ගිය රජය කාලයේ හෙජින් ගිවිසුම රජයට ඩොලර් මිලියන 200ක (රුපියල් කෝටි 2640) පාඩුවක් සිදුවුණැයි කියමින් ලද පැමිණිල්ලක් මත තෙල් සංස්ථාවේ හිටපු සභාපති අසන්ත ද මෙල් මහතා මූල්‍ය වංචා අපරාධ විමර්ශන කොට්ඨාසයට ගෙන්වා දීර්ඝ ප්‍රකාශයක් ලබා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
එමෙන්ම ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට යටතේ පැවැති දිවි නැගුම ව්‍යාපෘතියට අදාළව 2014 වර්ෂයේ නොවැම්බර 21 වැනි දා පැවැත්වූ ජාතික සම්මේලනයට රුපියල් මිලියන 63ක් (රුපියල් කෝටි 831.6) වැය කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත එම ව්‍යාපෘතියේ හිටපු අධ්‍යක්ෂ ආර් කේ රණවක ගෙන්වා ප්‍රකාශයක් සටහන් කර ගත් බව ද ඔහු පවසයි.
කෙරවලපිටිය විදුලි බලාගාරය ඉදි කිරීමේ දී ඩොලර් මිලියන 122ක (රුපියල් කෝටි 1610.4) අක්‍රමිකතාවක් සිදුවූ බවටත්, 2006 වර්ෂයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා හතරක් මිලදී ගනිද්දී ලක්ෂ 145ක් වංචාවක් සිදුවූ බවටත් ලද පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි චෝදනා නම් නැහැ.හැම එකම මිලියන ගණන් වලින්! (නි)
අසන්ත ඕ ලෙවල් වලින් පස්සේ ක්‍රිකට් ගැහුවා මිසක් ඉන් එහාට ඉගෙන ගත්තේ නැහැ. ඒක කෙනෙක්ව පහත් කර සැලකීමක් නොවේ. තමන්ගේම උනන්දුවෙන්,අත්දැකීමෙන් ඉහලට යන්න කිසිම බාධාවක් නොතිබිය යුතුයි. ඩී එස් කියන්නෙත් ඉස්කෝලේ ගිහින් හරියට උගත් කෙනෙක් නොවේ. පාසැල් නොගිහින් කැලේ පැන්න නිසයි එතුමාට කැලෑ ජෝන් කිව්වේ. නමුත් කාගේ හෝ දේශපාලන බලපුළුවන්කාර කමකට නුසුදුස්සන් වගකිව යුතු තනතුරු වලට පත්කර සිදුකරන පාඩු වලට ඔවුන්ව ඒ තනතුරට පත්කළ අයත් වගකිව යුතුයි.(නදී)
කාගේ හෝ දේශපාලන බලපුළුවන්කාරකමකට නුසුදුස්සන් වගකිවයුතු තනතුරු වලට පත්කර සිදුකරන පාඩු වලට ඔවුන් ඒ තනතුරට පත්කළ අයත් වගකිවයුතුයි. (නි)
හැම දෙනා ගෙන්ම පැය හයක්, හතක්, අටක් හෝ දහයක් නැත්නම්, දීර්ඝ ප්‍රකාශයක් ලබා ගත්තා මිසක තවම නම් කිසි කෙනෙක් නීතිය ඉදිරියට ගෙනිච්ච බවක් නම් ආරංචි නැහැ. සමහරු පැනලා ගිහින් (නදී)
වංචා දූෂණ වලට සම්බන්ධ අයට නිසි දඬුවම් දෙනවාට ලංකාවාසී කිසිම පුද්ගලයකු අකැමති නැහැ. එහෙම අකැමති නම්, ඔහුද එම වැරදි වලට සම්බන්ධ හෝ ඒවායින් ප්‍රතිලාභ ලැබූ හෝ අනුබල දුන්, නැත්නම් කෙසේ හෝ ඒවාට සම්බන්ධ අයෙකි. සාධාරණ සමාජයකට කැමති ලක්ෂ 64ක් ඉන්නවා. ඉඩදිය යුත්තේ වැඩිදෙනාගේ කැමැත්තට, අභිලාශයට. (නි)
වැරදි කර ඇත්නම් කිසිදු ගැළවීමක් දෙන්න නම් එපා (නි)
අපේ ( මහජනතාවගේ) මුදල් සොරකම් කල, ඔවුන්ගේ සහ පවුලේ අයගේ සුභ සිද්ධියට පමණක් භාවිතා කල දූෂිතයින්ට, සහ වංචනිකයින්ට තරාතිරම නොබලා නිසි දඬුවම් දිය යුතුයි. මේවට සම්මාදම් වෙච්ච සහ අනුබල දුන්නු අයනම් කියයි වෛරී දේශපාලනය කියලා. එහෙම නැතිනම් පලිගැනීම් කියලා. බුද්ධිමතා ඒවාට ඇහුම්කන් දෙන්ට සුදානම් නැහැ. රටේ නීතියට අනුව වැරදි කරුවන් යයි ඔප්පු උවහොත් දැඩි දඬුවම් දිය යුතුයි. (නදී)
ජනරල් සරත් ෆොන්සේකා අවුරුදු 2ක් හිරේ දැම්මනම් නොකරපු දෙකට මිලියන ගණන් ගසකාපුවට සියලු දේපොළ රාජ සන්තක කරලා ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන.(ම)
ඉතාම හොද වැඩක් වංචා දුෂණ වලට සම්බන්ද හැමකෙනාම තරා තරා තිරම නොබලා නිතිය ඉදිරියට ගෙන්න. (අ)