(යොහාන් භාසුර)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන තාවකාලික දුරියදුරු බලපත්‍ර පරීක්‍ෂා කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට ආරක්‍ෂිත ක්‍රමවේද සහිත පරිගණක යෙදවුමක් හදුන්වාදෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. අලහකෝන් මහතා පැවසීය.
රටේ පවතින විදේශ විනියමය හිඟය හේතුවෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන කාඩ්පත් හිඟයකට මුහුණ දී සිටින නිසා රියදුරු බලපත්‍ර කාඩ්පත වෙනුවට වසරක තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කරන බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ අනිත් රටවල් තාක්ෂණ සහ සියලු අංශවලින් ඉදිරියට යන විට, අපි ගමන් කරන්නේ ආපස්සට, ලාම්පු, දර, කරුවල යුගය, පෝලීම් යුගය, මෝටර් රථ වෙනුවට කරත්ත යුගය.
මහ ලොකුවට කතා කරන්නේ ලංකාවේ වාහන හදන්න. ඔය කාඩ් එක ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන්... නමුත් බලධාරීන් කොමිස් ගහන්න ඕක නිතරම දුන්නේ පිටරට සමාගමකට...