විල්ගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයන්ත වීරසේකර මහතා ගමන් කළ කැබ් රිය ඉරිදා (05) රාත්‍රියේදී ගිරාදුරුකෝට්ට හෙබරවදී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී සිදු වු අනතුරින් කැබ් රියෙහි පිටුපස සිටි පුද්ගලයකු මිය ගොස් තවත් හතර දෙනෙක් මහියංගනය රෝහලට ඇතුළු කැර ඇතැයි මහියංගනය පොලීසිය කියයි.
බසයක් නොමැතිව නිවෙස් බලා යෑමට හසලක බස් නැවතුමේ සිටි පිරිසක් සභාපති කැබ් රියෙහි නංවාගෙන ඇති අතර අනතුරින් මිය ගොස් ඇත්තේ ඉන් එක් පුද්ගලයෙකි.
සභාපති හෙට්ට්පොළ රෝහලේ ප්‍රතිකාර ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණය කියන දේ කියා කියා එන්නේ නැහැ.කොයි වෙලේ කොයි මොහොතකද කියල කවුද දන්නේ ? (නදී)
ජීවිතය තණ අග දිය බිඳු වැනිය (නදී)