(අංජුල මහික වීරරත්න)
තාක්ෂණික සේවාස්ථ පුහුණු ලාභීන් (TITP) ලෙස ජපානය බලා යාමට නියමිත ශ්‍රී ලාංකික තරුණ තරුණියෝ 16 දෙනෙක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේදී ගුවන් ටිකට්පත් ලැබූහ.
එම පිරිසට සාත්තු සේවා පුහුණුලාභී තරුණියෝ 4 දෙනෙක්, නිෂ්පාදන රැකියා සඳහා 4 දෙනෙක් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණුලාභී තරුණියෝ 8 දෙනෙක් සිටිති.
ජපානයේ පිහිටි IM ජපන් ආයතනය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලාංකිකයින් තාක්ෂණික සේවාස්ථ පුහුණු ලාභීන් වශයෙන් ජපානය වෙත යොමුකරන අතර, මේ වන විට පුහුණු ලාභීන් 589 ක පිරිසක් ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යොමුකර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
ජපානයට යාමට සූදානමින් තවත් 100කට අධික පිරිසක් පෙර විගමණික පුහුණුව ලබමින් සිටින බවද කාර්යාංශය පවසයි.
ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ, අතිරේක සාමාන්‍යාධිකාරි (ජාත්‍යන්තර කටයුතු) පී.ජී.ජී.එස් යාපා, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (බඳවාගැනීම්) සුසිල් කුමාරපේලි මහත්වරු සහ IM Japan ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලයේ නියෝජිතයෝ ද එක්ව සිටියහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
තවත් ලාංකිකයෝ 16කට ජපන් රැකියා දොර
Nihal Dharmatileke Thursday, 26 June 2025 06:06 PM
හදපතුලෙන් සුබ පතනවා. නැවත ඔබේ පිටත් වුණු ලිපිනයට එන්නේ...