පැල්මඩුල්ලේ ව්‍යාපාරිකයකුගේ නිවසකින් බලපත්‍ර නොමැති අලි පැටවකු සොයාගත් බව වනජීවී වැටලීම් අංශය කියයි.
වයස අවුරුදු තුන හමාරක් පමණ වන මෙම අලි පැටවා වන ජීවී භාරයට ගෙන ඇති අතර ව්‍යාපාරිකයා අත් අඩංගුවට ගත් බවද වනජීවී නිලධරයෝ කියති.
මේ අතර මහරගම පුවක්පිටිය විහාරස්ථානයේ සිටි අලියකු පරීක්ෂාවට ලක් කළ වනජීවී නිලධරයෝ 2002 දී ලබාගත් බලපත්‍රය අනුව වසර 3ක් ලෙස සඳහන්ව ඇතත් මේවන විට අලියාගේ උස සමග එම වයස නොගැලපෙන බව කියති.
පන්සල හා අනෙකුත් දේපළ සම්බන්ධව අධිකරණයේ නඩුවක් ගොනුකර ඇති බැවින් අලියා අත් අඩංගුවට ගත නොහැකි බවත් ලබන සඳුදා නුගේගොඩ අධිකරණයට ඒ සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කරන බවත් ඔවුහු කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීරවංශ මහත්තයා වේදිකාවලට නැග්ගේ නැත්නම් ඒ ටික තමයි වෙන්නේ. (නදී)
මට නම් හිතුනා මොකක්හරි අලි ප්‍රශ්නයක් ඔය පැත්තේ ඇති කියලා (නි)
අදාල පුද්ගලයන්ට කිසිම දඬුවමක් නැද්ද? පිටට තට්ටුකරලා යවනවා. (නදී)
පවු අහිංසක සත්තු! (නි)
අලියට හොඳ මතකයක් තියෙනවා. රැලේ ඇතින්නට පැටියෙක් ලැබුනම රැලම එකතුවෙලා ආරක්ෂා කරනවා. එහෙම තත්වයක් තුළ මේ පැටවුන් ඩැහැගත්තේ කොහොමද කියලා පරීක්ෂා කරන්ඩ (නදී)
ලංකාවේ අලුත්ම තහනම් ද්‍රව්‍ය තුන 1. අලි පැටවූ 2. හමර් 3. ඩිෆෙන්ඩර්
මිනිස්සු මේ සැරෙත් කාලගුණ සැලකුවා නම් කැලේ අලියක්වත් ඉතිරි වෙන්නේ නෑ.(හේ)