සන්ධානයට බලය හිමි තෙල්දෙනිය (මැද දුම්බර) ප්‍රාදේශීය සභාවේ 2015 අය වැය වැඩි ඡන්දයකින් පරාද විය.
සභාපතිනි සුනේත්‍රා ජයරත්න මහත්මිය ඉදිරිපත් කළ අයවැයට පක්ෂව ඡන්ද හයක් ද, විරුද්ධව ඡන්ද හතක් ද ලැබිණි.
සන්ධානයේ රණසිංහ විජේකෝන්, අශෝක සමරකෝන්, ඩී ජී කුලරත්න, තුසිත ධර්මප්‍රිය සහ එස් බී හක්මන මහත්වරු ඡන්දය දීමට නොආහ.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීට පමණක් යතුරු පැදි දෙන බව කියමින් විපක්ෂ මන්ත්‍රීවරු කළු පටි පැළැඳ සිටියහ. අයවැය පරාජය වීමෙන් පසු විපක්ෂයේ මන්ත්‍රීවරු සබාවෙන් එළියට පැමිණ රතිඤ්ඤා පත්තු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසනායේ තවත් කොටසක්.(හේ)
තව ප්‍රා සභා අය වැය ඉස්සරහට පරදියි.(හේ)
ජනාධිපතිවරණයට වෙන්නෙත් ඕකම තමයි.(හේ)
සීතල හරි රස්නෙයි හරි කියලා කල්දාගත්තා නම් මෙහෙම වින්නැහියක් නෑනේ. (හේ)
මේකෙදි වෙන්නෙ සභාපති එක්ක තියන තරගයට ඉරිසියාවට පලවෙනි වටයේ පරද්දනවා.ඊලඟට දෙවෙනි පාර දිනවනවා. එච්චරයි.(හේ)
නිශාන්ත දවල් හීන දකිනවා. (නි)
අට වෙනිදට වෙන්නෙත් ඕකම තමයි (නදී)
මොනවා වෙන්න යනවද මන්ද. (ස)
සමහර මන්ත්‍රිවරු මනාප හේතුව මත සභාපති සමග තරහයි (නදී)
ජනාධිපතිවරණයට වෙන්නෙත් ඕකම තමයි. (නදී)
සභාපතිට විරුද්ධ නිසාමයි ඔය අය වැය පරදින්නේ.(හේ)
පක්ෂ, විපක්ෂ දෙගොල්ලම ජනතාවගේ බදුසල්ලි වලින් යැපෙන ගමන් පිස්සු නටන එක නෙමේද කරන්නේ? හැමදාම පරදින්නේ අහිංසක ජනතාව. මේ අය කොයි පැත්තේ හිටියත් හැමදාම දිනුම්. අපියි පරාද. (නදී)
තවත් නාය යෑමක්. (බ)