IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තව පොඩ්ඩෙන් තව පොතුහැරක් කොටුවේ

 කොටුව දුම්රියපොළේ නවතා තිබු  මහනුවර බලා  පිටත් වීමට නියමිතදුම්රිය හා  එස් 11 හලාවත දුම්රිය මුහුණට මුහුණ ගැටීමට ගොස් සිදුවන්නට ගිය අනතුර වළක්වා ගැනීමට ඊයේ (19 ) හලාවත දුම්රියේ රියදුරු සමත් විය.

අද (19) සවස කොටුවෙන් හලාවත යෑමට ඇති දුම්රිය මරදානේ සිට කොටුව දුම්රිය ස්ථානයට පැමිණ ඇති අතර එහි නැවතුම ලෙස  වේදිකා අංක අට ලබා දී ඇත. නමුත් ඒ වන විටත් මහනුවරට  බලා කොටුවෙන් 4.35 ට පිටත් වන දුම්රිය එහි නවතා තිබිණි.

හලාවත දුම්රියේ රියදුරු මීටර් පනහක පමණ දුරින් එම ස්ථානයේ තවත් දුම්රියක් නවතා ඇති බව දැකීමෙන් වහා ක්‍රියාත්මක වී අනතුර වළක්වා ගැනීමට ක්‍රියා කළ බවත් එසේ නොවුයේ නම් පසුගියදා පොතුහැරදී සිදු වු දුම්රිය අනතුර මෙන්  විශාල අනතුරක් වන්නට ඉඩ තිබු බව දුම්රිය මගීහු පවසති.



අදහස් (0)

තව පොඩ්ඩෙන් තව පොතුහැරක් කොටුවේ

ඇසළ Thursday, 19 June 2014 08:51 PM

ආයිත් දුම්රිය රියදුරු වර්ජනයක් එයිද දන්නේ නැහැ දුම්රිය අනතුර වැලක් වීමට එරෙහිව. (අ)

:       0       0

රමිත් Thursday, 19 June 2014 08:58 PM

වගකීමක් නැති සේවකයන්ගේ ක්‍රියාවක් බව ඉතාම පැහැදිලියි. දැන් ඉතින් කමිටුවක් පත් කරමු. (අ)

:       0       0

ශාන්ති Thursday, 19 June 2014 08:59 PM

බොහොම හොද රියදුරු මහත්මයෙක් ගොඩක් ස්තුති වෙන්ඩ ගිය අනතුර වලක්වා ගත්තාට (අ)

:       0       0

මාලි Friday, 20 June 2014 11:22 AM

මීට අදාල නිලධාරීන්ට මරණීය දන්ඩනය පැනවිය යුතුයි. මොවුන් මිනිස් ජීවිතත් එක්ක නේද මේ සෙල්ලම් කරන්නේ. හැපුනා නම් කී දෙනෙක් මැරෙනවද ? මිනිමැරීමට තැත්කිරීමේ චෝදනාව මත නඩු පැවරිය යුතුයි (නදී)

:       0       0

ප්‍රනීත් Thursday, 19 June 2014 11:53 PM

ඔය දුම්රිය කොටුවට එන්නේ හෙමින් නිසා ලොකු අනතුරක් වෙන එක නවතින්න ඇති. (නි)

:       0       0

ඉස්මිල් Friday, 20 June 2014 01:35 AM

දෙයියනේ! කොහොමද එහෙම වෙන්නේ? (නි)

:       0       0

ෂාරෝශ් Friday, 20 June 2014 04:25 AM

අනතුර වළක්වපු රියදුරාට දැන් අපේ කට්ටිය ‍දොස් කියයිද දන්නේ නැහැ. අද අපේ රටේ හරි දේ කරන, වැරදිදේට වැරදියි කියන මනුස්සයාටනේ හැමෝම බනින්නේ (නි)

:       0       0

සමන් Friday, 20 June 2014 06:52 AM

දුම්රිය දෙපාර්තමේන්තුව ගැන නම් දැන් කතාකරල වැඩක් නැහැ.ඊයේ මහනුවර දුම්රියේ යෑමට ටිකට්පතක් ඉල්ලූ විට මට දී තිබුණේ උණවටුනට ටිකට්පතක්. (නි)

:       0       0

නුවන් කුරේරා Friday, 20 June 2014 07:53 AM

අපේ කොල්ලෙක් හලාවත වැඩ කරුවෙක්.. කෙසේ වෙතත් මීට වැඩ වගකීම් අත්‍යවශ්‍යයි ...(නදී)

:       0       0

හේරත් Thursday, 19 June 2014 07:15 PM

කො‍හොමද මෙහෙම වෙන්නේ? (නි)

:       0       0

විද්‍යා Thursday, 19 June 2014 07:18 PM

අනේ මන්දා! මේ කරදර අස්සේ දුම්රිය වලටත් මොනවා වෙලාද කියලා (නි)

:       0       0

නිමල් ලලිත් Friday, 20 June 2014 08:42 AM

දුම්රිය මාර්ග සඥ පද්දතිය දෝෂ සහිත බව මෙම සිදුවීම් වලින් පෙනේ.කලයුත්තේ අස්චර්යයට යාම මදකට ප්‍රමාද කර දුප්පතාගේ මුලික අවශ්‍යතාවලට පිළියම් කිරීමි. උඩින් යන්නෝ අනතුරු වලට මුහුණ පාන්නේ නැත. (අ)

:       0       0

සමන්ති Thursday, 19 June 2014 07:42 PM

ඉඳහිටවත් සංඥා වයර් පද්ධතියවත් පරීක්ෂා කරන්නේ නැද්ද? (නි)

:       0       0

අජිත් Friday, 20 June 2014 09:14 AM

මේකත් අබලන් මාර්ගයේ දෝෂයක් හරි ඇමතිතුමාගේ දෝෂයක් හරි කියල මේ අය ස්ට්‍රයික් කරන්න ගනියි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 417 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1026 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site