(ප්‍රසාද් රුක්මල්)

බදුල්ල තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේන් පලාගිය රැදවියන් තවත් සිව්දෙනකු අද 17 රාත්‍රි කන්දකැටිය වැල්ලවලතැන්න පාර 10 කොටස බදුලුඔය රක්ෂිතයේ කුඹුරු යායකදි අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ පුනුරුත්ථාපනය වෙමින් සිටි කොළඹ මෝදර මට්ටක්කුලිය , වැල්ලම්පිටිය , දෙමටගොඩ, මාලිගාවත්ත යන ප්‍රදේශ වල පදිංචි අවුරුදු 22, 24,26 සහ 27 වයසේ පසුවෙන තරුණයන් සිව්දෙනකු යැයි පොලිසිය කීය.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට පත් වී අධිකරණ ය මගින් බන්ධනාගාර ගත කර බදුල්ල තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ පුනුරුත්ථාපනය වීමට මීට මාස දෙකකට ඉහතදී මොවුන් සිවුදෙනා මෙහි පුනුරුත්ථාපනය සදහා එවා ඇති බවත් පොලිසිය පැවසීය.

එසේ සිටියදී අද (17) අලුයම බදුල්ල තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ සිටි රැදවියන් නවදෙනකු ඉන් පැන පලාගොස් ඇති අතර ,පලාගිය රැදවියන්ගේන් දෙදෙනකු පෙරවරුවේ තල්දෙන ප්‍රදේශයේ ලදු කැකැළෑවක සැගවී සිටියදී බන්ධනාගාර නිළධාරින් සොයා ගත්හ.