නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී පී.දිගම්බරම් මහතා ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමති ලෙසද, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන් මහතා විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය ඇමති ලෙසද අද දිවුරුම් දුන්හ.
නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී පී.දිගම්බරම් මහතා ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමති ලෙසද, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන් මහතා විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය ඇමති ලෙසද අද දිවුරුම් දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට අපි ගිනස් වාර්තාවක් පිහිටුවයිද දන්නෙ නැහැ, ලෝකයේ මන්ත්‍රීවරු නැති ඇමතිවරු පමණක් ඉන්න එකම පාර්ලිමේන්තුව කියලා (නි)!
බන්දුලට සත්‍ය අවබෝධ වෙමින් පවතී (නදී)
මදි මදි... මම නම් කියන්නේ ආසියාවේ ආශ්චර්යයට යන්නට තව ඕනෑ. සියලුම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ඇමති උප ඇමතිකම් දෙන්න ඕනෑ. ලෝකෙන් උතුම් රට සහ ධනවත්ම රට අපේ ලංකාව (නි)
තවත් දෙන්නෙක් වැඩි කළා. (නදී)
අන්න නියමයි. ජය වේවා! (නි)
රටේ පොදු වැසිකිළි වල තත්වය අන්තිමයි. කරුණාකර පොදු වැසිකිළි ඇමති කෙනෙකුත් පත්කළ මැනවි! (නි)
බන්දුලලා දෙන්නෙක් ඇමති මන්ඩලයට වැටී ඇත. ඉඩම පිටට ගියා මලේ. (නදී)
දැන් නම් ඇමතිලා උප ඇමතිලා වැහි වැහැලා (නි)
පාලකයන්ගේ බලයේ ඉදිමේ කෑදර කම සිමා රහිත උනාම මෙවැනි සිදු වීම් තව තවත් ඉදිරියේදී සිදුවේවි. එවිට මේ බර රටේ අහිංසක ජනටහවට කරගහන්න වෙන එකනම් වලක්වන්න බැහැ.(නදී)
බන්දුලට වගේම අනික් අයටත් සත්‍ය අවබෝද වෙනකොට පෙරහැර ගිහින් ඉවරයි. (නදී)
බන්දුල පෙරේරා කියන දේ සත්‍ය වෙන්නේ ජනතාවගේ මහජන ඡන්දයෙන් පමණක් නියෝජිතයන් පත්වෙන රටකට. (නි)
ඇත්තටම තවත් ඉතුරු වෙලා ඉන්නවද ඇමතිකම් දෙන්න ? (නදී)
මම ඒකනේ බන්දුල පෙරේරාට කලින්ම කිව්වේ මුහුණු ආවරණය කළ හොඳ හිස්වැසුමක් දැන් ඉඳලම ළඟ තියාගන්න කියලා. (නි)
ඇත්තමයි මට දැනෙන සතුටේ තරම කියන්න වචන නැහැ. (නදී)
බන්දුල පෙරේරා වගේ මේ වෙනකොට අනිකුත් බස් එකේ දුම්රියේ එල්ලිලා උදේට/හවසට රැකියාවට යන රජයේ සේවකයන් ලක්ෂ 40 ට සහ පුද්ගලික අංශයේ ලක්ෂ 65 ට සත්‍ය අවබෝධ වෙමින් පවතිනවා.(නදී)
අපිනම් කලින්ම සත්‍ය අවබෝද කරගෙන මගේ පවුලේ අයත් එක්කම දුකක් නැතිව සැනසිල්ලේ නිදා ගන්නවා. (නදී)
හෙට අනිද්දා වෙනකොට කන බොන අත්‍යවස්‍ය අහාර වල මිලට බදු ගහල 100% කින් බදු මිල ඉහල යනකොට කොහොමද හිතට ගතට දැනෙන සනීපෙ. කට්ටියට හොදට නින්ද යාවි.(නදී)
අපේ ප්‍රදේශයේ අපද්‍රව්‍ය කුණු බැහර ලන කටයුත්ත හරියට කෙරෙන්නේ නැහැ. කසල ප්‍රවාහන ඇමති කෙනෙක් අපිට ඕනෑමයි. (නදී)
දැන් ඉතින් අපි ලංකාවට නිවාඩුවට එද්දී අරන් එන පරිප්පු,කිරිපිටි,හාල්,කරවල ටිකටත් බදු ගහයිද දන්නෙ නැහැ (නි)
ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු 35 ට අඩු කරනවා කියලා නේද ඉස්සර කිව්වේ? (නි)
කට්ටිය කියන විදියේ සත්‍යයක් මට අලුතෙන් අවබෝධ වෙලා නැහැ. එහෙම වෙන්න අවශ්‍යත් නැහැ. මම හැමදාමත් සත්‍යයත් එක්ක අවබෝධයෙන් ඉන්න මිනිහෙක්. මේ දේශපාලන රටාවේ පාර්ලිමේන්තුවේ බලය රැක ගන්න එක එකාට දොළ පිදේනි දීම අනිවාර්යයි. ඒක මේ පවතින රජයට වගේම හිටපු සහ එන්න ඉන්න රජයන් වලටත් සාධාරණයි. ඉදිරියට මේ රජය ඉවත් කරලා නව රජයක් බලයට ආවොත් ඒ එන්නේ කොයි වෙලාවේ කඩා වැටෙයිද කියල බයේ ගැහෙන ආණ්ඩුවක්. එහෙම ආණ්ඩුවක ඇමති මණ්ඩලය මෙයිටත් වඩා ගොඩක් වැඩි වෙන්න පුළුවන්. නමුත් මේ රජය එහෙම කඩා වැටීමක් ගැන බයක් තියා ගන්න අවශ්‍ය නැති තුනෙන් දෙකේ බලයක් තියෙන ආණ්ඩුවක්. අදටත් ඕනෑම ඡන්දයකින් කිසි තර්ජනයකින් තොරව බහුතරය ගන්න පුළුවන් ආණ්ඩුවක්. ඒ කඩා වැටෙන ආණ්ඩුවක තියරිය මේ රජයට අදාළ නැහැ. ශක්තිමත් රජයක් දාල සිය දිවි නසා ගන්න කව්රුවත් යන්නේ නැහැ. මට ප්‍රශ්නේ එහෙම තියෙද්දී මේ රට හිනස්සන ලෝකේ හිනස්සන මේ ක්‍රියාවලිය කරන්න තරම් අද බාලයින් මේ රජයේ ඉන්නවාද කියන එකයි. මේ රජයේ ශක්තිය ආකර්ෂණය පැවැත්ම හැම දෙයක්ම රැදිලා තියෙන්නේ ජනාධිපතිතුමාගේ පෞරුෂය මත මිස මේ පාර්ලිමේන්තුවේ ඉන්න හොරු රැල නිසා නෙමෙයි. ඒක අවබෝධ කර නොගත්තොත් ජනාධිපති තුමා වැටෙන්නේ ලොකු අමාරුවක. මේ රටත් වැටෙන්නේ ලොකු අමාරුවක. (නදී)
කෝ අර විමල් ගේ කරුණු 12 , එය ඇමති මණ්ඩලේ වැඩි කරනවට කැමති ඇති ද? (අ)
ඌවේ ඡන්ද ප්‍රතිපල කලින්ම පිට වෙලා වගේ.(අ)
දැන් මුළු ගණන කියාද? එයත් පලකලනම් නේ හොද,ලෝක වාර්තාවක්, (අ)
බන්දුල, ජනාදිපති විතරක් නොවේ රටත් දැන් වැටිලා ඉන්නේ ලොකු අමාරුවක. ගොඩ එන්න අච්චර ලේසි පහසු නැහැ. (නදී)
මේ රජය පවත්වාගෙන යන්න එක එකාට දොළ පිදේනි දීල සතුටු කරන්න අවශ්‍ය නැහැ.එකට අවශ්‍ය බලය ඔබ තුමාට අවශ්‍ය අන්දමට මිනිස්සු ලබා දීල තියෙනවා...නමුත් ඔබ තුමා කටයුතු කරන්නේ මේ රජය අර ඉස්සර වගේ කොයි වෙලාවේ කඩා වැටෙයිද කියල බයේ වගේ..අලියාගේ තරම අලියා දන්නේ නැහැ වගේ ඔබ තුමාගේ බලයත් ඔබතුමා දන්නේ නැහැ ....මේ කාටවත් දොළ පිදේනි දීල ආණ්ඩුව රැක ගන්න බැහැ මිනිස්සුන්ට එපා වුණු දවසට..ඔය පිදේනි ගන්න එවුන් එකෙක්වත් එදාට හොයන්න ලැබෙන්නේ නැහැ.. මිනිස්සු දිනාගන්නවා මිසක් ඇහුවම මිනිස්සුන්ගේ ලේ රත් වෙන විපක්ෂයට තොග පිටින් ආයුධ දෙන මේ ක්‍රියාවන් නතර නොකොළොත් ඔබ තුමා ඔබ තුමාගේ ශක්තිය අවබෝධ කර නොගත්තොත් ජනතාවගෙන් ඔබතුමාත් ප්‍රතික්ෂේප වන දවස වැඩි ඈතක නැහැ..ඒ දේ දකින්න අපි අකමැතියි.....මිනිස්සු සතුටු කරන්න ..ඔවුන් ඔබව තැබිය යුතු තැන තියාවි..නමුත් මිනිසුන් සතුටු නොකර යකුන් සතුටු කරන්න ගියොත් ඔබතුම මිනිස්සුන්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා වගේම යකුන්ගේ ගොදුරකුත් වේවි..(අ)
දැන් එතකොට ඔක්කොම ආණ්ඩුපක්ෂ මන්ත්‍රීලා ඇමතිලද?(දිල්)
සීලා කියනවා වගේ දැන් අපිට රකින්න කියල දෙයක් ඉතිර කරලත් නැහැ. ඉතිරි වෙලත් නැහැ. (නදී)
දවල් හීන දකින බන්දුල පෙරේරා බලන් ඉන්නකෝ ඉදිරියේදී මොනවද වෙන්නේ කියල. (නදී)
අර " රැජිනගේ" කාලෙදිවත් මෙවැනි ඇමති/උප ඇමතිලා කන්දරාවක් හිටියේ නැහැ නේද? (නදී)
බන්දුල පෙරේරා, මේ රජයේ ශක්තිය ආකර්ෂණය පැවැත්ම හැම දෙයක්ම රැදිලා තියෙන්නේ...මොකක් මතද?.මට පැහැදිලි නැහැ. (නදී)
අවුලක් නැහැ. තව කෂ්ටිය වැඩිකරන්න. රටේ දියුනුව වෙනුවෙන්නේ නේද? ඒ අයගේ වැටුප්, පහසුකම් සදහා දිමනා,නොයෙකුත් සවාරි සදහා දිමනා අපි ගෙවන්නම්.(නදී)
රැකියාවට අනුව හැකියාව කියලා දැන් ඉතින් භාෂාව ඉගෙන ගන්න වෙයි. අද හැකියාවට අනුව රැකියාව ලැබෙන්නේ නැහැනේ. (නදී)
බන්දුල මල්ලි මාර දුකයි නේද? මොනවා කරන්නද ඔය ඔක්කොම කරන්නේ අපේ යහපතට පුතේ. ඉතින් නාඩා ඉදින්. මටත් ඇඩෙනවා. අපි දෙන්නාම ගිහින් කියමු ඔය වැඩේ කරන්න එපා කියලා එතකොටවත් අහාවී (නදී)
අනේ කොහොමහරි කරලා අපිව තව ටිකක් කන්න. පුලුවන්නම් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීලා සියලු දෙනාම අැමති හෝ උප අැමති බවට පත් කරන්න. ඒගොල්ල සියලු දෙනාටම අැමති ආරක්ෂකයෝ පරිවාර වාහන ඇතුළු පහසුකම් දෙන්න (නදී)
සීනි වලටත් ඇමති කෙනෙක් ඉන්න එකේ නරකද කසල තේ වලටත් අමාත්‍යාංශයක් හැදුවොත්? (නදී)
හුරේ, තව ඕනා තව ඕනා අපිට දැන් ඇත්තටම නැත්තේ ඇමතිලා නේ ජයවේවා! (නදී)
තව මදි .....තව දෙන්න .... (නි)
ලංකාවේ හේනේ ඕක තමයි හැමදේම කරන්නේ. ඡන්ද බලාගෙන ජනාධිපතිවරනෙට උදව් ගන්න නොකරන දෙයක් නැහැ. මේවා ජනතාව දැන්වත් වෙනස් කරන ඕනේ (නදී)
ඇමැති මණ්ඩල කළමණාකරන නමින් ඇමැති තනතුරක් සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ද පත් කරන්නේ නම් මැනවි (නදී)
බන්දුල මහත්තයෝ, දැන් තේරෙනවා ඇතිනේ කෙරුවාව. හුඟදෙනෙක් ආණ්ඩුවේ වැඩ විවේචනය කළවිට ඔල්මාද කතා කළා. අපි ඉන්නේ අන්ධ රටකයි. (නි)
පැහැදිලි වෙන්න ඉතින් එහෙම එකක් ඩුබායි තිලක් ගාව තියෙන්න එපැයි.එකක් ටිකක් හරි ලඟ නැතුව ඉතින් මම ඕක කොච්චර පැහැදිලි කළත් වැඩක් නැහැ..ඒ වචනේ ඩුබායි තිලක්ට අදාළ නැහැ..ඒ ගැන හිතන්න එපා..(අ)
පන්දම නිවෙන්න බොහොම ළඟයි වගේ (නදී)
මේ ඇමතිවරුන්ගේ පට්ටම් නාම ටික ඔක්කොම කොහොම මතක තියාගන්නද මන්දා? (නි)
ඇත්තටම මොකක්ද අපේ රටට සිද්ද වෙන්න යන්නේ? (නදී)
මොකෝ කුඹුරෙන් එන ආදායමෙන් ගෙවනවා කියලයි (නදී)
ඔහොම යන් (නදී)
මොන වාසනාවක් ද ? (නදී)
තව කී දෙනෙක් ඉන්නවද දන් නැහැ මොකුත්ම නැතුව. ඒ අයටත් දීලා දැම්මා නම් ඉවරයි. (නදී)
දැන්නම් යන්නේ අන්තිම හරිය වගේ (නදී)
බන්දුල පෙරේරා සැහෙන කාලයකට පස්සේ සත්‍ය කතා කළා.බන්දුලට යතාර්ථය තේරිච්ච එක ලොකු දෙයක්. ඕවා අපිට නම් තේරිලා ගොඩක් කල්. (ස)
කාට කියන්ද මේ මහජන සල්ලි නාස්තිය ? (නදී)
විදුලි සංදේශය පාඩුයි කියලා ඇමිත කියනවා. ඒත් තව උප ඇමතිලත් පත් කරනවා. (ස)
එහෙනම් හෙට දිහාට පරිප්පු, ලුණු, අල, ළදරු කිරිපිටි, ගෑස් ඔක්කොම වැඩිවෙයිද දන්නෙ නැහැ (නි)
තව තවත් ඉදිරියට පත්වේවි. (නි)
අයියෝ දෙන්නද? මදිනේ! (නි)
පිස්සුද කොහෙද. තමන්ගේ බඩ වඩා ගන්න බැහැනේ මේ වගේ දේවල් නොකොළොත්. ඡන්දෙත් ලග ලගම එනවනේ. මේවට ඉතින් මොනවා කියන්නද (නදී)
අනේ හොදා .තව දෙන්න අපි හිඟාකෑවත් කමක් නෑ (නදී)
ඇයි මේ එකපාරටම දෙන්නෙක්? (නි)
අපෝ ඔය මදි පොල්ගස් නගින්නත් ඇමති කෙනෙක් දැම්මොත් හොඳයි කියල හිතෙනවා. ලෝකයේ ලොකුම ඇමති මණ්ඩලය අපේ (නදී)