නීති විරෝධි මූල්‍යායතනයක් පවත්වාගෙන යමින් අම්බලන්තොට පැත්තේ හාර දහසකට අධික පිරිසකගේ තැන්පතු වංචා කැළැයි සැකපිට පල්ලේමලලේ එම් ජයසිංහ සෝමලාල් (32) හම්බන්තොට මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් ලබන හතර වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
තංගල්ල විශේෂ අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට දැන්වූයේ ඔහු කොට්ටාවේ නිවසකින් අත්අඩගුවට ගත් බවයි.
වංචා කළැයි කියන මුදල රුපියල් කෝටි 15ක් පමණ වන බව ද, රුපියල් කෝටි එක හමාරක් පමණ වටිනා ජීප් රියක් හා වෑන් රියක් ද අත්අඩංගුවට ගත් බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.
මෙම පුද්ගලයා කොට්ටාව හා කතරගම සුපිරි වෙළෙඳසල් කිහිපයක් පවත්වාගෙන ගොස් ඇතැයි ද මෙම පුද්ගලයාට එරෙහිව පැමිණිලි කිරීමට 4000කට වැඩි පිරිසක් පොලිසියට පැමිණ ඇති බවත්, එයින් පැමිණිලි 300ක් ලියාගෙන ඇති බවත් පොලිසිය පවසයි.
තංගල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත කුමාර, උප පොලිස් පරීක්ෂක බණ්ඩාර, කොස්තාපල් මංජුල, රොහාන් හා උපුල් මොහු අත්අඩංගුවට ගැනීමට සහාය වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් කොතෙක් කලකට ලාංකික අසරණ එවුන් මෙවැනි වංචාවන්ට අහුවෙන්නද? නීතිය වෙනස් කර මෙවැනි වංචනිකයන්ට මරන දණ්ඩනය ලබාදෙන්න. (ස)
මේකට කාටවත් බැනල වැඩක් නැහැ නේ. මේක මේ මිනිස්සුන්ගේ මෝඩකම. මහා බැංකුව කොච්චර දැනුවත් කරනවද මේවට අහු වෙන්න එපා කියල. එත් මිනිස්සු ඒ මෝඩ වැඩේ කරනවා ...(ස)
සක්විතිලට අහුවෙන අය රිමාන්ඩ් කරන්න (අ)
නෙත් එෆ්.එම් බැලුම්ගල මගින් දැනුම්වත් කළා. ඒත් ගොඩක් මිනිස්සු අහුවෙනවා (නදී)
මේ තරම් දැනුවත් කර තියෙද්දිත් මේවාට සල්ලි දෙන අයට පොල්පිති වලින් තලන්න ඕනා. (නදී)
මහා බැංකුවෙන් මෙච්චර දැනුවත් කරද්දීත් පොඩ්ඩක් මේ මිනිස්සුත් ඔලුව පාවිච්චි කරන්න එපැයි. වැඩි තණ්හාවට ගියාම තියන දේත් නැති කර ගන්නවා ඕකෙන්. (ස)
තව ඉන්නවා , තව ඉන්නවා (නදී)
ඇයි මධුශංක සිගරට් බොන්න එපා කිය කියා විකුනන්නේ? (නදී)
මමත් මධුශංක ගේ අදහසට එකඟයි. විස්වාස කරන්න බැරි තරම් වාසි ගොඩක් තමන්ගේ තැන්පතුවලට ලැබෙනවා නම් ඒක විශ්වාස නොකළ යුතුයි.(නදී)
තණ්හාය ජායතී සෝකෝ. දුවන්න තව,තව හයියෙන් දුවන්න. මදුශංක කීව වගේ මහා බැංකුව දැන්වීම් සදහා කොච්චර වියදම් කරනවද. කෝ ප්‍රතිපල. (නදී)
මේකට වගකියන්න ඕනේ අදික තන්හාවෙන් පෙලෙන මේ මේගොල්ලොයි. උණු තෙල් තාච්චියට අත දැම්මොත් පිච්චේනවා (නදී)
ජපනෙත් ඉන්නවා සක්විති රවී කියල. ලංකාවෙන් ජපානෙට වීසා හදල දෙනවා කියල සල්ලි අරගෙන මෙහාට වෙලා හැංගිලා ඉන්නවා. ලංකාවට හොරෙන් තමයි යන්නේ එන්නේ. (ස)
මෝඩ මිනිස්සුන්ට කොච්චර කීවත් අහන්නේ නැති නිසා පොලීසියට තියෙන්නේ ඔය පැමිණිලි බාර නොගෙන ඉන්න. (නදී)
තණ්හාය ජායති සෝකෝ, කියන්න තියෙන්නේ මේවගේ අහුඋනු අයට. (ස)
මහ බැංකුවෙන් මේ ගැන කට රිදෙනකන් කියලා ඇති . ඒත් මිනිස්සු අහුවෙනවා. මහබැංකුවේ ලියා පදිංචි මුල්‍ය ආයතන ලැයිස්තු ගත කර පුවත් පත් වල නිතර පල කරනවා. කොච්චර දැනුවත් කලත් වැඩක් නැහැ .(ස)
මේවට අහුවෙන මිනිස්සු ඉන්න රටක තමා අපි ජීවත් වෙන්නේ (දී)
තවත් එකෙක් ජපනෙත් ඉන්නවා (අ)