තලංගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සපුමල් ඒකනායක මහතා පෙරදින සිට ආගිය අතක් නැතැයි පොලිස් ආරංචි කියයි.
තලංගම කොස්වත්තේ ගෙවල් බිඳීමක් සම්බන්ධ පැමිණිල්ලකට බ්‍රහස්පතින්දා (27) උදේ එම උප පොලිස් පරීක්ෂකවරයා ගොස් ඇති බවත්, ඉන් පසු නැවත පොලිසියට පැමිණ පෙර ගිය නිවසටම ගොස් ඇති බවත් පොලිසිය පවසයි.
එම නිවසට ආ උප පොලිස් පරීක්ෂකගේ මිතුරකුගේ බව කියන වෑන් රියක නැගී උප පොලිස් පරීක්ෂකවරයා පිටව ගිය බව නිවැසියන් පොලිසියට කියා ඇත.
එලෙස පිටව ගිය බව කියන උප පොලිස් පරීක්ෂක සිකුරාදා (27) සවය හය පමණ වන තෙක් ආගිය අතක් නැතැයි ද, පොළොන්නරුවේ ඔහුගේ නිවසට ගොස් ඇත්දැයි පරීක්ෂා කළත් එහි ද ගොස් නැතැයි ද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
68
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
935
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තලංගම ක්‍රයිම් ඕඅයිසී ආගිය අතක් නෑ
ප්‍රංශයේ සිට නන්දලාල් Friday, 27 March 2015 05:07 PM
අනේ මෙහෙම ලෝකයක් !! ඉස්සර කාලේ පොලිසියට යන අය අතුරුදන් වෙනවා. දැන් කාලේ, පොලිසියේ මහත්තයෝම තමා අන්තරස්ධාන වෙන්නේ. අනේ කාලේ, වනේ වාසේ !!!!! (ස)
ප්‍රංශයේ සිට නන්දලාල් Friday, 27 March 2015 05:11 PM
මොකොද මෙයාගේ යුනිෆෝර්ම් එකේ නොම්මර තහඩුවක් නැත්තේ ? ක්‍රයිම් ඕඅයිසී නිසාද එහෙම උනේ? (ස)
පිටබැද්දර ජයා Friday, 27 March 2015 10:53 PM
නන්ද ලාල් , සාජන් නිලයෙන් පස්සේ නිලධාරින්ට අංක තහඩු නැහැ (ම)
චන්ද්‍ර වීරසිංහ Saturday, 28 March 2015 01:20 AM
නන්දලාල් දන්නේ නැද්ද උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට ඉහලට නොම්මර තහඩු භාවිතා නොකරන බව. ප්‍රන්සයේ සිට අපබ්‍රංස කතා කරන එකනම් හරි මදිනේ මල්ලි (නදී)
සංජය Saturday, 28 March 2015 05:54 AM
සුමනදාසගේ ගෙදර ගිහින් අන්න පේනයක් බලනවා (ම)
වගු Saturday, 28 March 2015 06:53 AM
ගෙවල් බිදීමේ පැමිණිල්ලට තනියම ගියේ මොකද? (ත)
කලීල් බණ්ඩාරවැල්ල Saturday, 28 March 2015 07:15 AM
හය පාලනය කියලා වැඩක් නෑ. (ත)
අජිත් Saturday, 28 March 2015 08:28 AM
අහිංසක මනුෂ්සයාට මොකක් හරි කරදරයක්ද දන්නෑ (ත)
නාලක Saturday, 28 March 2015 10:29 AM
ඉන්ටඩික් වෙලා ඉඳල ඇවිල්ලත් වැඩි කාලයක් නෑ නේද?.(ත)
දනුක Friday, 27 March 2015 01:31 PM
දෙමටගොඩ ,කොළොන්නාවේ පැත්තේ ගියාද දන්නේ නැහැ (ස)