තෙල්මිල ඉහළ දැමීමට යන බව හා තෙල් හිඟයක් ඇතැයි කියමින් සංවිධානාත්මක පිරිසක් පතුරුවන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නැතැයි ද, ජනතාව ප්‍රකෝප කිරීමට එවැනි බොරු ප්‍රචාර පතුරුවන පිරිස් අපරාධකරුවන් බවත් විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා අද (11) එම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
බ්‍රිතාන්‍යයේ ඡන්දය පරාජය වීමෙන් පසු මිලිබෑන්ඩ් ඉවත්ව ගියා සේ අපේ දේශපාලකයන් ද ඡන්දයෙන් පැරදුණා නම් ගෙදර යාමේ පුරුද්ද ඇති කර ගත යුතු බවත්, දිගටම දේශපාලනයේ ඉන්න උත්සාහ නොකර අලුත් මුහුණුවලට ඉඩ දිය යුතු බවත් ඇමැතිවරයා එම මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.
‘ළඟදීම තෙල්මිල වැඩි කරනවා, තෙල් සංස්ථාව පාඩු ලබන නිසා විකුණනවා කියා සංවිධානාත්මක පිරිසක් බොරු ප්‍රචාර පතුරුවනවා. තව සමහරුන් කියනවා අපි තෙල්මිල වැඩි කරන්න දෙන්නේ නැහැ කියා.
තෙල්මිල වැඩි බව සහ තෙල්වලින් අය කරන බදු ගැන ගිය අගෝස්තුවේ මුලින්ම කිව්වේ අපියි. තෙල් වැඩි කිරීම හෝ අඩු කිරීම තියෙන්නේ ඇමැතිගේ අතේ. යහපාලනය යටතේ පසුගිය ජනවාරි මාසයේ ඒ අනුව අපි තෙල් මිල අඩු කළා.
තෙල් වැඩි කිරීම ගැන ප්‍රකාශ නිකුත් කරන්න කිසිවෙකුට බැහැ. ජනතාව කුපිත කිරීමේ අරමුණින් සමහරුන් අමූලික පට්ටපල් බොරු පතුරුවනවා. ඔවන් අපරාධකරුවන්. මේ කරන්නේ අපරාධයක්.
අපි තෙල් මිල සම්බන්ධයෙන් කිසිම තීරණයක් ගෙන නෑ. අපි තෙල් මිල වැඩි කරන්නේ නෑ. මේ ආයතනය දැන් පාඩු ලබන්නෙත් නෑ. මෙහි ඇති දූෂණ අපි නැවැත්තුවා. යහ පාලනයේ මුලින්ම දූෂණ හොයන්න ගත්තේ මෙහෙයි. මුලින්ම සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ මේ ආයතනයෙයි. ඒ ගල්අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන්.
වත්මන් ආණ්ඩුවේ ඇතැම් ගැටළු මතුවුණා. උදාහරණයක් ලෙස බැඳුම්කර සිද්ධිය දැක්විය හැකියි. නමුත් අපේ ආයතනයේ එහෙම කිසිම ගැටළුවක් ඇතිවුණේ නෑ. අපි තමයි මිනිස්සුන්ට දැනෙන සහනය දුන්නේ. තෙල්මිල අඩුකිරීම නිසා පවුලකට රුපියල් 15000ක පමණ වාසයික් ලැබුණා. ඒ වාසිය පසුගිය උත්ව සමයේ බලාගන්න පුළුවන් වුණා.
පැරණි තෙල් නළ හතරක් තිබෙනවා. ඒවා විදේශයන්ට දීලා අලුත්වැඩියා කරන්න රුපියල් මිලියන 8000ක් ඇස්තමේන්තු කර තිබුණා. ඉන් එක නළයක් අපේ ඉන්ජිනේරුවන්ගේ හා තාක්ෂණ ශිල්පීන්ගේ දැනුම භාවිත කර අලුත්වැඩියා කරන්න පටන් ගත්තා. අපි කරනවා නම් රුපියල් මිලියන 250න් කරන්න පුළුවන්. ඒ නළය විදේශයකට අලුත්වැඩියා කරන්න දුන්නා නම් රුපියල් මිලියන 1400ක් පමණ යනවා.
ඒ වගේම තෙල් පිරිපහදු සංකීර්ණයේ තාර දැමීමටකට මිලියන 4000ක් ඇස්තමේන්තු කර තිබුණා. අපිය මිලියනට 60කින් පමණ කළ හැකි බව තීරණය කළා. මේවා නිසා සමහරුන්ට ලැබුණු කොමිස් අහිමි වෙනවා. ඒ නිසා ඔවුන් කළබල වෙනවා.
අපේ මුල්ම ඉලක්කය තමයි බල ශක්තියෙන් ස්වයංපෝෂිත ජාතියක් ගොඩ නැගීම.‘
වීඩියෝ - ඉෂාන් සංජීව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට වතුරත් පට්ට ගණන් වේවි (නදී)
ජනාධිපතිකමටත් සුදුසුයි කියලා කවුදෝ කිවුවා කෙනා නේද මේ.? බොරුවක් නම් වෙන්න බැහැ. මේ කෙනා කියන ඒවා ඇත්ත තමයි. මතකද මැතිවරණ කාලේදී මෙගා ඩිල් ගැන මෙගා හඬින් කිවුවා. ඒවා බොරු වුනාද? (හේ)
තෙල් මිල වැඩි කරන්න නෙමෙයි හිතන්න ඕනේ තෙල් මිල අඩු කරන්න.(හේ)
ගල් අගුරු වංචාව කොහොමද තෙල් මිලට බලපාන්නෙ? ගල් අගුරු පාවිච්චි කරන්නේ විදුලිබල මන්ඩලය. මේවා අතේ පත්තුවෙන බොරු. ලංකාවෙ තෙල් බද්ද නැතිව ආණ්ඩුව ගෙනියන්න බැහැ. චන්දෙ ඉවරවුන ගමන් නැවත තෙල් මිල වැඩි වෙනවා. තෙල් බද්ද නැති රටක් නැහැ.(නදී)
ඔය කියන කට්ටියත් බලේ ඉන්න පිල්මාරු කරපු අය නේද ? (නදී)
ඉතින් ඔකේනේ බොහොම වංචා දූෂණ තිබුණා කිවුවේ. හෙජින් ගිවිසුම එහෙම එකෙතකුටවත් නඩුවක් දැගන්නවත් බැරිවුනා නේද ? (ම)
සමහරුන්ට තියෙන්නේ නිකන්ම අනාගත හීන නෙමෙයි අනාගතේ අනාගත හීන. (නි)
විජයබාහු දන්නේ නැද්ද මේ කට්ටියගේ අනිත් සූත්තර වගේම මිල සූත්‍රයත් අපේ ඡන්ද කඩාගන්න ගෙනා තවත් එක සූත්තරයක් විතරයි කියලා. මේ ගොල්ලොන්ට කොහොමත් ඕනෑ බලය සහ බලය විතරමයිනේ අයියා! (නි)
ඇට නැති දිව ඕනෑ පැත්තකට වනලා ඕනෑ බොරුවක් ලජ්ජා නැතුව කියන්න හපන් උදවිය තමයි දේශපාලකයන් කියන්නේ (නි)
සමහරුන්ගේ අනාගත හීන වලට මහින්ද මහත්තයා බාධාවක් වෙලා වගෙයි නේද? (නි)
එහෙනම් ඉතින් එච්චරයි... (නි)
අපිටත් ඕනෑ එච්චරයි (නි)
අනුන්ගේ කටවල් වලින් කියන කතා ගැන ඔයගොල්ලෝ මේ කතා කරන්නේ කටින්ද හැබෑටම? (නදී)
තෙල් මිල වැඩි කරන්නේ නෑ කියලා ඇමතිතුමා කියනකොට අපේ ඇඟේ මයිල් කෙලින් වෙනවා. මොකද මින් පෙර ඔහොම කියපු හැම වතාවෙම මිල වැඩි උනා.(නදී)
ඒක හොදයි.(හේ)
මෙයා ජනාධිපති කරමුද? තෙල් මිල වතුර මිලට ගෙනෙයි.(නදී)
සර් එතකොට අර ගෙනාවයි කිව්ව මිල සුත්‍රය? (නදී)
සර් එතකොට අර ගෙනවා කිව්වා මිල සුත්‍රය?(හේ)
සර් එතකොට අර ගෙනාවයි කිව්ව මිල සුත්‍රය?(නදී)
තෙල් මිල තවත් අඩු කරනවානම් තමයි ගොඩක් හොද?(හේ)
කාලය විසින් මේ කතාව නිවැරදි බව හෝ වැරදි බව ඔප්පු කරනු ඇත. මහජනයාට එවිට යමක් සිතා ගැනීමටද හැකිවෙනවා ඇත. (බ)