(නිමන්ති රණසිංහ)
කොළොන්නාව තෙල් සංස්ථාව ඉදිරිපිට පැවැති සේවක උද්ඝෝෂණයේ දී ඛනිජ තෙල් සංස්ථා සේවකයින්ට පහරදුන් බව කියන සිද්ධියට අදාළ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් රංග දිසානායක මහතා අද(31) වැල්ලම්පිටිය පොලිසියට නියෝග කළේය.
තෙල් සංස්ථා සේවක උද්ඝෝෂණයේ දී එම ස්ථානයට පැමිණි බාහිර පුද්ගලයින් කිහිප දෙනකු පොලු මුගුරු අතැතිව සංස්ථා සේවකයින් කිහිපදෙනකුට පහරදුන් බව කියමින් එහි සේවකයින් තිදෙනකු වැල්ලම්පිටිය පොලිසියට කළ පැමිණිල්ලක් මත අධිකරණය මෙම නියෝගය ලබාදුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව පේරලන්නමයි හදන්නේ. හොරුන්ට දඬුවම් දෙන්න තවම හිතලවත් නෑ. පහුගිය රජයේ සියළුම හොරකම් වලට සම්බන්ධ අය ඉක්මණින් සිපිරි ගෙට යවමු.
අපේ රටේ සම්මාන දෙන්න ඕන මිනිස්සුන්ව අල්ලනවා, අල්ලන්න ඕන මිනිස්සුන්ට සම්මාන දෙනවා. ජනතාව වෙනුවෙන් කල උතුම් ක්රියාවට කොළොන්නාවේ ජනතාවට අපගේ උපහාරය !!!
කුමන හෝ පක්ෂයක මන්ත්රී කෙනෙක් හෝ මහජන නියෝජිතයෙක් සම්බන්ධව ඇත්නම් ඔහු හෝ ඇය එම ධුරයෙන් පහ කිරීම පාර්ලිමේන්තු නීති කෙටුම්පත් සැකසීම ප්රධානීන්ගේ යුතුකමකි. සී.අයි.ඩී. එ්කේ යුතුකම වැරදි කරු කවුරුන් හෝ රටට පෙන්වීමයි...
පාර හරස්කරගෙන අපේ ජනජීවිතය කඩාකප්පල්කල අයට, ළමයින්ට පාසල් ගොස් එන්න බැරි විදියට පාර හරස් කල අයට අපි දුන්න මදි නොකියන්න , තව දෙන්න තිබුන පොලිසිය හරස් නොකලානම් . මමත් ගැහුවා එකෙක් තමයි , අසාධාරණයට අපි බය නැහැ
මේ ආණ්ඩුවේ හොරුන්ව හිරේට දන්නා ඕනේ නැද්ද මහත්තයෝ.
PA-RA එහෙම කරන්න ගියොත් ජවිපෙ අය හැර වෙන කිසිවෙක් පාර්ලිමේන්තුවේ ඉතුරු වෙන්නේ නැත.
ප්රීති මොකක්ද ඔය කොළොන්නාවේ ජනතාව අනික් ජනතාව වෙනුවෙන් කල උතුම් ක්රියාව. අපටත් උපහාර කරන්න මොකක්ද ඒ උතුම් ක්රියාව කියන්නකෝ.
අල්ලයිද ? මෙච්චර කල් නම් පොලිසීයට බැරිවුණා. බලමු යහපාලන පොලිසීයට පුළුවන් වෙයිද කියල....