මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ සංකල්පයට අනුව තිරසාර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා වූ දේශීය වැඩපිළිවෙළ සකස්කිරීම ආරම්භ කිරීම සහ තිරසර යුගයක  ප්‍රාර්ථනාව එළදැක්වීමේ ජාතික උත්සවය  අද (02)   ජනාධිපති කාර්යාලයේදී  පැවැත්විණි.

2030 එක්සත් ජාතීන්ගේ   තිරසර සංවර්ධන ඉලක්ක  සාක්ෂාත්  කර ගැනීම  වෙනුවෙන්  ශ්‍රී ලංකාවේ සැලසුම් කරන  වැඩසටහන  පිළිබද දළ සැලැස්ම  මෙහිදී   මෛත්‍රීපාල ජනපති විසින් තිරසර යුගයක් උපදේශක මණ්ඩලයේ කමිටු  සමාජික  මහාචාර්ය  මොහාන් ගුණසිංහ මහතා වෙත පිරිනැමිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රමුඛ මැති ඇමැතිවරු, විදේශීය තානාපතිවරු   අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතන  නියෝජනය කරමින්  රාජ්‍ය නිලධාරීන්  මෙම ජාතික  ප්‍රාර්ථනය එළිදැක්වීමට එක්වුහ.

 

RDS_9713 RDS_9728 RDS_9749 RDS_9855 RDS_9871