IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


තිලංග පාර්ශවයෙන් උප ලේකම් තනතුරට හිටපු වි. ක. සාමාජික අර්වින් ඉදිරිපත් වෙයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන නිලවරණයේදී උප ලේකම් තනතුර සඳහා තිලංග සුමතිපාල පාර්ශවයෙන් තමන් නාම යෝජනා බාරදුන් බව අර්වින් ජයවර්ධන මහතා පවසයි. ජයවර්ධන මහතා පවසන්නේ ඊයේ (13 වැනිදා) ටොරින්ටන් පෙදෙසේ පිහිටි කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජනරාල් කාර්යාලයේදී තමන් සිය නාමයෝජනා පත‍්‍රය බාරදුන් බවයි.කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මියගෙන් කළ විමසීමකදී ඇයද ඒ බව සනාථ කළාය. අර්වින් ජයවර්ධන මහතා මීට පෙරදී පාලක කී‍්‍රඩා සමාජ නියෝජතයකු වශයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක විධායක කමිටුව නියෝජනය කළේය. ලබන මස 3 වැනිදා පැවැත්වීමට නියමිත ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන නිලවරණයේදී තිලංග සුමතිපාල පාර්ශවයෙන් විවිධ තනතුරු සඳහා නාම යෝජනා බාරදීමට තෝරාගන්නා ලද අපේක්‍ෂකයන්ගේ නම් ඊයේ (13 වැනිදා) පත‍්‍රයේ පළවූ අතර පෙරේදා සවස් වන විටත් උප ලේකම් තනතුර සඳහා කිසිවකු තෝරා ගෙන නොතිබූ බවද ඊයේ පත‍්‍රයේ සටහන් විය. මෙවර නිලවරණයේදී කණ්ඩායමක් ලෙසින් තරග කළද නාම යෝජනා බාරදීම වරින් වර, නනි තනිවම කරන බව තිලංග සුමතිපාල පාර්ශවයේ නියෝජිතයෝ ප‍්‍රකාශ කරති. මේ අතර උපාලි ධර්මදාස මහතා සිය නාමයෝජනා පත‍්‍රය අත්සන් කිරීමෙන් පසුව දින කිහිපයක් සඳහා විදේශ ගතවී ඇති බැවින් ධර්මදාස පාර්ශවයේ අපේක්‍ෂකයන් තීරණ ගත නොහැකිව සිටින බවද වාර්තාවේ. මෙම තත්ත්වය නිසා සිය සංචාරය අතරමග නවතා දමා ධර්මදාස මහතා අද (14 වැනිදා) දිවයිනට පැමිණීමට නියමිත බවද දැනගන්නට ඇත. මේ අතර තවත් පිරිසක් පවසන්නේ තමන්ගේ පාර්ශවයේ අය දෙපැත්තේම අතු අල්ලාගෙන සිටින බැවින් ඒ ඒ පුද්ගලයන් කිනම් පාර්ශවයක් නියෝජනය කරන්නේද යන්න අවසන් මොහොත දක්වා කිව නොහැකි බවයි. මේ අතර නිලවරණය සඳහා ඉදිරිපත්වන තවත් පිරිසක් පවසන්නේ ඉහළ අත-ු අල්ලාගෙන සිටින කිහිපදෙනකු තම කණ්ඩායමට ඇතුළත් කරන ලෙස රජයේ ඉහළ තැන්වලින් කිසියම් බලපෑමක් ඇතිවුවහොත් ඒ සඳහා හිස නැමීමටද තමන්ට සිදුවන බවයි.



අදහස් (0)

තිලංග පාර්ශවයෙන් උප ලේකම් තනතුරට හිටපු වි. ක. සාමාජික අර්වින් ඉදිරිපත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 27 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 127 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 932 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site