නාය යාමේ අවදානමක් ඇතැයි හඳුනාගෙන තිබෙන ඇල්ල කුඹල්වල ග්‍රාම නිලධාරී වසමේ පවුල් 48ක 93 දෙනකු බණ්ඩාරවෙල දෝව මහා විද්‍යාලයයේ තාවකාලිකව රඳවා ඇතැයි බදුල්ල ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මේ අතර බණ්ඩාරවෙල ලියන්ගහවෙල වත්තේ පවුල් 36ක 151 දෙනකු ලියන්ගහවෙල විහාරස්ථානයේ ද 80 දෙනකු බලගල පැරැණි තේ කම්හලේ ද රඳවා සිටින බව එම මධ්‍යස්ථානය කියයි.
බණ්ඩාරවෙල නිව් බර්ග් වතුයායේ පවුල් දොළහක පුද්ගලයින් 60 දෙනකු ඥාති නිවෙස්වලට ගොස් ඇත.බණ්ඩාරවෙල කහකොල්ලවත්තේ නිවාස ගිලා බැසීමේ අවදානමක් නිසා පවුල් 31 ක 168 දෙනකු කහගොල්ල දෙමළ මහා විද්‍යාලයයේ තාවකාලික නවතා සිටි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපහු හිටපු තැන්වලට යනකොට ගෙවල් වල තිබුනු බඩුමුට්ටු නාය යවල තියෙන්න පුලුවන් මේ අහිංසක මිනිස්සුන්ට ඒවත් රැකෙන විදියේ වැඩ පිලිවෙළක් හදල දුන්නොත් අගෙයි. (ර)