ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල අඩුකළ නොහැකි බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අද (20) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඉන්ධන මිල අඩුකිරීම සඳහා මුදල් අමාත්‍යංශයේ නිර්දේශය තවමත් ලැබී නැතැයිද කී ඇමැතිවරයා පසුගිය ඔක්තෝබරයේ මෙරටට ගෙන්වූ ඛනිජ තෙල් තොග තවමත් තිබෙන නිසා ලෝක වෙළඳපොළේ මිලට සාපේක්ෂව ඉන්ධන මිල අඩුකළ නොහැකි බව කීය.
ඛනිජ තෙල් මිල තීරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ මිල සූත්‍රය සඳහා වන කැබිනට් පත්‍රිකාව අද කැබිනට් අනුමැතිය සඳහා යොමු කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ මේ ප්‍රශ්නය යොමු කරන්නේ ඛනිජ තෙල් අැමැතිට , මම එතුමාගෙන් ඉල්ලන්නේ තෙල් මිල අඩුකරන්න හෝ වැඩි කරන්න කියල නොවේ (1) එහෙම මිල සුත්‍රයක් සදා තිබේද ? සදා තිබේ නම් එහි අන්තර්ගතය රටට ප්‍රසිද්ධ කරන්න (2) එය ක්‍රියාත්මක වන්නේ කවදා සිටද? (බ)
ඔය මොන සුත්‍ර දැම්මත් බයවෙන්න එපා මහත්තයෝ. මේ රටේ ඉන්න අය ඔබතුමාලට ඡන්දේ දෙනවා (නි)
ඔබතුමාලගේ සූත්‍ර ඕනෑ දවසක හදාගන්න. හැබැයි බොරතෙල් මිල අඩුවුණ වෙලාවේ ජනතාවට ඒකෙ සහනය දෙන්න මිල අඩුකරලා (නි)
ඕක කවදාවත් අඩුකරන්නේ නැහැ. (නි)
අනේ මගේ කට? (නි)
ජනතාව වෙනුවෙන් කතා කරන්න විපක්ෂයක් නැහැ. එහි විපාක තමා අප විදින්නේ. (බ)
එතකොට තමුන්ලා මිල වැඩි කරද්දී අඩු මිලට ගෙනාපු තොග අවසන් වෙනකන් ඉන්නවද? (බ)
උඹලා හැමදාම මහින්දටනේ බැන්නේ බඩු ගණන් වැඩි කියලා.... දැන් ඉතින් කාපල්ලකො (බ)
හරි. එතකොට අප්‍රේල් වලදී තෙල් මිල වුනත් දැන් ගේන තෙල් අඩුවට දෙන්න පුළුවන් නේද?(බ)
ඇමතිතුමනි! හොඳම වැඩේ නම්බු පිටින් ඉල්ලා අස්වෙන්න. (බ)
ඔයාලා බලයට ආවේ තෙල් සුත්තරයක් හදනවා කියලා නේද? (බ)
වැඩිවෙනකොට ඔය මොන සූත්‍රයවත් නැහනේ. එදා රෑ ඉඳලම වැඩිවෙනවානේ. අඩුවෙනකොට විතරක් මොකද? (නි)