයි කියලා අඳුරන්නේ නැති ආචාරි පට්ටම හොඳයි සත්තුන්න්ට කන්න දාන්න
නියමයි.ලංකාවේ කරපු නිසා නොමිලේ කළා.පිටරටක කළා නම් මිලියන දෙකක් විතර ගන්නවා.
අපේ දොස්තරලාගේ තවත් විශ්මිත වැඩක්.රටටම ආඩම්බරයක්.
දැන් මේක සමහර මිනිස්සු පුරුද්දකට අරන් වගේ. ඔය අතපය කපන මිනිස්සුන්ගේ අතපය මුලින්ම කපාදමන්න තියන්නේ. මේ වෙදදුරන්ගෙන්, නිරපරාද රෝගීන්ට පිහිටවෙන්න තියන රත්තරන් වටින කාලය තමයි මේ අපරාධ කාරයෝ නිසා රටට නැතිවෙලා යන්නේ?
විවිධ පුවතක් - ආකර්ෂනීයයි පොදු සේවාව
නියමයි විශිෂ්ටයි ?
මෙන්න මානව දයාවෙන් කරනලද විශ්මිත පුණ්‍යකර්මයක්, මෙයට මුල්වූ සියල්ලන්ටම ස්තුතියි. ඔබ වන්නන් ලක් මවට ආඩම්බරයක්.
ආචාර්ය තුමා ඇත්ත ඇති සැටියෙන් දැකීම තමයි හොඳ.උගත්කම හා බුද්ධිමත් කමේ ශක්තිය විදහා පැමක් තමයි දොස්තර මහතුන් ඇතුලු කංඩායම සිදු කරලා තියෙන්නෙ.කිසි සෙත්ම එය අඩු තක්සේරු කරන්න පුලුවන් දෙයක් නම් නොවෙයි.අදාල පහසුකම් සැපයීම හා ඊට අදාල පසුබිම සකස් කිරීම ගැනත් රජයට ස්තුති කරන්න ඕන තමයි.අපේ රටේ මිනිස්සුන්ගෙ දක්ෂතාවයන් හැල්ලුවට ලක් කිරීම නම් කිසිවිටකත් නොකල යුතු දෙයක්.
අර දොස්තරලා දෙන්නාගෙන් ක්ෂේත්‍රයට වුණු කැළැල මෙවැනි විශ්මිත සැත්කමක් වත් කරලා ඉවත් කරන්න පුලුවන්නම්....
ඔයපාර බය නැතුවම අත පය කපල දායිද දන්නේ නැ
2600 සැමරුවට මොකද අපි තවමත් බාබේරියන්ලා
කෙටි කාලයක් ඇතුලත් අත් 04 කපාගත් ගත්තේය
මේ වගේ දොස්තරලා ධාතුසේන රජු හා සමාන කල යුතුයි අනිවාර්යෙන්ම
මේ හලාවත කට්ටියට කපා ගන්නවා ඇරෙන්න වෙන වැඩක් ඇත්තේම නැද්ද?
මෙන්න දෙවිවරු
සුජිත් ආචාරියතුමෝ, අර ඔයාගේ කොළඹ මහ රෝහලේ වැඩ කරන දොස්තර නංගි එහෙම සනීපෙන්ද?
කැපුණු අත නැවත බද්ධකිරීම ගැන සතුටුයි. අපේ වෛද්‍ය වෘත්තිකයන්ගේ දැනුම, හැකියාව, තාක්ෂණය ඉතා උසස් බව තමයි ඒකෙන් පේන්නෙ. ඒත් මෙහෙම නිතර අත් කැපෙන එකෙන් පේන්නෙ රටේ දරුණු ගණයේ අපරාධ වැඩි වෙන බව තමයි. අතක් පයක් කැපිලා වෙන් උනත් දැන් බද්ධ කරන්න පුලුවන් දොස්තරලා ඉන්නවා කියලා මේ මීහරක් තව තවත් කපා කොටා ගනීද දන්නේ නැහැ.
ඔබ සැමට තෙරුවන් සරණයි
මේවා හොඳ වැඩ , ඒ උනාට මෙච්චර අත පය කපපු මිනිස්සු ඉස්පිරිතාලේ එන්නේ මොකද ? ඇත නිකම්ම කැපිලද?
වෙන් වූ අවයව බද්ද කරන නිසාද මෙවෙනි සිදු වීම වැඩි වෙන්නේ