කොළඹ වරායේ සිට කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය දක්වා තෙල් පොම්ප කෙරෙන ප්‍රධාන නල 4 න් නලයක සියුම් කාන්දුවක් ඇතිවී තිබේ. මේ නිසා එම කාන්දුව ඇතිවූ නලයෙන් තෙල් පොම්ප කිරීම තාවකාලිකව නතර කර ඇති බව ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙක් පැවසීය.
කොළඹ වරාය පරිශ්‍රෙය්දී ඇතිවී තිබෙන මෙම කාන්දුව නිසා මුහුදු ජලය සහ තෙල් මිශ්‍ර විය හැකි බැවින් එම නලයෙන් තෙල් පොම්ප කිරීම නතර කර තිබේ. මෙම තෙල් නලය අද (28) සවස වන විට පිළිසකර කරගත හැකි වෙතැයිද ඛණිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තෙල් නලේට හරි අපලයි. එක්කෝ හිල්කරනවා නැත්නම් හිල්වෙනවා. ඕක හිල්කරලා තෙල් ඇදලා කෝටිපතියන් වුණ කට්ටියත් ගැනත් පහුගිය කාලේ බොහොම කතා තිබුනා (නි)
අනේ අපි නම් මේවට උත්තර බඳින්න යන්නෙ නැහැ (නි)
එක කාලයක සමහරු මෙම නල සිදුරුකර හොරෙන් තෙල් ගත් සිදුවීමක් මට මතක් වෙනවා. හැබැයි පරීක්ෂණ වාර්තාව කිව්වේ වරායෙන් පිටකළ තෙල් ප්‍රමාණය පිරිපහදුවට ලැබිලා තියෙනවා කියලා. (නි)