තෙල් රැගෙන අනුරාධපුරය බලා ධාවනය වූ දුම්රියක් තලාව දුම්රියපළේදී අද අළුයම පහයි පනහට පීලි පැනීමෙන් උතුරු දුම්රිය මාර්ගයේ ගමන් අවහිර විය.
ඇන්ජිමද සමග තෙල් ටැංකි තුනක් පීලි පැන ඇත.
තෙල් කාන්දුව වැලැක්වීමට සියළු පියවර ගෙන ඇතැයි බලධරයෝ කියති.
මහවෙන් ඇන්ජිමක් ගෙන්වා දුම්රිය යලි පීලි ගත කිරීමට පියවර ගෙන ඇති අතර රජ රට රැජින මාතර බලා පිටත්වීමට නොහැකිව අනුරාධපුරයේ නතර කර ඇත.
අවහිරය මග හැරීමට දෙපැයක් වත් ගතවෙතියි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම ලංකාවේ දුම්රිය හරි පීල්ලට ආවේ නැහැ (නි)
ඕක චන්ද දායකයන් මගහරින්න කරපු මගදියක්ද?(අ)
මම අනුරාධපුර සීමාවේ පදිංචිකරුවෙක්. මම වැඩට එන්නේ රැජින දුම්රියේ. මේ හරියේ ගොඩක් වතාවක් දුම්රිය පීලි පැනලා තියෙනවා. මේ දුම්රිය මාර්ගය ගැන බලධාරීන් අවධානය යොමු කිරීම වටිනවා. (නි)
අර ඇමතිතුමාට අනුව ඕක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් (නි)