තලාව හා තඹුත්තේගම අතර ගංවතුරින් දුම්රිය මාර්ගයට වූ හානිය පිළිසකර කිරීමට අඩු ගණනේ දින දෙකක්වත් ගතවෙතියි අනුරාධපුර දුම්රිය පාලන මැදිරිය කියයි. උතුරේ සිට එන දුම්රිය තලාව දක්වා ද කොළඹින් යන දුම්රිය තඹුත්තේගම දක්වා ද ධාවනය කැරෙන බවත් තලාව හා තඹුත්තේගම අතර දුමිරිය ඒකාබද්ධ බස් සේවයක් යොදා මගීන්ට පහසුව සලසා ඇති බවත් දුම්රිය දෙපාර්තමේනතුව කියයි.
තලාව හා තඹුත්තේගම අතර දුම්රිය මාර්ගය තැනක ජලයෙන් සෝදාගෙන යෑමත් තැනක ජලයෙන් යටවීමත් නිසා උතුරු මාර්ගයේ දුම්රිය ගමනට බාධා එල්ල වී ඇත.
ධාවනය කිරීමට නොහැකිව දුම්රිය හතරක් පමණ එක දිගට නවත්වා ඇතැයි ද කියති.
ජායාරූප - මංජුල සේනානායක

![IMG_4099[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/IMG_409911.png)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දා මේවා හදනකොට මෙහෙම වෙයි කියලා හිතලා නැහැ නේද? (නි)