තලංගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සපුමල් ඒකනායක මහතා පෙරදින සිට ආගිය අතක් නැතැයි පොලිස් ආරංචි කියයි.
තලංගම කොස්වත්තේ ගෙවල් බිඳීමක් සම්බන්ධ පැමිණිල්ලකට බ්‍රහස්පතින්දා (27) උදේ එම උප පොලිස් පරීක්ෂකවරයා ගොස් ඇති බවත්, ඉන් පසු නැවත පොලිසියට පැමිණ පෙර ගිය නිවසටම ගොස් ඇති බවත් පොලිසිය පවසයි.
එම නිවසට ආ උප පොලිස් පරීක්ෂකගේ මිතුරකුගේ බව කියන වෑන් රියක නැගී උප පොලිස් පරීක්ෂකවරයා පිටව ගිය බව නිවැසියන් පොලිසියට කියා ඇත.
එලෙස පිටව ගිය බව කියන උප පොලිස් පරීක්ෂක සිකුරාදා (27) සවය හය පමණ වන තෙක් ආගිය අතක් නැතැයි ද, පොළොන්නරුවේ ඔහුගේ නිවසට ගොස් ඇත්දැයි පරීක්ෂා කළත් එහි ද ගොස් නැතැයි ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙම ලෝකයක් !! ඉස්සර කාලේ පොලිසියට යන අය අතුරුදන් වෙනවා. දැන් කාලේ, පොලිසියේ මහත්තයෝම තමා අන්තරස්ධාන වෙන්නේ. අනේ කාලේ, වනේ වාසේ !!!!! (ස)
මොකොද මෙයාගේ යුනිෆෝර්ම් එකේ නොම්මර තහඩුවක් නැත්තේ ? ක්‍රයිම් ඕඅයිසී නිසාද එහෙම උනේ? (ස)
නන්ද ලාල් , සාජන් නිලයෙන් පස්සේ නිලධාරින්ට අංක තහඩු නැහැ (ම)
නන්දලාල් දන්නේ නැද්ද උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට ඉහලට නොම්මර තහඩු භාවිතා නොකරන බව. ප්‍රන්සයේ සිට අපබ්‍රංස කතා කරන එකනම් හරි මදිනේ මල්ලි (නදී)
සුමනදාසගේ ගෙදර ගිහින් අන්න පේනයක් බලනවා (ම)
ගෙවල් බිදීමේ පැමිණිල්ලට තනියම ගියේ මොකද? (ත)
හය පාලනය කියලා වැඩක් නෑ. (ත)
අහිංසක මනුෂ්සයාට මොකක් හරි කරදරයක්ද දන්නෑ (ත)
ඉන්ටඩික් වෙලා ඉඳල ඇවිල්ලත් වැඩි කාලයක් නෑ නේද?.(ත)
දෙමටගොඩ ,කොළොන්නාවේ පැත්තේ ගියාද දන්නේ නැහැ (ස)