රංජන් කස්තුරි
තෙල් මිල ගැන බොරු බේගල් කියමින් හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවට අභූත චෝදනා නගන්නේ යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යාංශයේ අද (13) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා සුපුරුදු පරිදි පඳුරු අස්සේ ඉඳගෙන ආණ්ඩුවට ගල් ගසන්නේ යැයිද එහිදී මංගල සමරවීර මහතා කීවේය.
එම ප්රවෘත්ති සාකච්ඡාවේදී මංගල සමරවීර මහතා මෙසේද පැවසීය.
‘‘හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා සුපුරුදු පරිදි ආණ්ඩුවට ගල් ගහන්න පටන් අරගෙන.තෙල්මිල හා තෙල්මිල සූත්‍රය ගැන එතුමා විකෘති අදහස් කියනවා.මහින්ද රාජපක්ෂ මහතා කියනවා එතුමාගේ කාලයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 120 යිලු.ඒක බොරුවක්.මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අවසාන කාලයේදී එනම් 2015 වසරේ ජනවාරි මාසය වනවිට පෙට්‍රල් ලීටරය රුපියල් 150යි එහෙම බැලුවම එදාට වඩා තෙල්මිල අද අඩුයි.
මිල සූත්‍රය රටට අවශ්‍ය දෙයක් ලෝක වෙළඳපළේ බොරතෙල් මිල අඩු වැඩි වෙනකොට එහි වාසිය හෝ අවාසිය හෝ ජනතාවට යනවා. අපට මතකයි 2014 දී ලෝක වෙළඳ පළේ තෙල්මිල සැලකිය යුතු ලෙස අඩු වුණා.හැබැයි තෙල් මිල අඩුවීමේ වාසිය එදා ආණ්ඩුව ජනතාවට ලබා දුන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරලත් ආණ්ඩුව තෙල්මිල අඩුකළේ නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2005 සිට 2015 කාලයේදී තෙල් බැරලය ඩොලර් 128 ටත් ගියා. ඒ වුනාට රටේ යුද්ධයක් තිබිලත් පැට්රල් මිල උපරිමය ගියේ 150 ට. ඒත් මේ රජය යටතේ ලෝක තෙල් මිල ඩොලර් 75 සිට 28 ට අඩුවෙලත් පැට්රල් මිල රුපියල් 117 ට වඩා අඩුකලාද. අඩුම තරමේ ඒ අධික ලාභයෙන් සංවර්දන වැඩක් කලාද? අධිවේගී මාර්ග කිලෝමීටරයක් එදා කල උපරිම මිල රුපියල් බිලියන 7. එදා කරපු අධිවේගී මාර්ග වලින් වැඩි කොටසක් හොරකම් කළා කිව්වා. එත් අද එයට වඩා මිලක් ගෙවනවා. අද තෙල්මිල එදාට වඩා අඩුනම් මොනවටද බස්ගාස්තු වැඩිකළේ ? දුම්රිය ගාස්තු වැඩිකළේ ? මේ සියල්ලෙන් දුප්පත් මිනිහට වැදුනේ .
ඇත්ත කියලා කොහොමෙයි ඡන්දයක් කරන්නේ. !
මංගල තරම් බොරු කියන ඇමති කෙනෙක් තවම මේ ලංකා ඉතිහාසයේම බිහිවෙලා නැ සෙනරත්ගේෙ ගේ කතාව හරි. තාම බොරතෙල් බැරලයක් තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් 75 අවට .. මහින්දගේ කාලේ එකේ මිල 120 වගෙත් වැඩි උන.. 2016 ඉදල බොරතෙල් බැරලයක් ඩොලර් 20 ගණන් වලටත් ගියා . ඒකාලේ මේ මිල සූත්‍රය දැම්මනම් රුපියල් 60 අඩුවෙන් පෙට්‍රල් ලීටරේ ගන්න තිබුන. එත් එහෙම කලේ නැ. දැන් තෙල් මිල වැඩි වෙනකොට මිල සූත්‍රය දානවා. මෙහෙම මිනිස්සු රවට්ටන්න එපා ඇමතිතුමා. මොකද දවසක මේවා ඔබතුමාට පළදෙනවා. කර්මය විශ්වස කලත් නැතත් පළදෙනවා හැමට සමානව. නාමල්ගේ ලම්බෝගිනි තියෙනවා කිව්වා. කෝ දැන් ඒවා.කුලියට රේස් වලට ගෙන්නපු වාහන ඔක්කොම නාමල්ගේ කිව්වා. තව මොනවද නොකිව්වේ . මෙය තමා රනිල්ට මිස්ට බීන් කිව්වේ. ප්‍රේමදාස ජනධිපති ට කොච්චර බොරු චෝදනා කලද?
මෙතුමාගේ මොලේ අමාරුව එන්න එන්නම වැඩිවෙනවා අනුන් ගැන බණ කියනවයි... අහිංසක මිනිස්සුන්ව සුරගෙන කනවයි ඇරුණම වෙන වැඩක් නැහැ
බලයට පත් වුණාම කරන සියලුම දේවල් බලයේ ඉන්න කට්ටියට ඉතාම වටිනා ජනහිත කාමී දේවල්. අනික් පැත්තට වෙලා කෙළ හලමින් ඉන්න පිරිසට ඒ සියලුම දේවල් ජනතා විරෝධී වැඩ. ඊ ලඟට තට්ටුව මාරු වුණාමත් ඒ ගොල්ලන් කිව්ව ටික මේ ගොල්ලන් කියනව. මේ ගොල්ලන් කිව්ව ටික ඒ ගොල්ලන් කියනවා. හිස් වචන විතරයි. හැබැයි ඉතින්, කවදාවත් බලයට එන්න බැරි කට්ටියට දෙගොල්ලන්ගෙම වැඩ ජනතා විරෝධී ක්‍රියා. පව් කියලත් හිතෙනව.
ඔබතුමා හොරකම් නොකරන හොඳ ඇමතිවරයෙක්. එ්ත් මුදල් ඇමැතිකම ඔබතුමාට කිසිසේත් ගැලපෙන්නේ නැහැ. රවී කාලා විනාශ කරපු අමාත්‍යාංශය තමයි ඔබතුමාට හම්බ වුනේ. අනික අමාත්‍යාංශ නිලධාරීන් දක්ෂ බුද්ධිමත් කට්ටිය වෙන්නත් බැහැ. නැතිනම් ඡන්දයක් ළඟ තිබියදී මේ විදිහට නිතර නිතර තෙල් මිල වැඩිකරයිද? කොහොම වුනත් වෙන කරන්න විකල්ප ඔය විශාල පඩි සහ පහසුකම් ලබන නිලධාරීන් නොමැතිද? මේ තත්වය පොහොට්ටුවේ ජයග්‍රහණයට පාර කැපීමක් නොවන්නේද?
පොලිස් ඉන්ස්පෙක්ටර් චාර්ල්ස් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂව මරන්න කුමන්ත්‍රණය කරමින් සිටියි.
රාජපක්ෂලා කවද්ද ඇත්ත කිව්වේ? හැමදාම බොරු කියකියා ඡන්දෙ අරගෙන හොරකම් කරපු එක තමයි කළේ.
විකෘති අදහස් කෙසේ වෙතත්, ඔබගේ විකෘති ආශාවන් ගැන ජනතාව දන්නවා.
අසව්... අසව්.. සත්‍යපාල බේගල් කියන හැටි...
සනත් නැවත ඔබ ව්‍යාජ සංඛයා දක්වයි ඩොලරය තවම 162 ට ගොස් නැත එය අද දින වනවිට 159.90 කී. මෙසේ ඩොලරය බාල්දු උනේ මහා බැංකු හොරකම නිසාම විතරක් නොවේ රාජපක්ෂ යුගයේ සිදුවු ග්‍රීක බැදුම්කරය හෙජීන් ගිවිසුම එයාර් බස් ගණුදෙනුව මිග් ගණුදෙනුව වැනී අපමණ දුෂිත ගනුදෙනු රාශියක් හේතුවෙන්ය. රාජපක්ෂලා ගත්තට වැඩිය මේ ආණ්ඩුව මේ ආණ්ඩුව ණය ගත් කථාවද රාජපක්ෂලාගේ අතේ රෝලක් පමණයි. එය මහා බැංකු වාර්ථා මගින් සනාත කල නොහැකියි. ඒ ගැන ඊට වැඩිය කියන්න දෙයක් නැති අතර රාජපක්ෂලා හා වික්‍රමසිංහලා මේ රටට කල හා කරමින් ඉන්න විනාශය ගැන පැහැදිලි අවබෝධයකින් කතා කරනවා ඇරෙන්න කිසිවකුගේ වහලකු නොවන බව සදහන් කරනු කැමැත්තමී.