සමස්ත ලංකා මැදපෙරදිග සේවා සමිති සංවිධානය මෙවර ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව තිඹිරිගස්යායේ පොදු අපේක්ෂක කාර්යාලයයේ අද (20) පවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
සාමාජිකයන් 149000ක් සහ ශාඛා සමිති 52කින් සමන්විත පසුගිය ජනාධිපතිවරණ දෙකේදී මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට කැපවී ක්‍රියා කළ බවත, තම හත්වැනි මහා සමුළුව පවා පැවැත්වුයේ අරලියගහ මැදුරේ බවත් එම සංවිධානයේ සභාපති රංජිත් නානායක්කාර පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් සාමාජිකයන්ගේ සල්ලි හොර කන එකක් කියලයි ආරංචිය.(හේ)
ජයවේවා කවුරු වුණත් ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න.(හේ)
රටේ ජීවත් වෙන හිගන්නාගේ ඉදලම විශාල ගසා කෑමකට යටත් වෙන නිසා හිගන්නාගේ ඉදලම සියලුම දෙනාගේ සහයෝගය සාදරයෙන් පිලි ගන්නවා.(හේ)
මමත් දැන් අවුරුදු 5 ඩුබායි වල. මමත් මේ වගේ සංගමයක් ඇහුවේ අදම තමා (නදී)
මේ සංවිධානය කවදා පිහිටවූ එකක්ද? (නි)
අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක්.... (නි)
දැන්නම් ඔය ඕනෑ තරම් සංවිදාන එනවා. යුද්දේ කරන කාලයේ ඕව කොහෙද දන්නේ නැහැ තිබුනේ. අනිත් එක මම ඉන්නෙත් මැද පෙරදිග කටාර් රටේ. ඔහොම සංවිදානයක් ගැන ඇහුවමයි. අනිත් එක යුද්දෙන් පස්සේ අපේ රටේ තැනින් තැන බෝම්බ පිපිරුනේ නැත. මහ මග බල්ලෝ බළල්ලු වගේ මිනි මැරෙන්නේද නැත. එම යුගය අමතක කරපු උදවිය තමා මහින්ද රාජපක්ෂ පරාජය කරන්න හදන්නේ. පිරිසිදු චේතනා ගෙනදෙයි වාසනා. මහින්ද චින්තනයට ජයවේවා. (නදී)
කව්රු උනත් කමක් නැහැ, අවනීතිතියට එරෙහි වෙනවා නම්. (නදී)
මෙහෙම හොඳයි. හැබැයි අර දෙනවයි කියපු කාර් පර්මිට් එක කෝ? (නි)
මෙයා කැළණියේ පදිංචිකරුවෙක් වෙන්න ඕනේ (නදී)
රංජිත් කියන්නේ පිටරට අවුරුදු ගානක් හිටපු කෙනෙක්. මම එතුමා ගැන හොඳට දන්නවා. (නි)
මේ වගේ හිටිගමන් අපිට අහන්න ලැබෙන සංවිධාන ඔක්කොම සහාය දෙන්නේ මෛත්‍රී මහත්තයාටමනේ! (නි)
මොනවා දුන්නත් කිවත් මෙවර ඡන්දේ දෙන්නේ මෛත්‍රීට එ්ක අපි තීරණය කරලා ඉවරයි. අපේ දරුවන් වෙනුවෙන් රට ගොඩනගන්න මෛත්‍රීගෙ ප්‍රතිපත්තිය සමග එකතුවෙනවා ජයවේවා මෛත්‍රීට !(අ)
තවත් මාධ්‍ය සංදර්ශනයක්,(අ)
මමත් වසර 10ක සිට මැදපෙරදිග තමයි ඉන්නේ (නි)
මමත් දැන් අවුරුදු 15 ක්ම මැදපෙරදිග රැකියාව කරන්නේ. අඩුම තරමින් ඔය සංවිධානයට බැරිද අපිට ඡන්ද අයිතිය ලබාදෙන්න?? (නි)
කාලය හරි. හොරකම් වංචා දුෂණ පිටුදැක හොඳ අනාගතයක් ගොඩනඟන්න විපක්ෂය දිනවමු! (නි)
අපි රට ගැන හිතමු. (නි)
මෙහෙම සංගමයක් ගැන නම් මමත් දැනගෙන හිටියේ නැහැ (නි)
ඔහු තමා ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය අාරම්භ කළේ කුවෛට්වල (නදී)
මේ සමිතියත් ඇහුවෙත් අදමයි.(හේ)
කොහොම වුනත් ජනාධිපති තුමා ජය ගන්නවා ගන්නවා මයිත(හේ)
මමත් දැන් අවුරුදු විස්සක් වෙනවා මැද පෙරදිග. මෙහෙම සංගමයක් ගැන මම දන්නේ නැහැ.(හේ)
එන පොට හොද නැහැ !(හේ)
අපිනම් මෙහෙම සංවිධානයක් ගැන අසා නැත.(හේ)
මමත් වැඩකලා දෝහා වල අවරුදු 3 දෝහා වල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් එක්ක මගේ හොඳ සබඳතාවක් තිබ්බා එත් මෙහෙම සංගමයක් ගැන නම් දැනගෙන හිටියේ නෑ. මැදපෙරදිග සේවය කරන ලාංකිකයන්ට අසාධාරනකම් වෙද්දී මේ සංගමය නිදාගෙනද ඉන්නේ..?(හේ)
මේක දෙතුන් දෙනෙක් එකතුවෙලා ඡන්දේ නාමයෝජනා දුන්නට පස්සේ ඊයේ පෙරේද අටවා ගත්ත ත්‍රී විල් සංවිධානයක් වගේ ..(හේ)