මධ්‍යම කදුකරයේ නාය යෑමට ලක් වන ස්ථානයන්හි පදිංචි වැසියන් සුදුසු තැන්හි
කඩිනමින් පදිංචි කැර වීමේ අවශ්‍යතාවය ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතාට කොස්ලන්දේ මීරියබැද්දේදී අවධාරණය කළ බව ජනතා විමුක්ති පෙරමුනේ ඌව පළාත් මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා කියයි.
2005 දී 2011 දී නාය යෑමේ තර්ජන වලට ලක් වූ කඳරට වතුකරයේ වැසියන්ගේ අල්ප ආදායම සැලකිල්ලට ගෙන ක්‍රියාකිරීම නිලධරයන්ගේ වගකීම විය යුතු බව මන්ත්‍රි වරයා පවසයි.
රුපියල් 480 ක වැටුපක් ලබන අසරණයකුට ඉඩමක් පෙන්වූ පමණින් හිටි තැනින් ඉවත් විය නොහැකි බව ඔහු කියයි.
මීරයබැද්දේ සිද්ධියෙන් පාඩමක් ඉගෙන එවැනි මිනිසුන්ගේ ජීවිත අනතුරට නොහෙලා ක්‍රියා කිරීම හැමදෙනාගේම වගිකීම බවද ඔහු සදහන් කරයි.
මීරයබැද්දේ සිද්ධිය සැළවු වහාම එහි ගිය පළාත් මන්ත්‍රිවරයා ආපදා ඇමතිද සමග මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය. මිය ගිය වැසියන් සොයා දීම නෑදෑ හිතවතුන්ට බලවත් අස්වැසිල්ලක් වූවත් පස්කන්දේ ස්භාවය අනුව එය ලේසි පාසුවෙන් කළ නොහැකි දෙයක් බවද ඔවුහු කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලසා, ඔබගේ අදහස 100 ට 200 ක් හරි (නි)
අපි මැරිලා ඉපදිලා නැහැ. 88/89 කාලයේ එක දවසක් බොරලැස්ගමුවේ පාරෙන් අපි පානදුරේ මළගෙදරක ගියා. පාරේ තිබුන ටයර් සෑයක් දැකපු මට සුමාන දෙකක් බයටම පාසල් යන්න බැරි වුණා. දැන් ඉන්න තරුණ උදවිය ඕවා දන්නේ නැහැ. (නි)
මේ ඛේදවාචකයෙන් 400 යි. 88/89 ඛේදවාචකයේ 60,000 යි. ඒ ඛේදවාචකය නම් සිදුවන්න ඉඩ නොදීම බලධරයන්ගේ වගකීමයි (නදී)
ගොඩක් අය ප්‍රතිචාර ලියන්නේ පුදුම මානසික තත්වයකින්. කිසිම හැඟීමක් නැතුව. මම මේ අයගෙන් ඉල්ලා සිටින්නේ පොඩ්ඩක් මොළේ කල්පනා කරලා යමක් කියන්න කියලා. (නි)
ලසා මහත්තයෝ, අපි පුද්ගලයින් කවුද කියන්නත් ඔවුන්ගේ පරමාර්ථ මොනවද කියන්නත් දන්නවා.අපි ඔය සූප්පුවෙන් කිරි බොන බබ්බු නෙමෙයි. (නි)
ලසා එක්ක මමත් 100%ක් එකඟයි (නි)
ඔයාලමද මේ කතා කරන්නේ? (නි)
ජේ වී පී අඳ බාලයින්ට සමන්ත වීරයෙක් (නදී)
ජේ.වී.පී කට්ටියගේ ෂෝ 1985 ඉඳලා අපි දැකලා තියෙනවා (නදී)
සඳුනිට මමත් එකඟයි (නි)
මේවා බීරි අලින්ට වීනා වැයීමක් විතරයි ටික දවසකින් අමතක වෙයි (නදී)
පවතින ආණ්ඩුවටම වැරදි කියල වැඩක් නැහැ. කාලයක් පදිංචි වෙලා හිට්‍ි තැන්. නැවතත් අනතුරු සහිත තැන්වල ඉන්න අයව ආරක්‍ෂිත තැන්වල ස්තිරවම පදිංචි කරන්න යෝජනාවක් ගේන්න තියෙන්නේ. (නදී)
ඔව් ඔව් 1988/1989 කාලේ වාගෙ (නදී)
දෙශපාලනඥයකුගේ නියම කාර්යබාරය හොඳින් ඉටු කරන ම්න්ත‍්‍රීවරෙයෙක්. (ර)
මෙතුමාගේ වැඩ කෙසේ වෙතත් කෙකර ගෑම නම් හරිම වැඩියි. අනුන්ට උපදෙස් දෙන්න සහ වැරදි සොයන්න කලින් තමන් මේ හදිසි ආපදා අවස්ථාවේ එතන වැඩක් කරලා පෙන්නන්න ඕන නේද ? එහෙම නැතිව ඔඩිට් ඔෆිසර් ගෙයි කොරනෙල් රාලහාමිගෙයි වැඩේ විතරක් කරල හරි යන්නේ නැහැ. (ර)
මාත් ඔබතුමාට කියන්නමයි හිටියේ 88-89 වගේ ඛේදවාචකයක් ආයෙත් වෙන්න ඉඩ තියන්න එපා. (ර)
සඳුනි, නියම උත්තරේ දීල තියෙන්නෙ 88-89 කරපු ඛේදවාචකය තවම අපට මතකයි. ආයෙත් එවැනි දෑ වෙන්න ඉඩ තියන්න එපා. (ර)
සදුනි, මාලි, ඔයාලා තවමත් එහෙම කළේ ඇයි කියලා හිතුවේ නැහැ නේද? ඉදිරියේදීත් ඒවගේ දේවල් වෙන්න පුළුවන්. රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් කාටවත් මුකුත් කරන්න බැහැ. අද වෙලා තියෙන්නේ මොකද්ද? හිතන්න එහෙම වුණේ ඇයි කියලා (නි)
මාලි, සඳුනි, ජෙහාන්, මේ සමන්ත පලාත් සභා මංත්‍රීතුමා ගැන මිනිසුන් පසුගිය ටිකේ කතා කලේ පාට පක්ෂ භේද නැතිවයි. ඔහුට යම් තරමකට වචනයකින් හරි පරිභව කලේ නම් ඒ දේෂපාලණය ගැන නොදත් බාලයකු පමනයි. සමහරවිට ඔබලාගේ දේශපාලණයේ පරමාදර්ශී චරිත වන්නේ රටේ ආර්ථිකය විනාශ කරන කොමිස් මිලියන් ගනන් ගහ ගන්න, තරබාරු ශරීරයකට උරුමකම් කියන, පුද්ගලයකු වෙන්න පුළුවන්. ඳිළිඳු කමේ හිනි පෙත්තෙම ඉඳලා තම උත්සහයෙන් අනුන්ට බරක් නොවී ජීවිතයක් ගෙවන දේශපාලකයකු අද හොයා ගැනීමටවත් නැති කලෙක, සමන්තගෙ සේවය ප්‍රශංසනීයයි. එය පිළිගන්න මැලි වන්න එපා. (ර)
ලසා, ඔබ වර්තමානය දෙස බලා චරිත සහතික දෙනවා වියහැකියි.නමුත් මම ජේ වී පි යෙ භීෂණයෙන් සියල්ල දවාහළුකිරීමකට ලක්වූ පවුලක අයෙක්.ඒ නිසා මොවුන්ගේ කෙරුවාව ගැන මට ඔබට වඩා බොහෝ අත්දැකීම් තිබෙනවා. (නි)
ජපානයේ සියලුම ප්‍රදේශ අවදානම්, ඒ මිනිසුන් අවදානමට ඔරොත්තු දෙන ලෙස නිවාස හදා තියනවා. අපිත් විකල්ප ක්‍රමයකට පුරුදු වන්න ඕනේ (නදී)
ලසා ඔබ 88/89 කාලයේද උසස් පෙළ කලේ. ? එහෙම නෙවෙයි නම් ඔබට අපි කියන දේවල් වැටහෙන්නේ නැහැ. මම වසර ගණනාවක් ඒ කාලයේ දිගටම සරසවිය වැසීම නිසා එතනටම නාකි වූ කෙනෙක්. ජීවිතය ආපස්සට යන්න නොදී බේරුනේ රැකියාවක් සොයාගෙන. ඒ අතරේ වෘත්තීය විභාග පටන් ගත්ත නිසා මට කිසිම දේශපාලන පරමාදර්ශී චරිතයක් නැහැ. කතාව විතරක් මදි ලසා ඔහු චතුර කතිකයෙක්. හැබැයි කටින් බතල කොළ හිටවලා මදි. ඔය පක්ෂයෙන් පිල් මාරු කල අයගේ දැන් තත්ත්වය ගැන මෙතන මිනිස්සුන්ට කතා කරන්න ඉඩ තියන්න එපා. ඔබට ඔලුව හංගා ගන්න වේවි. (නදී)
ලංකා, ඔබ ඇත්ත අවබෝධ කරගෙන අදහස් දැමීම ගැන සතුටු වෙමි (නි)