තල් ඇටයක් හිරැ වූ අලි පැටවකු (03) අම්පාර වනජීවි සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේදී ප්‍රතිකාර නොලැබ මිය ගියේය.
අම්පාර වනජීවි සහකාර අධ්‍යක්ෂක වන ජිවි අධ්‍යක්ෂක ජනරාල් වෙත මේ බව දැන්වීය.
ලාහුගල වනෝද්‍යානයේ තිරික්කෝවිල් තාණ්ඩිඅඩිකුලම් වැව ආසන්නයේ වල් අලි රැනකින් මෙම අලි පැටවා මඟ හැරෙන්නට ඇතැයිද පශු වෛද්‍යවරයකු නොසිටීම නිසා අලි පැටවා මිය ගිය බවද ඔහු කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජයි! අපේ රටේ අයුතු ආකාරයෙන් මිය යන මරා දමන අසරණ සතුන් ගැන පියවරක් ගන්න සුදුස්සෙක් නැති කම.....සත්ව අවිහිංසාව ගැන ලොරි ටෝක් දෙන අපේ රටටම ලැජ්ජාවක්...... (ස)
ඇයි මේ පැටියාගේ ඇඟේ තුවාල..? ඇයි කකුල ගැට ගහල (දිල්)
හැමදාම අප්පේ අලි සම්පත අහිමිවෙනවා ,වනජිවි ඇමතිතුමා බුදිද ? (ස)
පශු වෛද්‍යවරය අහවල් කාරියකට ගිහිල්ලද මේ සතා ගැන බැලුවේ නැත්තේ??? (ස)
මේවා වනජීවී එකේ අදාල නිලධාරීන්ගේ නොසැළකිලිමත්කම නිසා සිදුවෙන සිදුවීම් මිස පශු වෛද්‍යවරු හිඟකමම නොවේ කියලයි මට නම් හිතෙන්නේ (නි)
නැට්ට කෝ. (අ)
අනේ අපොයි (අ)
අනේ මේ මියැදෙන්නේ ජාතියේ තවත් මල් කැකුළක් වන ඇත් පරපුරේ පැටවෙක් නේද? මේ ආකාරයෙන් මියයන්න දෙන එක රාජකාරියේම කොටසක්ද? (නි)
පශු වෛද්‍යවරු හිඟනම් ඉතින් බඳවා ගන්නකො. මෙහෙම නිරපරාදෙ සත්තු මැරෙන්න නම් වනජීවී එකක් මොකටද? (නි)
වෛද්‍යවරුන් හෙදියන් දහස් ගානක් අඩුලු. නමුත් ඒ නිසා ලෙඩුන් මැරෙන්න අරිනවද? නැහැ නේද?මේක පශු වෛද්‍යවරුන් හිඟය නිසා නොව ඔවුන්ගේ සේවය නිසි පරිදි බෙදී යන ආකාරයට විධිවිධාන නොයෙදීමේ කළමනාකරණ අඩුපාඩුවක් නිසා වූ දෙයක්. වන ජීවී දෙපාර්තමේන්තුවයි වගකිව යුත්තේ. (නි)