මින් ඉදිරියට දකුණේ සිට උතුරට බෝතල් කළ රා ප්‍රවාහනය කිරීම හා විකිණීම තහනම් කැරෙන යෝජනාවක් උතුරු පළාත් සභාව සම්මත කළේය.

උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී.අයින්කරනේසන් විසින් මේ යෝජනාව පළාත් සභාවට ඉදිරිපත් කොට ඇති අතර ඊට පළාත් සභාවේ සෙසු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලැබිණී.

අමාත්‍යවරයා පැවසුයේ උතුරේ කාලාන්තරයක් සිට කැරෙන ස්වාභාවික රා තල් කර්මාන්තයට දකුණේ සිට පැමිණෙන බෝතල් කළ රා බාධාවක් වී ඇති බවයි.

දකුණේ බෝතල් රා වල කෘත්‍රිම රසායන ද්‍රව්‍ය අන්තර්ගතව තිබීම හේතුවෙන් ගතවූ කාලයේ එම රා පානය කළ පිරිස විවිධ අසාත්මික තාවයන්ට ගොදුරු වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.