වයිෆයි කලාප (187) සියලුම දිස්ත්‍රික්ක තුළ සක්‍රිය කරගෙන යන බව ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනයේ වැඩසටහන් කළමණාකාර ගවස්කාර් සුබ්‍රමනියම් මහතා පැවසිය.
ඊට අමතරව තවත් වයිෆයි කලාප 1300ක් සක්‍රිය කිරිමට ශඛ්‍යතා අධ්‍යයන සිදුකරගෙන යන බවත් ගවස්කාර් මහතා සඳහන් කළේය. මේ වන විට වයිෆයි කලාප එකසිය දහතුනක් රටතුළ ක්‍රියාත්මක වෙයි.
පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාල සහ මඩකලපුව රෝහල් පරිශ්‍රය තුළ නොබෝදා වයිෆයි කලාප සක්‍රිය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාලය අපි යොදාගන්න ඕනෑ හොඳ දේවල් වලට. (නි)
කොහොමද මේ වයි ෆයි ෆෝන් එකට ලබාගන්න හැටි දන්නා කෙනෙක් විස්තර කරන්න. (ර)
දැන් ඉතින් හැමතැනම වයිෆයි. ලෝකයේ වැඩියෙන්ම කුණුහරුප බලන ගූගල් දර්ශකයේ ඉහලම සිටි අප ලබන සැරේ වැඩිම කුණුහරුප අන්තර්ජාලයට දැමු රට වෙනවා වෙනවාමයි. (ම)
පුලාරා, ඔයා කාලේ කන්න අන්තර්ජාලය පාවිච්චි කරාට හැමෝම එහෙම නෑ. දුම්රිය ස්ථානයේදී ඊලග දුම්රිය එන වෙලාව, හදිසි දුරකථන අංක වගේ දේවල් වුනත් ෆ්‍රී වයි ෆයි මගින් දැනගන්න පුළුවන්. (ර)
දුම්රිය කාලසටහන නිවැරදිම එකද කියල බලන්න වෙනවා. කොහොම උනත් වයිෆයි තියෙන එක හොදයි. (ර)
අන්තර්ජාලයෙන් මොනතරම් දෙයක් ඉගෙනගන්න පුලුවන්ද.? (ර)
මෙගාබයිට් 100 ක් කියන්නේ අද වටිනාකම රුපියල් 25ක් විතර වෙන්නේ. මාසෙටම 100 යි. බලන්න විසිපහ තිහෙන් බෙදලා. හිගන්නෙකුට දුන්නොත් මුනට දමල ගහයි. මේවා හොදයි වයි ෆයි දැකල නැති අන්තර්ජාලය ගැන දන්නේ නැති අයට. නිකන් අර පොඩි එව්වෝ රවට්ටන්න සිනි බොලේ බොලේ දෙනවා වගේ. මටනම් මාසෙට දෙන ඔය ඔය 100 කියන්නේ කැළණි ගගේ මෝය කටෙන් පොල් කෙන්දක් ගියා වගේ තමයි. (ර)
ඉසුරන්දිට රුපියල් 25ක් ඕනනම් කියන්න.පාවිච්චි කරන්නේ විසි තිස් දාහේ ස්මාට් ෆෝන්. ලැජ්ජයි මේ මාසෙකට දෙන මෙගා බයිට් 100 ට මහන්සිවෙනවට වඩා ලාභයි දවස ගානේ රුපියල ගානේ ඉතුරු කරගෙන මාසේ අන්තිමට රීලෝඩ් එකක් දාගන්න එක ඉසුරන්දී......මේ අධිවේගී 4ජී තාක්ෂණයේදී මෙගාබයිට් 100 කින් ලංකාදිපෙට කොමෙන්ට්ස් එකක්වත් දාන්න බැහැ..හැරෙන කොට 100 ඉවරයි..මේ බොරු වැඩ වලට වඩා නරකද අන්තර්ජාල ගාස්තු අඩු කළානම් ටිකක්. (බ)
අපිට නම් මෙගා බයිට්ස් 100 හොදටම ඇති (නදී)