සර් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලය වේරහැර ඉදිකෙරෙන ශික්ෂණ රෝහල කරදියාන කුණු කන්දෙන් මීටර් පන්සියක පමණ දුරින් පිහිටන අතර රුපියල් මිලියන 2600 වියදමින් ඉදි කෙරෙන එහි ශල්‍යාගාර, පිළිකා ඒකක, දැඩිසත්කාර ඒකක සහ අතිනවීන පහසුකම් ද වේ.
හඳුනා නොගත් විස බීජ ද පාරිසරික ගැටලු රැසක් ද ඇතිකරන බව කියන අක්කර 37 පුරා පැතිරුණු කුණු කන්ද එතැනින් ඉවත් කළ යුතු බව ප්‍රදේශවාසීහු කියති.
මීතොට මුල්ලේ නායගිය කුණු කන්ද අධිකරණ අවසරයෙන් කරදියානට දින හතකදී රැගෙන ඒම සහ වැසි සහිත කාලගුණික තත්වය සමග කරදියාන කුණු කන්දේ දුඟඳ කිහිප ගුණයකින් ඉහළ යාම සිය නිවෙස්වල මැසිමදුරැ උවදුරද වැඩි වීමට හේතුව ඇතැයි ඔවුහු පවසති.
වේරහැර ගංගාරාම විහාරයට පසුගියදා ඒකරාශිවූ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මේ හේතුවෙන් ඇති වී ඇති ගැටලු සාකච්ඡා කළහ. කරදියාන කුණු කන්ද නිසා සිය දරුවන්ගේ ජීවිත අනතුරේ වැටී ඇති බව අසල්වැසි කාන්තාවක් කීවාය.
පලාත් පාළන ආයතන නවයකින් පමණ කරදියානට කසල බැහැර කෙරෙන බව සඳහන් කරන ප්‍රදේශවාසීහු කසළ අංඟනය අසලින් ගලා බසින බොල්ගොඩ ජලාශයද අධීක ලෙස දුෂණය වීම නිසා දුර්ලබ මත්ස්‍ය වර්ග විසිතුනක් වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇතැයි ද කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ සංවර්ධන කටයුතු සිදුවෙන්නේ ඊළඟ ඡන්දයේ ජයග්‍රහණය ලබාගැනීම හෝ ඉහළම කොමිස් කුට්ටිය ලබාගැනීමේ හැකියාව වෙනුවෙන් මිසක් රටේ දීර්ඝකාලීන යහපත වෙනුවෙන් නොවෙයි. මේ කුණු ප්‍රශ්නය එක රැයකින් ඇතිවුණ දෙයක් නොවෙයිනේ. මේ වතාවේදීවත් මේකට ස්ථිරසාර පිළියමක් යෙදුවොත් හොඳයි (නි)
රටේ ගොඩ ගැසෙන කුණු ටික සාර්ථකව කළමනාකරණය කරගැනීමට නොහැකි පාලකයන්ගෙන් රටේ ජනතාවට ඊටවැඩි යමක් බලාපොරොත්තු වන්නට හැකිද...? අයාලේ යන රටක්. ඊටවැඩි යමක් ලියා මගේ වටිනා කාලය නාස්ති කරගන්නට මම කැමති නැහැ. අපි හැම අසරණවෙලා. නැහැ. අපිව බොරුවෙන් අසරණ කරලා. (නි)
තව දෙයක්. නැවතත් පටන්ගන්න යන පෝර්ට්සිටි නම් ව්‍යාපෘතිය අවසානයේදී එහි ගොඩගැසෙන කුණු වලට මොකද කරන්නේ කියලා අපේ රටේ දේශපාලුවන් තවමත් කල්පනා කරනවාද? අනේ මන්දා (නි)
මිනිස්සු අමාරුවේ වැටුනට මේ ආණ්ඩුවට නම් ගණනක්වත් නැහැ. මේ අයට කිසිම ප්‍රශ්නයකට නිසි විසඳුමක් නැහැ වගෙයි. රටේ අවාසනාව. (නි)
හිටපු ජනාධිපතිතුමා වටේ හිටිය සමහර මිනිසුන් නොවේනම් එතුමා අදටත් ඉන්නවා. මේ ප්‍රශ්න වලට කොහොම හෝ පිළියම්ද ලැබෙන්න තිබුනා. අහෝ මගේ රටට ගිය කලක්! වැට් බදු අහස උසට. ජීවන වියදම විශ්වයට යනවා වගේ ඉහළට. දේශපාලකයෝ සුරඟන කතා කියමින් රට වටේ යනවා. අපි තවමත් මෝඩයෝ නේද? (නි)
දියවන්නාවේ ඇති කුණුගොඩ සුද්ද වනතුරු ඔය කුණු ගොඩවල් සුද්ද කරන්න බැහැ. (නි)
ඉදිකරන මේ රෝහලෙන් ඇති වැඩක් නෑ.(හේ)
විජිත් මහතාගේ කියමනට මමද ආචාර කරමි (නි)
මේවාට විසඳුමක් පිටරටක් සමඟ එකතු වී හෝ සෙවිය යුතුයි. (නි)
කසළ යනු අපි නොදැනුවත්වම අපතේ යවන මුදල් බව අපි හැමවිටම මතක තබාගත යුතුය. එබවින් හැකි පමණ අපගේ එදිනෙද ජීවිතේදී භාවිතා කරන ද්‍රව්‍ය හැකිපමණ නැවත නැවත අපතේයාම වැළැක්විය යුතුය. එවිට නිවෙස්වල කුණු ගොඩවල් ඉබේම අඩුවේ. එමෙන්ම රාජ්‍ය මටට්මේදී කසළ කළමනාකරණය පිළිබඳව නිසි ක්‍රමවේද යොදාගත යුතුවෙනවා. (නි)
එකම විසඳුම ජනතාවාදී ආණ්ඩුවක්! (නි)
අපේ රටේ පාලකයන්ට ඕවා බිරි අලින්ට විනා වයනව වගෙයි.ඒ අය යන්නේ විදුරු කලු කරපු සෑප වාහන වල නිසා ඒ අයට ඕවා පේන්නේ වත් ගද දැනෙන්නේ වත් නැහැ .(හේ)
මම මේ කුණු ප්‍රශ්නය ගැන ඉතාම හොඳ අධ්‍යයනයක් කළා කලකට පෙර. මේ කුණු ප්‍රශ්නයට ප්‍රධානම හේතුව තමයි නුගත් දේශපාලකයන්ගේ ආත්මාර්ථකාමී දේශපාලනය. දැනට ලංකාවෙන් බිහිවුණ කුණු අපද්‍රව්‍යය ප්‍රතිචක්‍රීකරණය ගැන ඉහළම සුදුසුකම් ඇති (ඇය ජර්මනියේ විශ්ව විද්‍යාලයකින් අදාළ විෂයට ආචාර්ය උපාධිය ලැබුවා ) ආචාර්ය අජන්තා පෙරේරා මහත්මියගේ උපදෙස් ක්‍රියාවට නැංවුවා නම් අද ලංකාවේ කුණු කඳු නැහැ. එසේම මගේ මතයේ හැටියට අපේ රටට පාරිසරික වශයෙන් මහත්වූ විනාශයක් ගෙනදේවි පෝර්ට් සිටි ව්‍යාපෘතිය අවසන්කළ පසුත් (නි)
එක මහා ඇමති කෙනෙක් කුණු කඳු බල බලා සුරඟන කතා කිව්වා මතකයි. මේ කුණු වලින් කොයිතරම් ප්‍රයෝජන ගන්න පුලුවන්ද කියමින් හිටියා. කෝ අද වෙනකම් කරපු දෙයක් නැහැනේ. අපේ බදු මුදලින් සුර සැප විඳිනවා පමණි (නි)