අද පස්වරු 2.10 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් චීනයේ ෂැංහායි බලා පිටත් වු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 866 දරණ ගුවන් යානයේ මතු වු තාක්ෂණික දෝෂයක් මත යානය ආපසු හරවාගෙන යළි පස්වරු 2.50 ට කටුනායකට පැමිණි බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසුවේය.
එහි මගීන් 165 ක් හා කාර්ය මණ්ඩලය 15 දෙනකු සිටි බවත් ඔහු කීවේය.
යානය පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශයට යොමුකර ඇති බවත් මගීන් වෙනත් ගුවන් යානයක් යොදවා යළි චීනයේ ෂැංහායි බලා පිටත් කර යැවු බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පර්යන්ත සේවා වලත් අඩුපාඩු තියෙනෙවා. බොහෝ විට ගුවන් යානයට නගින්නේ ආසන අංක පිළිවෙලටයි. නමුත් කටුනායක පමණක් එය සිදු නොවේ. ගේට්ටුවෙදී අංක කතා කරන්නේ නෑ. (නදී)
ශ්රී ලන්කන් ගුවන් සේවිකාවන් සම්බන්ධයෙන් පාඨකයන් මෙතන දා ඇති අදහස් මේ සමාගමේ මානව සම්පත් කළමනාකරුට වැදගත් වේවි. (නි)
එක කාලයක් එමිරේට්ස් එකේ ටැක්සි සේවය කියලා කිව්වා. එහෙත් ඒ කාලේ ලාභපිට දිව්වා නේද? (නි)
ඇත්තටම ශ්‍රී ලන්කන් එකේ අය ගැන කියන්න දෙයක් නැහැ. උඩ කියන කතා ඔක්කොම වගේ ඇත්ත.අදාළ හැම කෙනෙක්ම අවධානය යොමුකොට අපේ ජාතික ගුවන් සේවය රැකගනිමු (නි)
ඇයි අපේ ගුවන් සේවාවේ වැරදි නිවැරදි කරගන්න බැරි? (නි)
අජිත් , රටකට බැකප් එයාපෝර්ට් සහ ගුවන් යානා විතරක් තිබිලා මදි. ගුවන් සේවාවේ මානව සම්පත් කළමනාකරණය බින්දුවට බැහැලා නම්, පාරිභෝගික සේවාව ගුණාත්මකභාවයෙන් අඩුයි නම් ලෝකයේ නොම්මර එකේ ගුවන් තොටුපළක් තිබුණත් වැඩක් නැහැ. පෙනෙන්නේ නැද්ද යානාවල කාර්මික දෝෂ නැතිවුණත් ලංකාවේ මඟීන් ඒවායේ නොයන්න හේතුව පාර්භෝගික සේවාවේ පහළවැටීම කියලා. (නි)
ගුවන් තොටුපළවල් හදාගෙන යානා ගත්තට විතරක් මදි. නිසි කළමනාකරණයක් නැත්නම් ලාභ ලබාවිද? (නි)
කොහොමත් අපේ දේවල් සමහරුන්ට අල්ලන්නේ නැහැනේ! (නි)
මෙතන තිබෙන අදහස් ටිකම ඇති මේ ගුවන් සේවය යළි නඟාසිටුවන්න (නි)
ගුවන් සේවිකාවන් ගැන කියපු අදහස් නම් හරියට හරි. (නි)
නරකද මෙතන ඉන්න අය, දැන්වත් ඉංග්‍රීසි ටිකක් ඉගෙනගත්තොත්. (නි)
ගුවන් සේවිකවෝ ආඩම්බර වුණාට වැඩක් නැහැ. ගුවන් ගමනේදී ඒ අය අපේ සේවකයන්. (නි)
හැමකෙනාම එකවගේ නැහැ. ඉතා හොඳ විශිෂ්ට සේවාවක් සපයන අපේම ශ්‍රී ලාංකික සොයුරු සොයුරියන් ශ්‍රී ලන්කන් ගුවන් සේවක මණ්ඩලයේ සේවය කරනවා. ටික දෙනෙක් කරන නරක ක්‍රියාකලාපය තමයි සමස්ත ගුවන් සේවයට බලපාන්නේ. අනෙක තමයි දේශපාලන මාර්ගයෙන් එන වැඩ බැරි අය (නි)
මේකෙන් වෙන පාඩුව පියවන්න අවුරුද්දකට රුපියල් කෝටි 2000 -3000 අතර මුදලක් අපේ සීනි , පරිප්පු ටිකෙන් සිමෙන්ති ටිකෙන් අය කරගන්න බදු මුදලින් ගෙවනවාට වඩා හොඳ නැද්ද එම මුදලින් ලංගමට අලුතින් බස් ටිකක් ගේනවා නම්? මොන ආණ්ඩුව ආවත් ගුවන් සේවිකාවන්ගේ ආඩම්බර නම් අඩු නොවේ. (නි)
බලන්නකෝ අපේ අයට තිබෙන ප්‍රශ්න කන්දරාව? (නි)
මහජනතාව වෙනත් විදියකින් කියනවා නම්, සේවාදායකයින් තමයි දන්නේ තමන්ට ලැබෙන සේවයේ ගුණාත්මකබව. දියුණු රටවල මෙවැනි සමීක්ෂණ නිරන්තරයෙන්ම කරනවා. සමීක්ෂණ ආයතනවල නියෝජිතයින් ගෙයින්ගෙට යනවා. එම දත්ත විශ්ලේෂණය කර අදාළ ආයතන වලට ලබාදෙනවා. පාලනාධිකාරිය එම දත්ත ප්‍රයෝජනයට ගන්නවා. ශ්‍රී ලංකාවේ මෙවැන්නක් තවම සිදුනොවීම කණගාටුවට කරුණක්. ලංකාදීපයට ස්තුතියි මෙලෙසින් හෝ ජනතාවට තම අදහස් ප්‍රකාශ කිරීමට ඉඩසැළසීම ගැන. (නි)
අපගේ රටේ ගුවන් සේවය අවතක්සේරු කළයුතු නැහැ. පළපුරුදු පැරණි ගුවන් සේවයක් නඩත්තුව සඳහා මුදල් වෙන් කරන්නේ නැත්නම් මුදල් ඇමති වගකිවයුතු වෙනවා. සියලු ව්‍යාපෘති වලට වුණදේම ගුවන් සේවයට සිදුනොවේවාෙ! (නි)
ටෙනිසන්, හිල තිබෙන්නේ තිලක්ගේ මොළයේ නොවේ. අසරණ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට වෙනස්කම් කරන ගුවන් සේවිකාවන්ගේ හදවතේ. (නි)
ලබන පාඩු පියවන්නේ ජනතා බදු මුදලින්. (නි)
බොහෝ ගුවන් සේවා බොහොමයක් ගුවන් යානා කුලියට තමයි ගන්නේ. ගුවන් සේවා එහෙම තමා (නි)
සේවිකාවන් සළකන්නේ නැත්නම් පැමිණිලි කරන්නේ නැතුව පාලකයන් දන්නේ නැහැ. කෙසේනමුත් අපේ රටේ ගුවන් සේවය අවමානයට ලක්කළ යුතු නොවේ (නි)
සේවිකාවන් දිහා ඊර්ෂ්‍යාවෙන් බලනකොට කොහොමද සේවය ලැබෙන්නේ? ඔක්කොම නරක නැහැ. කිහිපදෙනෙක් එහෙම වෙන්න පුළුවන් (නි)
අධික ගුවන් යානා ගාස්තු ගෙවාගෙන ලංකාවේ මඟීන් රටකින් රටකට යන්නේ, යන ගමන් අපේ ගුවන් සේවිකාවන්ගේ ගෑස් බලාගන්න නෙමෙයි. මේක ඒ කට්ටියව සුද්ධ කරන්න දඟලන කට්ටිය තේරුම්ගන්න. ඔවුන්ගේ සේවාව ගැන බහුතර ලාංකික ගුවන් මඟීන්ගේ අදහස් දැකලා අදාළ නිලධාරීන් ක්‍රියාත්මක වුණොත් හොඳයි. ඒ බවලතුන් රස්සාවෙන් දොට්ට දාන්න නෙමෙයි. ඔය පිම්බුණ උද්දච්ච මොළගෙඩි ටික සුද්ධ කරන්න පිළියම් යොදන්න. එච්චරයි. (නි)
සංජීව හරි ,වසර 10ක් මමත් ගුවන්තොටේ. මගේ මිතුරන් බොහොමයක් ඉංජිනේරුවන්. ඉතාමත් දක්ෂයන්. (නි)
මම 1981 එයාර් ලංකා ගුවන් සමාගමේ ගමන්කරද්දී සිටි සේවිකාවෝ හරිම නිහතමානීයි. හුගක් අදහස් ඇත්ත. තවත් එකක්, අපි ගියාම අපහු එන්නත් එපැයි. ගොඩබහිනකොටක් අපිව පළමුවෙන්ම පිළිගන්න අය ගැනත් හිතලා බලන්න. ඉතාම සුහදව සිනමුසු මුහුණින් තමා ඒක වෙන්නේ. ගුවන සේවිකාවෝ වගේම තමා ඒ සේවාවත්. හැබයි ඒ අය කාටත් එකයි. සුහදශීලිකම, මනුෂ්‍යකම සහ නිහතමානීකම අගයන්න පුරුදු කළයුතුයි. (නි)
අපි හැමදාම අපේ දේවල් අගයකළේ නැහැ. අපි ගරහන්නේ අපිටමයි. ගුවන් සේවිකා කාර්ය මණ්ඩලයේ ඉන්නේ අපේම අය නේද? අපි අනුන්ට එක ඇඟිල්ලක් දික් කරනකොට හතරක් අපේ පැත්තට කියලා මතක තියාගන්න. (නි)
කමල්, ඒ වැඩ ගැන ඔයාලා අපි දන්නවා වුණාට අපේ බහුතරයක් මිනිස්සු දන්නේ නැහැනේ... ඒකයි ඔය තවම පස්සෙන් යන්නේ අන්ධවෙලා... (නි)
මැදපෙරදිග නොව කවර රටකට යන මඟියෙකුට වුවත් ශ්‍රී ලාංකික පෙනුමක් ඇතොත් අපේ ගුවන් සේවිකාවෝ මෙලෙස සළකති. සිංහලෙන් කතාකළොත් තත්ත්වය තවත් උග්‍ර වේ. මෙය අප රටට පමණක් විශේෂිත තත්ත්වයක් නොවන්නාසේම රටකරවූ හෝ කරවන ආණ්ඩුවක් නිසා සිදුවන්නක්ද නොවේ. මෙම රෝගයේ නම පරගැතිභාවය හෙවත් යටත්විජිත මානසිකත්වයයි. (නි)
අම්මෝ නිකන් ටිකට් දුන්නත් මම නම් ශ්‍රී ලංකන් වල යන්නේ නැහැ. (නදී)
කවුරු මොනවා කිවුවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සැබෑ තත්වය ගුවන් මඟීන්ගේ වචන වලින්ම මෙහි පළවී ඇත. මෙය එතරම් හොඳ තත්වයක් නොවන බව කිවයුතුය. මක්නිසාද අපිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයම තෝරාගැනීමට අවශ්‍ය නොවන බැවිනි. (නි)
මම ලෝකයේ වෙනත් රටවල ගුවන්යානා ගණනාවක ගමන් කර තිබෙනවා. මට නම් කැතම ගුවන් සේවිකාවන් ඉන්නේ ශ්‍රී ලන්කන් එකේ. (නි)
මම මේ ලියන දේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මානව සම්පත් අංශයේ නිලධාරීන්ටයි. පුහුණුවේදී හොඳට බලන්න ආයතනයේ පිරිසිදු කිරීමේ අංශයේ (ජනිටෝරියල්) සේවක සේවිකාවන්ට ගුවන් සේවිකාවන් සලකන හැටි. ඒ අයට කාරුණිකව නිහතමානිව සලකනවා නම් යන එන කොට සිනාවකින් සංග්‍රහ කරනවා නම් කවදාවත් එවැනි ගුවන් සේවිකාවක් ලංකාවේ මගීන්ට උද්දච්චකම් පෙන්වන කෙනෙක් වෙන්න බැහැ. පාරිභෝගික සේවයට සුදුසුද නැද්ද කියල හිතා ගන්න පුළුවන්.(නදී)
මෙතන ගුවන් සේවිකාවන්ට ආවඩන උදවිය එකත් එකටම ක්‍රිකට් ගහන කට්ටිය වෙන්න ඇති. (නදී)
කොහෙද ඉතින් අර කට්ටිය ඕවයේ නොමිලේ එහෙ මෙහෙ ගිය යැවිල්ලට තෙල් වතුරවත් බලන්න වෙලාවක් තිබුනයැ? (නි)
මට නිකන් පිස්සු වගේ, සැරින් සැරේට එක එක ඒවා කියැවෙනවා! (නි)
අපේ ගුවන් සේවිකාවන් ගැන කියන කතා නම් සහතික ඇත්ත. ඒගොල්ලෝ යන්නේ යානයට අඩි 60-70 ක් උඩින්නේ. (නි)
අනුන්ගේ නම් වලින් අදහස් දාන්න සමහරුන්ට පුදුම අමාරුවක් තියෙන්නේ (නි)
ගුවන් සේවිකවොන්ට මොළය කළඳක් නැහැ.පරිබෝගිකයාට සැළකුවොත් සමාගමේ ආදායම වැඩිවී තමනුත් හැදෙන බව තේරෙන්නේ නැහැ. (නි)
මමත් ශ්‍රී ලන්කන් ගුවන්සේවය එයාර් ලංකා නමින් හැඳින්වුණ කාලයේ එහි වැඩකළා. දැන් අවුරුදු 20ක් ජීවත්වෙන්නේ වෙන රටක. නමුත් වසරකට දෙපාරක්වත් මවුපියන් බලන්න අපි ලංකාවට යනවා. සෑහෙන කලක් ශ්‍රී ලන්කන් සේවයේ ගියේ රටට ආදරය නිසා. නමුත් දැන් යන්නේ නැහැ. පහුගිය වසරකදී යනවිට දවස් බාගෙකට වඩා මැලේසියාවේ රස්තියාදුවුණා ප්ලේන් එක කැන්සල් කරලා නිසා. විදේශිකයන්ට කලින් දැනුම්දීලා අපිට නැහැ. ඒ ගැන ලංකාවට දැනුම් දුන්නාම කිව්වේ අපි කියපු විදිහට ගුවන් වාරයක් එදා නොතිබුන බවයි. එතකොට අපේ ටිකට්වල මොනවාද තිබුනේ කියන එකට උත්තර නැහැ. එදා ඉඳලා අපිත් වෙන ගුවන් සමාගම් වල පිහිට පතනවා, කවුරුත් අපිට බොරු කියන්නෙත් නැහැ. ගුවන් සේවිකාවන් ගැන කියන කතාත් වැරදි නැහැ (නි)
මම පරණ එයාර් ලංකා සේවකයෙක්. ඔය කියන ගොඩක් දේවල් හරි. ඔය ඔක්කොම ඔහොම වුණේ එයාර් ලංකා සමාගම එමිරේට්ස් වලට විකුණුවාට පස්සෙයි. එමිරේට්ස් නිසා අපේ ගුවන් සේවයටත් සංචාරක ව්‍යාපාරයටත් වුණ හානිය ත්‍රස්තවාදයට වඩා ටිකයි අඩු. එය හදන්න වෙනම සැළසුම් කරන්න වේවි. (නි)
මේ ලියපු ගොඩක් අය ද්වේශයෙන් ලියා තිබෙන බවයි පෙනෙන්නෙ.අපේ රටේ අනන්‍යතාව රැකගන්න තිබෙන එකම දේ අපි රැකගත යුතුය. සුබවාදීව බලා තිබෙන අඩුපාඩු හදාගෙන දියුණු කළයුතුයි. මේකට හිටපු හෝ ඉන්න පාලකයන්ට දොස් කීමෙන් අපේ මොළය නැතිකමයි අන්‍යයන්ට පෙන්නන්නේ (නි)
අමර , යම්කිසි පාර්භෝගික සේවාවක අඩු පාඩු තිබෙනවා නම් එ්ක කියන එක ද්වේශයක් නෙවෙයි. හොඳයි ගුවන් සේවිකාවන්ගේ උද්දච්ච හැසිරීම නිසා අපේ ගුවන් මගින් වෙනත් ගුවන් සේවා වලට ඩොලර් පිටින් ගෙවලා ගමන් ගිහින් කට පියාගෙන ඉන්න එකද නැතිනම් අපේ ගුවන් සේවයේ අඩු පාඩු පෙන්වා දීල එහි ගුණාත්මක භාවය වැඩි කිරීමට කටයුතු කරන එකද වැදගත්.? දැන් බලන්න මෙතන සේවාවේ අඩු පාඩු කියන උදවිය කට වගහගෙන වෙනත් සේවා වල යාම නිසා පාඩුව කාටද ? අඩු ගානේ මෙතන ලියපු ටික ඔය ගුවන් සේවාවේ ලොක්කෙක් දැකල සේවාවේ ගුණාත්මක භාවය වැඩි කළා නම් අපිට නම් සතුටුයි. අමරගේ කවුරු හරි එකත් එකටම ගුවන් සේවිකාවක් වෙන්න ඇති. (නදී)
පාරිභෝගික සේවා වල ගුණාත්මක භාවය මනින්න බොහෝ ආයතන පාර්භෝගික අදහස් රැස් කිරීම් වාර්ෂිකව සිදු කරනවා. අඩු පාඩු සොයලා ඒවාට පිළියම් යොදනවා. සමහරු කියනවා අදහස් පල කිරීම ද්වේශ සහගතයි කියලා. අපේ ගුවන් සේවය මේ තරම පහලට වැටුනේ පාර්භෝගික පැමිණිලි සහ අදහස් ගණන් නොගැනීම නිසා කියල ඕන කෙනෙකුට තේරෙනවා. ඕනෑම සේවාවක පාර්භෝගික අදහස් තමයි තමන්ගේ සේවයේ අඩු පාඩු හදා හදා ගන්න සුභවාදිව යොදා ගත යුත්තේ. එහෙම නැතිව ඒවා අපේ සේවාවට ගැරහීම කියල හිතලා පැත්තකට දැම්මොත් නුදුරු අනාගතයේම අපේ ගුවන් සේවාව ගුණාත්මක අතින් ලෝකයේ අන්තිම තැනටම වැටේවි. (නදී)
ඉස්සර නම් ඔහොම ගුවන් යානා හරවාගෙන ආවේ ආන්ඩු කරපු ලොකු ලොක්කන්ගේ හිතුමතේට. යුක්රෙන් වල හොර විබාග පාස් වෙලා කිසිම පළපුරුද්දක් නැතිව ආපු ගුවන් නියමුවොත් අපේ රටේ ඉන්නවා. (නදී)
මෙතන මේ ගුවන් සේවිකාවන්ගේ සහ සේවයේ අඩු පාඩු පිලිබඳ අදහස් ලියලා තියෙන්නේ සාමාන්‍ය පුරවැසියන්. එහෙම නැතිව දේශපාලකයන් නෙවෙයි. ශ්‍රී ලංකාවට ආදායම ලැබෙන්නේ බහුතර සාමාන්‍ය පුරවැසියන්ගෙන් මිසක් දේශපාලක ගුවන් ගමන් වලින් නෙවෙයි. ඒ ගොල්ල සමහරුන්ගේ ගුවන් ගමන් බිල් පියවල නැහැ කියලා නේ කියන්නේ දැනටම මේ ගුවන් සේවය පාඩු ලබන අවස්ථාවේ තියෙද්දී තවමත් සමහරු කියන්නේ අඩු පාඩු පෙන්වා දීම වැරදියි කියලා. (ස)
මේකේ කාර්ය මණ්ඩලය 15යි මගීන් 165යි? පුදුමයි. මම වැඩකරන්නේ විදුලිබල මණ්ඩලේ හැටන් වල. අපේ නම් කාර්ය මණ්ඩලය 165යි පරිබෝගිකයෝ 15යි. කාර්ය මණ්ඩලේ බාගයක් නිවාඩු අනෙක් බාගෙන් බාගයක් පත්තර බලනවා. තෙල් සන්ස්තාවෙනම් 3823ක් වැඩ. ඉස්සර තෙල් මිලෙන් 73% ලාබ තියාගෙන විකුණලත් සංස්ථාව පාඩුයි. එතන 923ක්ම ලොරි 12ක්, බස් 8ක් වැන් 9ක් කාර් 17ක් වෙන්කරලා තිබුනේ මහින්දගේ ස්ටෙජ් ගහන්න යන්න. වරාය අධිකාරියේ එවුන් නම් පෝස්ටර් බෙදන්නයි ගහන්නයි. ඔන්න අපේ රජයේ සේවය. දැන් නම් මේ සෙල්ලම් ටිකක් අඩුයි. (ස)
අමාර- ඔව් ඔව් ඇත්ත කියනකොට ද්වේශයෙන් එක්කෝ පළිගන්නවා කියලා තමයි පට්ට හොරු කියන්නේ. අනේ අයෙත් පට්ට හොරා අවොත් අපිට රිසි සේ හොරකම් කරන්න පුළුවන් (ස)
මම හිතුවේ මට විතරය් මේ ගුවන් සේවිකාවන් පෙන්නන්න බැරි කියල. ඕකට ප්‍රධාන හේතුව අපි තාම යටත් විජිත මානසිකත්වයෙන් ඉන්න එක. මම කවදාවත් ශ්‍රීලන්කන් වල යන්නේ නෑ. ඔය ඉන්න හැට පැනපු අය අයින් කරලා තරුණ දරුවෝ ටිකකට අවස්තාව දුන්නනම් ඕක හරි යි (ස)
මෙතන තිලක් -ඩුබායි නම හම ගහලා. (නදී)
මේ කාර්මික දෝෂ ඔක්කොම වුනේ රෙජිනොල්ඩ් කුරේ ගුවන් සේවා ඇමති වුනාට පස්සේ. (ස)
ශ්රී ලංකන් විනාශ කළේ ඔය දැන් හොඳයි කියල කියන ජනාධිපතිවරියගේ කාලයේ නේද? (නදී)
අපෝ අසෝක මෝඩ කතා කියන්න එපා, ප්ලේන් වල ලොරි වල වගේ තෙල් වතුර බලන්නේ නෑ, මහින්දට මඩ ගහන්න නම් ඕන දෙයක් ලියයි! (නදී)
අනේ කුසලාවතියෝ පසුගිය කාලේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති වුනේ කවුදෝ මැඩම් කෙනෙකුගේ සහෝදර කෙනෙක්. එහෙම නැතිව කලින් හිටපු ජනාධිපති තුමියකගේ කවුරුවත් නෙවෙයි. ඒ සහෝදරයාගේ කාලේ උන දේවල් මෙතන ලියන්න බැහැ. (නදී)
අනුර මෝඩ කතා කියන්න එපා. ඉරිසියා කරන්න තරම් මොනවද ගුවන් සේවිකාවන්ගේ තියෙන්නේ. කසාදයක් බඳින්න ගියත් පිරිමි සොයන්නේ ගුරුවරියන්, බැංකු සේවිකාවන්, ගණකාධිකාරී වරියන් වැනි උගත්, ගෙදරක වගකීම භාර ගන්න කැමති වගේම ගෙදරක "ඉන්න " කැමති ගැහැනියක්. (නදී)
ගුවන් සේවයට කොච්චර සල්ලි දුනත් වැඩක් නැහැ. මෙට හොඳයි බෝට්ටු සේවයක් දැම්මනන්.(ම)
ගුවන් සේවිකාවන් උඩ පැනගෙන සංග්‍රහ කරන්නේ එක්තරා ක්‍රීඩාවක නියුතු උදවිය ගුවන් යානයේ යනකොට විතරයි. අනෙකුත් ශ්‍රී ලාංකිකයන්ට කුඩම්මාගේ සැලකිල්ල. ඔන්න දැන් කියාවි මේක ඉරිසියාව කියලා. මේක මම ඇස් දෙකින් දැකපු දෙයක්. (ස)
සමහර ගුවන් සේවිකාවන් හොඳින් ආචාරශිලිව සලකන්නේ ඉංග්‍රීසියෙන් කතා කරන ලංකාවේ ගුවන් මගීනට විතරයි. මේක අපේ අත්දැකීමක්. (ස)
අපොයි වැඩේම තමයි ගුවන් සේවිකාවන්ට ඉරිසියා කරන්න. කිව්වත් වගේ මේ රටේ වෙන උගත් වැදගත් වෘත්තියක් කරන කාන්තාවන් කොට්ටාශයක් සම්බන්ධයෙන් ඔය ටික කිව්වා නම් පිළී ගන්න තිබුනා. (නදී)
ධනා එතකොට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති වෙලා සිටියේ කාගේ මස්සිනාද ? (නදී)
දැන් ඉතින් දැනගත්තානේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යථාතත්වය. වැරදි හදාගත්තොත් උඩ නැත්නම් ඉතින් බිම තමයි. (නදී)
අපේ කමට අපි ශ්‍රී ලංකන් තෝරගත්තට එහි සේවය කරන අයගේ නම් අපේ කම ගෑවිලාවත් නැහැ. ගුවන්තොටුපලට ඇතුල් උන තැන ඉදලා ෆ්ලයිට් එක දක්වාම සිදුවන්නේ එකම ගෙරවිලි. මමත් මුලදිනම් ආසාවෙන් ගියා. පස්සේ පස්සේ මටත් එපා උනා මෙයාලගේ සැලකිලි නිසා.(නදී)
ඉතින් හසන්ත, ප්ලේන් එක අාපහු හරවපු එකට ඔයා කොහොමද ශ්‍රී ලංකන් එකේ හිටපු සභාපතිට සම්බන්ධ කරන්න හදන්නේ? යන්නේ කොහෙද මල්ලේ පොල් (නදී)
කව්ද අප්පේ මේ මගේ නම විකුණලා කොමෙට්ස් දාන අභය කැතයි හොඳේ (නදී)
මා මින්පසු කිසිවියකත් ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ගමන් නොකරමි. ඔවුන්ගේ සේවය ඉතාම දුර්වලයි. (ස)
පහුගිය කාලේ කව්රුවත් මේ ගැන කියලා නැහැ. එකක් නැත්නම් මොකක හරි නැගල ගියා. එක ගුවන් යානයක් අාපහු හැරෙව්වට අැයි මේ කලබල. කොහොමත් මිනිස්සු වයසට යනවා ශ්‍රී ලංකන් එයාර් හොස්ටස්ල රෝබෝලද. ලාංකීය සමාජය එයාර් හොස්ටස්ලාට සලකන්නේ හරියට වේටර්ල ගානට (නදී)
අනේ මේ පුවත මුද්‍රණය කරලා ගුවන් සේවයේ ලොක්කන්ට දෙන්න බැරිද ?. අපේ ගුවන් සේවයේ වැඩ කරන කෙනෙක්ට දවසක් ටිකක් වයසක ගෑනු කෙනෙක් කිව්වා බෑග් එක උඩින් අරගෙන දෙන්න පුලුවන්ද කියල. එතකොට එම සේවයක කිව්වා, එයාගේ දකුණු අත දික් වෙලාලු බෑග් උස්සලම. ඔන්න සේවයේ හැටි. (නදී)
ගුවන් සේවිකාව කීවට එයාලත් අපේ ගෙවල්වල ඉන්න හවුස් මේඩ්ස්ලා වගේම වැඩ ජාති කරන සේවක කොටසක්. වෙනසකට තියෙන්නේ මෙයාල සේවය කරන්නේ ගුවන්යානයක වීම .මේක වැටහුණු දාට එයාලගේ අහන්කරකම බහීවි . (ස)
මම අවුරුද්දකට කීප සැරයක් නෙව්යෝර්ක් වල ඉඳල ලංකාවට එනවා ,එක සැරයක් ශ්‍රීලන්කන් එයාර් එක්ක කනේක්ටින් ටිකට් එකක් ගත්ත. මට ගුවන් සේවිකාවන් නිසා ශ්‍රීලන්කන් එයාර් තිත්ත උනා. ආපහු ජීවිතේට යන්නේ නම් නැහැ. මේ ගුවන් සේවිකාවන් ගැන දාල තියෙන කොමෙන්ට්ස් 100% ඇත්ත . (ස)
මම දැනට සියලුම මැද පෙරදිග ගුවන් සේවා වල ගිහින් තියනවා. යුරෝපීය ගුවන් සේවාවලත් ගිහින් තියනවා. මම යාලුවෝ 3 දෙනෙක් එක්ක එකම සැරයක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් මිලානෝ සිට අාව. මට ලැජ්ජයි කියන්න මගේ යාලුව ඉතා සුළු දෙයක් ඉල්ලුව. (පොඩි පාන්ගෙඩිය බනිසක් වගේ)ගුවන් සේවිකාව කිව්වා මැනේජ්මන්ට් එකෙන් දෙන්න එපා කියල තියනවා කියල. එ්ක තමයි අපේ අවසාන ශ්‍රී ලන්කන් ගමන. (ස)
විදේශ ගමනකදී වැදගත් වෙන්නේ විශ්වාසනීයත්වයයි (නි)
තවත් ලියන්න දෙයක් ඉතුරු වෙලා නෑ . ලියපු ඒවා ඔක්කොම හරි (ස)
අර ඉංග්‍රීසි කතාව නම් සහතික ඇත්ත. අපේ අම්ම ඉංග්‍රීසි ගුරුවරියක්. සිංගප්පුරුවට යන ශ්‍රී ලන්කන් යානාවේදී සිංහලෙන් වතුර ටිකක් ඉල්ලුවාම ඇහුනේ නැති ගානට ගිය ගුවන් සේවිකාව ඉංග්‍රීසියෙන් කතා කලාම යේස් මැඩම් කියාගෙන ඇවිල්ලා. (ස)
සංජීව කියපු දේ හරියට හරි නඩත්තු අංශයෙන් නම් ශ්‍රීලන්කන් නම්බර් 01 (ස)
මට පේන හැටියට ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවන්ගේ මහන්තත්වයට හේතු දෙකකි. එකක් තමන් තරම් රූමත් බවලතුන් ලංකාවේ වෙන කොහෙවත් නැත කියා සිතා ගැනීමයි. අනෙක් ලංකාවේ ඉංග්‍රීසියෙන් කතා කිරීමේ සමත් කමක් ඇති එකම කාන්තා කොට්ටාශය තමන් බව ඇදහීමයි. කොහොම වුනත් අපේ ගුවන් සේවාවේ ගුණාත්මක භාවයේ ලොකු අඩුවක් තිබෙන බව නම් මටත් නොකියාම බැරිය. (ස)
කරදරයක් නැතුව ආ එක හොඳයි (නි)
පාරිභෝගිකයෙක් වශයෙන් මම මේ ඉහත ප‍්‍රතිචාර සියල්ල ශ්‍රී ලංකන් එකේ පරිබෝගික සේවා අංශයට යොමු කලා. බලමු ප්‍රතිචාරය. මේක අපගේ ජාතික ගුවන් සේවය. එහි අඩුපාඩු හදාගෙන ඉදිරියට ගෙනයාම පුරවැසි යුතුකම. ලංකාදීපයට ස්තුති. (ස)
මම නම් කීයටවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානාවකට ගොඩවෙන්නේ නැහැ. ඒවායේ ඉන්න ගුවන් සේවිකාවන්ගේ උද්දච්චකමයි , යානාවල අබලන් තත්වයයි මතක්වෙනකොට කීයක්හරි වැඩියෙන් දීලා වෙනත් ගුවන් සේවයක යන්නමයි හිතන්නේ. (නි)
නිලන්ත ගමගේ , ගුවන් සේවිකාවන් තමන්ගේ වෘත්තීය හෑල්ලු කර ගත්තම මෙහෙම තමයි මිනිස්සු ඒගොල්ලන්ට මාධ්‍යයෙන් උත්තර දෙන්නේ. නැති නම් මොකද ගුවන් යානාවේ යන ගමන් ඒගොල්ල එක්ක රණ්ඩු වෙන්නද ? ඒගොල්ල සමහරු හැසිරීන්නේ ලංකාවේ ගුවන් මගින් ඒගොල්ලන්ව ආසනවල වාඩි කරලා අතට පයට සලකන්න ඕන වගේ. නැතිව ඒ උදවිය ගුවන් මගින් ගේ ඕන එපාකම් බලන්න ඕන විදියට නෙවෙයි. (ස)
අනතුර කල්තියා හඳුනාගත් එක හොඳයි (නි)
හොද වේලාවට.(හේ)
නිලංග.ඔබගේ කතාව සහතික ඇත්ත.(හේ)
දේශපාලන හයියෙන් රැකියාවල් ගත්තු සමහර බවලතුන් මහජන පාරිභෝගික සේවා කාලයේදී අප්‍රසන්නව හැසිරෙන එක අහන්නත් දෙයක්ද ? මේකත් එහෙම තත්ත්වයක් වෙන්න ඉඩ තිබෙනවා. අර සුප්‍රසිද්ධ ගම් පලාතෙන් පසු ගිය කාලයේ බඳවා ගත්තු කට්ටිය වෙන්න ඇති. එහෙ ඔක්කොම මුදලිතුමන්ලා සහ ළමාතනිලයි නේ ! (ස)
මගේ පළමු ගුවන් ගමන ගියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙ. ඒ අපේ කම නිසා . පලවෙනි දවසෙම එපාම උනා. ශ්‍රී ලන්කන් එකේ ඉන්න සේවිකාවන් කියා ගන්නා අයගේ වැඩ දැකලා. එදායින් පස්සේ කවදාවත් ගියේ නැ. පසුව වෙනත් ගුවන් සේවාවල ගියත් , ශ්‍රී ලන්කන් ගුවන් සේවය වගේ පහත් තත්වෙක තිබුනේ නැ. ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙ කළමනාකාරීත්වය මේ සේවිකාවන් කොහොම තොරාගත්තද මන්ද . ලස්සන නැතත් සේවාව වත් හොදට කරානම් තමයි හොඳ (ස)
මට පේන හැටියට යානාව හරවන්න ඇත්තේ ගුවන් සේවිකාවන්ගේ රැස්පොට් එකට රෝද වැඩ කරන්නේ නැතිව ගිහින් වෙන්න ඇති. (ස)
පසුගිය කාලයේ, ඔය යානාවල ගිය ලොකු ලොක්කන් සමඟ, නැටුම් කණ්ඩායම්, රුපලාවන්‍ය ශිල්පිනියන්, කෝකියන්, ආවතේවකාරයන් බුරුතු පිටින් ගිය විදියට යානා අබලන්වීම අහන්නත් දෙයක්ද? (නි)
ශ්රී ලන්කන් එකේ ටිකට් කොහොමත් නෙක් ගුවන් සේවා වලට වඩා ගණන්. ඒ නිසා අපි නම් යන්නේ වෙන ගුවන් සේවා එක්කයි (නි)
කොහොමද මහින්දගේ කාලේ මෙහෙම දෙයක් වුනානම්, මැරෙන්න හදයි, දැන් සද්ද නෑ, යහපාලනයෙන් ඇස අන්ධ වෙලා මෝඩයන්ගේ! (ස)
තිලක්-ඩුබායිගේ මොලේ තමයි මොලේ. එ්කත් දේශපාලන ප්‍රශ්ණයක් කරගෙන. (නදී)
කොහොමත් ශ්‍රී ලන්කන් එකේ ටිකට් ගණන්. (නි)
තිලක්-ඩුබායි මොකද මේ? දැන්ද තේරුනේ, දැන් හරි තේරුම් ගියා නම් ලොකු දෙයක්! (නදී)
මමත් මේකට අදහස් නොලිය බැලුව පමණයි.නමුත් ලියපු දේවල් බැලුවම මේක නොලියම බැරි උනා. ඕනෑම ගුවන් යානාවක අපේ ශ්‍රී ලංකා ගුවන් සේවිකාවන්ගේ සේවය මේ වගේ තමයි (නදී)
දැන් ශ්‍රී ලන්කන් එකේ ඉන්න ගුවන් සේවිකාවෝ උසත් නැහැ, ලස්සනත් නැහැ (නි)
මටත් එකපාරක් ලැබුන අත්දැකීමෙන් පසුව ශ්‍රී ලන්කන් ගුවන් යානා එපා වුණා. ලංකාවේ ගුවන් මගින් දැක්කම ගුවන් සේවිකාවන්ගේ මුහුණු ඇඹුල් වෙනවා. ඒගොල්ලන් ගමන් කරන්නේ යානාවටත් අඩි 10 ක් උඩින්.(නි)
අපොයි මමත් ඔය යානාවල නම් ගමන් යන්න කැමති නැහැ. ගුවන් සේවිකාවන්ගේ සුහද කම තියෙන්නේ විදේශිකයන් එක්ක විතරයි. ලංකාවේ කට්ටිය දැක්කම එයාලා හොස්ස දික් කරගන්නවා. (නදී)
යානාව හැරෙව්වේ ාගේ හෝ උවමනාවට නෙමෙයි නේද? පසුගිය කාලයේ එහෙම දේවල් වුණා කියලා ආරංචි වුණ නිසයි අහන්නේ (නි)
අභය , එහෙම වුණ එක අහන්නත් දෙයක්ද? පසුගිය කාලයේ ඔය ගුවන් සේවයට බඳවා ගත්තේ සමහරුන්ගේ ගම්පළාත් වල උදවිය විතරයිනේ(නි)
අපේ ජාතික ගුවන් සේවයේ ගුවන් සේවිකාවන්ට බනින හිතවතුනි. ඔබ දෝෂාරෝපණය කරන්නේ අපේ ජාතියේ සිංහල දියණියන්ට බව මතක තබා ගන්න (දිල්)
ශ්රී ලන්කන් එයාර් නම් නිකන් දෙනවා කිවුවත් යන්න හොඳ නැහැ. ගුවන් සේවිකාවෝ හිතාගෙන ඉන්නේ එයාලට වැඩිය ලෝකේ ලස්සන කවුරුත් නැහැ කියලා(නි)
ගුවන් සේවිකාවන් ගැනනම් කියපු කතා හරි. නමුත් ගුවන්සේවයේ ඉංජිනේරු අංශයේ කලකට පෙර රැකියාව කරපු මට අපේ ගුවන් යානා නඩත්තු කරන ආකාරය ගැන ලේවලින් අත්සන්කරලා සහතිකවෙන්න පුළුවන්.මොකද දකුනුඅසියාවේ හොදම දක්ස සේවක මඩුල්ල සිටියේ ශ්‍රීලන්කන් ගුවන්සේවයේ නිසා ,ප්‍රහ්නයකට තිබුනේ පරිපාලනය පමණි . (ස)
කිව්වත් වගේ පසුගිය කාලයේ සමහරුන්ගේ පවුල් පිටින් ගුවනින් ඇදලා යානාවල රෝද ගෙවෙන්න ඇති. නඩත්තු කරන්නත් සල්ලි නැතිව ඇති . ඇයි සමහරුන්ගේ ගුවන් ගමන් බිල් තාම ගෙවලා නැහැ කියලානේ කියන්නේ. (ස)
කිව්වත් වගේ පසුගිය කාලයේ සමහරුන්ගේ පවුල් පිටින් ගුවනින් ඇදලා යානාවල රෝද ගෙවෙන්න ඇති. නඩත්තු කරන්නත් සල්ලි නැතිව ඇති . ඇයි සමහරුන්ගේ ගුවන් ගමන් බිල් තාම ගෙවලා නැහැ කියලානේ කියන්නේ. (ස)
හරිම කැතයි හිතන් ඉන්නේ සුරංගනාවියෝ කියල. දැක්කම වෙනම හිනා යනවා ගුවන් සේවිකාවෝ වෙච්ච විදිහ ගැන හිතල. (ස)
ලංකාවේ ගුවන් සේවිකාවන්ට දෙන පුහුණුවේ ආචාරශීලීකම ගැන සඳහන් වෙලා නැති බව පෙනෙනවා. කිව්වත් වගේ පිටරටක "පොෂ්" ගුවන් මඟියෙක් දැක්කොත් විතරයි ඒගොල්ලන්ගේ පාරිභෝගික සේවාව ක්‍රියාත්මක වෙන්නේ. (නි)
හරියට හරි. ගුවන් මගීන් සමග ගුවනේදී පුහුණුවීම් කරෙත් ශ්‍රී ලන්කන් එක තමයි. ශ්‍රී ලන්කන් යනවා නම් ත්‍රස්තවාදී සමයේ කොළඹ ගියා වගේ. (ස)
ඉශු, තිලක් -ඩුබායි සැබෑ වෙනසකට ලක් වෙලා, කොහේ හරි ඔලුව වද්දගෙනද කොහෙද? එක්කෝ කාන්තාරේ වතුර උල්පතක් හම්බෙලා, එකෙන් වතුර බීල මොලේ කොලොප්පන් වෙළද කොහෙද ? (නදී)
මෙතෙන තිබුනේ තාක්ෂණ දෝෂයක්. එහෙම නැතුව ගුවන් සේවිකාවන්ගේ කැත ලස්සන නොවේ.අනික, සේවිකාවන් පොඩ්ඩක් සිනා උනොත් මුළු ගමනේදීම,විස්කි, බ්‍රැන්ඩි දීල ඉවරයක් නෑ.නිකම් දෙනවනම් ඕන කුණු ගොඩක්. (ස)
දිනය 2013 මැයි මාසේ දවසක මම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයකින් ලංකාවට ආවා. වැස්ස නිසා අපේ ගමන් මලු ටික ගන්නම පැය 3 ක් ඉන්න සිද්ද වුනා. ගුවන් නියමුවත් ගුවන් යානය දිහා බලන් ඉන්නවා එයාගේ ගමන් මලු ටික ගන්න. අපිත් බලන් ඉන්නවා. ඇමරිකන් සුදු ජාතිකයෙක් මට කියනවා ඩුබායි සිට ලංකාවට එන්න ගියේ පැය 4.30 යි අර පේන ගුවන් යානයේ තිබෙන ගමන් මලු ටික ගන්නම දැන් පැය කියක් හිටියද කියලා. මේ නිසා එදා දවසේ සියලුම ගුවන් ගමන් ප්‍රමාද වුනා. වැස්සකදී තෙමෙන්නේ නැතිව ගමන් මලු ගන්න වාහන සියල්ලම මත්තලට යවලා. ඉදගන්න පුටුවේ ඉදලම මත්තලට යවලා. ඒ වුනාට අලුතින් ගෙනවුව ගානට බිල දාගෙන ඇති. කාට කියන්නද? (නදී)
නිලංග, කොහොමත් තමුන්ගේ තමන්ගේ කෙනාට ආදරය අඩුයි නේද ? (ස)
ගුවන් සමාගමේ සබාපති වෙලා හිටියෙක් රාජපක්ෂලාගේ කෙනෙක්. ඉතින් ඔය ගුවන් සේවිකාවන්ට තියෙන්නෙත් ඒ උනමයි. ඉහත සදහන් සියලුම අදහස් සත්‍යයි.(නදී)
එයාර් ලංකා ගුවන් සමගම තියනකොට එය ලෝකයේ හොදම ගුවන් සමාගම් සමග කරට කර ඉන්න පුළුවන් සේවාවක් තිබුන. ලංකාවට අයත් ත්‍රී ස්ටාර් අලුත් ම ගුවන් යානා 06 තිබුන. තායි එයාලයින් එකට අාහාර සැපයුයේත් අප සමගම. දක්ෂ කාර්ය මණ්ඩලය හා පුහුණු නඩත්තු ඉන්ජිනරුවන් සිටි නිසා ගුවන් අනතුරු "0" තිබුණු ආසියාවේ එකම ගුවන් සේවාව. අපේ යානා රටවල් 20 වැඩි පියාසර කලා. සිගප්පුරු ගුවන් සමගින් පුහුණු කල බහුතරය බර්ගර් ජාතික ගුවන් සේවිකවොත් ඉතාමත් ආචාරශීලී. එය දේශපාලනය කරනයකොට විකුණා දමීමන් විනාස කොට අද තියන ටන වැටි තියනවා. (ස)
රටේ "බත් කන හරක් /බත් බාලයෝ"ලංකාවේ හිටියට ,පිට රටවල පය ගහපු අයගේ අදහස් කොහොමද?රාජපක්ෂලා රටට කරපු විනාසය ලෝකයේ කිසිම කෙනෙක් ඒ රටවලට කරලා නැහැ.(නදී)
මගේ නමින් දමා ඇති පහත අදහස මගේ නෙමෙයි. ‘කොහොමද මහින්දගේ කාලේ මෙහෙම දෙයක් වුනානම්, මැරෙන්න හදයි, දැන් සද්ද නෑ, යහපාලනයෙන් ඇස් අන්ධ වෙලා මෝඩයන්ගේ‘‘ (නදී)
අර කෝටි ප්‍රකෝටි ගානක් මහජන මුදල් කාබාසිනියා කරලා හදපු මත්තල ගුවන් තොටුපොලෙන් මොනවා කරන්නද හිතන් ඉන්නේ? ඕවා කරලා ඩොලර් කෝටි ප්‍රකෝටි ගණනින් බැංකු පුරවපු අය දෙපැත්තෙන්ම හිනා වෙනවා ඇති අපේ රටේ "බත් කන හරක්" ගැන හිතලා. (නදී)
රාජපක්ෂ නම රටේම කැත කරලා ඉවරයි. පේනවනේ අදහස් කන්දරාව.(නදී)
ඉස්සර 1993 දී ගුවන් සේවිකාවන් කටුනායකට යන්න ඊබර්ට් සිල්වා බස් එකට එකතු වෙන්නේ ගාලු මුවදොර හෝටලය ඉස්සරහින්. බලන්න එපායැ ගුවන් සේවිකාවන්ගේ ලස්සන .හරියට මොනරු ටිකක් පිල් විදහාගෙන ඉන්නවා වගේ බලන්න ලස්සනයි. එ්කට දැන් මෙලෝ රහක් නැහැ.(නදී)
අපේ ගමේ ජොසපින් අක්කගේ සිරියලතා ඉංග්‍රීරිසි ටිකක් කියා ගන්න පුළුවන් උනා නම් ශ්‍රී ලංකන් එකේ ඉන්න කාටවත් වඩා ලස්සනයි. දැන් ඉන්න වැඩි හරියක් පන්දමට ආපු අය (නදී)
රාජපක්ෂ කාලේ බුරුතු පිටින් කොහේ හරි රටකට ගියහම නැවත එනකම් සති ගණන් ඒ ගුවන් යානය තියන් ඉන්නවා. ෂි ෂෙල් වලට ගිය ගමනෙදි සති දෙකක් තියන් හිටියා. රටට මොන තරම් පාඩුවක්ද? අපේ රටේ බුරුවො තවම මහින්ද පස්සේ යනවා.(නදී)
ලොකු ලොක්කන් සමඟ, නැටුම් කණ්ඩායම්, රුපලාවන්‍ය ශිල්පිනියන්, කෝකියන්, ආවතේවකාරයන් සිය ගණන් බුරුතු පිටින් මහින්ද රාජපක්ෂගේ සනුහරේම අරගෙන රටවල් වලට යන්නෙත් විශේස ගුවන් යානාවකින්. මොකෝ අතින් මිටින් ගෙවනවා කියලද? ඒවා ගෙවන්න තමයි රටේ "බත් කන හරක්" ඉන්නේ. (නදී)
ඇත්තටම කිවම මොකද නිලංග,මමත් එකේ ඉන්න ගුවන් සේවිකාවන්ගේ හැසිරීම නම් අනුමත කරන්නේ නැහැ. (ස)
ඔයලට තේරෙන්නේ නැහැ (නදී)
ඔයාල දන්නවද චෙන්නායි ඓයාර් පෝර්ට් එකට ගෙවපු ගාන කීයක්ද කියලා. ඕනම රටක බැකප් එයාර් පෝර්ට් එකක් ඕනා. දැන් ලංකාවටත් තියෙනවා. එ්කට මහින්ද මහත්තයට බනින්න එපා, මෙතෙක් කාලයකට අනතුරු අඩුම ගුවන්සේවය අපේ එක. (නදී)
මෙහි ගොඩක් අය කමෙන්ට් කර ඇති ගුවන් සේවිකාවන්ගේ සොබන හා අකාර්‍යක්ෂක භාවය පිලිබදව එකග වෙමි. (ස)
මේ හඳුනාගත් කාර්මික දෝෂය ගුවන් සේවිකාවන්ගේ උද්දච්චකම නිසා ඇති වුවක් යැයි මම නොකියමි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය දිගටම හොඳින් සිය සේවය සැපයීම ගැන අප ඔවුන් අගය කලයුතුය. ඒ වෙනුවෙන් මගෙන් මල් මිටක්. (නදී)
මාත් හැමදාම ගියේ ශ්‍රී ලංකන් එකේ. ඔය කියන අඩු පාඩු මම දැක්කේ නැහැ. මම අහල තියන විදියට මැද පෙරදිග යන කට්ටිය දිහා එයාල බලන්නේ ඔය කියන විදියටලු. (නදී)
පසුගිය කාලයේ, ඔය යානාවල ගිය ලොකු ලොක්කන් සමඟ, නැටුම් කණ්ඩායම්, රුපලාවන්‍ය ශිල්පිනියන්, කෝකියන්, ආවතේවකාරයන් සිය ගණන් බුරුතු පිටින් මහින්ද රාජපක්ෂගේ සනුහරේම අරගෙන රටවල් වලට ගිය විදියට ඕවයේ තෙල් වතුරවත් තියා රෝද වල හුලන් වත් බලන්න වෙලාවක් තිබුනේ නැහැ. යානා අබලන්වීම අහන්නත් දෙයක්ද? (ස)
එකිනෙකට ගරු නොකරන පුරවැසියන් තමයි ශ්‍රී ලාංකිකයෝ කියන්නේ. ගුවන් සේවිකාවෝ විතරක් නෙමෙයි ඔක්කොම එකයි. හැබැයි ඉතින් සුදු හමටයි, ඉංග්රිසියටයි නම් ඉතින් දෙකට නෙමෙයි දහයට උනත් නැමෙයි. (ස)
ඔකේ වැඩකරන සේවිකවො ඔක්කොම දේශපාලකයන්ගේ නෑදෑයෝ ඔතන රස්සාවට එන්නේ සල්ලි තියෙන මිනිහෙක් හරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් හරි අල්ලගන්න. (ස)
ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් එකම ගුවන් යානාවක්වත් නොමැත. ඔක්කොම තියෙන්නේ වෙන රටවල ගුවන් සමාගම් වලින් කුලියට ගන්නා ලද ගුවන් යනාවන්ය. නම ගහලා අපේ සේවකයෝ හිටියට එම යානාවල අයිතිය අපිට නොමැත. මෙසේ කිරීමෙන් කොමිස් කුට්ටි වැඩිකරගත හැකිය. කොහමද අපේ පට්ට හොරාගේ වැඩ ? (ස)
මහින්ද මහත්තයාගේ වටිනාකම දැන්ම නෙමෙයි තේරෙන්නේ. තව පස්සට.(නදී)
කලක් පටන් ඩුබායි ඉන්න තිලක්ගේ මොලේ හිලක්. පවු අපි සමාව බජනය කරමු.(නදී)
මේකත් බටහිර කුමන්ත්‍රණයක් කියල අරය කියයිද ? (ස)
අනිත් ඕනෙම ජාතියක් තමන්ගේ ජාතියේ මිනිස්සුත් එක්ක හොදට කතා කරනවා. සිංහල කෙල්ලෝ තමයි, තමාගේ ජාතියට පුම්බගෙන, සුද්දන්ට පැනල දෙන්නේ. (ස)
අම්මෝ මම නම් කවදාවත් ඕකේ යන්නේ නෑ මොකද වැඩි ගානක් දීලා හරි වෙන එකක යනවා. ඕකේ වැඩ කරන ලංකාවේ අක්කලා අඩි පනහට උඩින් යන්නේ. අපි වැඩි ගානක් දීලා හොඳ එකක යනවා. (ස)
මේ සියලුම අදහස් අනුමත කරමි. මාත් ශ්‍රීලංකන් මගියෙක්. මැද පෙරදිග යන මගීන්ට එයාල සලකන්නේ නැහැ. සමහර සේවිකාවෝ නම් හුගක් හොඳයි. මාත් ශ්‍රීලන්කන් යන එක නවත්වා ඕමාන ගුවන් සේවයේ යමි. හේතුව අපට කුඩම්මාගේ සැලකිලි නිසාය,දෙන කෑම නම් සටෙකුටවත් දෙන්න හොඳ නැත. (නදී)