(සුජිත් හේවාජුලිගේ )
පෞද්ගලික බස් රථ හිමියන්ට ඉන්ධන ලබා දීම සඳහා රුපියල් 75,000 ක අල්ලසක් ගත් බව කියන මඩකලපුව ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ කළමනාකරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ සවස අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු මඩකලපු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ජරා වැඩේ කොළඹ අවටත් කරනවා. බස් අයිතිකාරයෝ ඒවා අල්ලන්නේ මගීන් ගෙන්. ඇත්තටම දැන් තියෙන බස් ගාස්තුව හැදුනේ කොවිඩ් කාලේ සීට් වල විතරක් මගීන් ගෙනියන්න කියල දෙගුණයක් කරපු බස් ගාස්තුව තෙල් මිල වැඩි වුනාට පස්සේ 30% වැඩි කරලා ජුලි මුල එකට 22% එකතු කරලා මගීන් ට හරිම අසාධාරණයක් තමා මෙයින් වෙන්නේ. ඒ ගැන බලන්න කවුරුවත් නැහැ.