(ඩයනා උදයංගනී)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙතෙක් තෙල් මිල වැඩි කිරීමට තීරණයක් ගෙන නැතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
තෙල් මිල වැඩි කිරීම ස`දහා ලංකා අයි. ඕ.සී සමාගම (ඉන්දියන් ඔයිල් සමාගම) හා මුදල් අමාත්‍යාංශයත් තමා සම`ග ද සාකච්ඡා කළ බව කී අමාත්‍යවරයා දැනට තෙල් මිල වැඩි නොකරන ලෙස රජයක් ලෙස ඔවුන්ගෙන් ඉල්ලා තිබෙන බවත් ස`දහන් කළේය.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තෙල් මිල වැඩි කළහොත් ජනතාව මත පැටවෙන බර ගැන සිතා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබා ගෙන හෝ තිබෙන මිලටම තෙල් සැපයීමට ඉදිරිපත් විය යුතු බව ද අමාත්‍යවරයා ස`දහන් කළේය.
නමුත් තෙල් මිල වැඩිකළ යුතු බවට රජය තීරණය කළොත් වැඩි කිරීමට සිදුවන බවද අමාත්‍යවරයා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී මාධ්‍යවේදීන් පිරිසක් හමු වූ අවස්ථාවේදී ඔවුන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ලංකා අයි. ඕ. සී සමාගමට අවශ්‍ය නම් තෙල් මිල වැඩි කළ හැකි නමුත් ඔවුන් මෙරට දී තමන්ට අවශ්‍ය දේ කිරීමට උත්සාහ කිරීම වරදක් බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
තෙල් මිල සම්බන්ධයෙන් කඩිනමින් මිල සූත‍්‍රයක් හ`දුන්වා සිය යුතු බව ද ඇමතිවරයා ප‍්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම නමුත් අවසානයේදී ඉන්දියන් පෙට්‍රල් සමාගමේ පිහිටෙන් ලංකා පෙට්‍රල් සමාගමත් මිල වැඩි කරයි. ජනතාව තව දුරටත් බලය ගන්න හලන කිඹුල් කදුළු වලට රැවටෙන බව නොඅනුමානයි. වෙනසකට තියෙන්නේ... එකවරම ආර්ථිකයේ සෑම අංශයකින්ම භාණ්ඩ හා සේවාවල මිල නොසිතු ලෙස නොකඩවා ඉහළ යාමයි.
තෙල් මිල සම්බන්ධයෙන් කඩිනමින් මිල සූත‍්‍රයක් හඳුන්වා දිය යුතු බව ද ඇමතිවරයා ප‍්‍රකාශ කළේය. මගේ වයස 30යි . මන් පොඩි කලේ ඉදන් ඔය කතාව අහනවා. මාරු අනේ.............
වැඩිනම් කරන්න ඕන අනිවාර්යෙන්ම...
අනේ ඇයි ඒ? යහපාලන ක්‍රමය එය දන්නේ නැහැ... නංගි පෙන්නලා අක්ක දෙනවා වගේ... ගාණට එකපාරටම මම නම් අකමැතියි කියල එකපාරටම වැඩිකරමු. අර මොබයිල් පොන් රිලෝඩ් වලට කලා වගේ, අනේ දන්නෙම නෑනේ.
ඇමතිතුමාගේ කතාව සිහි බුද්ධියෙන් කියවා තේරුම් ගන්න. තෙල් මිල වැඩි කරන්න එතුමා කොහොමවත් කැමති නැහැ. නමුත් වැඩි කරන්න සිද්ධ වුණොත් ඒක එතුමාගේ මතයට පටහැනිව රජය විසින් සිදු කරනා දෙයක්. එතකොට කොහොමවත් එතුමාට දොසක් කියන්න බැහැ. හරි ගියොත් බුවා. වැරදුනොත් එබුවා.