යළිත් ත‍්‍රස්තවාදය හෝ ජාතිවාදය ඇතිවීමට ඉඩ නොදෙන බවත් චාවකච්චේරියේ බෝම්බ මරාගෙන මැරෙන ඇඳුම් ආදිය වැල්ලවත්ත ප‍්‍රදේශයට ගෙන ඒමට සැලසුම් කර තිබූ බව හිටපු විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා කියන්නේ නම් ඔහු ඒ ගැන දන්නා තොරතුරු ලබාගෙන ඒ ගැනත් සොයා බැලීමට පොලීසිය කටයුතු කළ යුතු බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද (31) පැවසීය.
හමුවූ එම ආයුධ පිළිබඳව පොලීසියෙන් සම්පූර්ණ වාර්තාවක් රස පරීක්‍ෂක වාර්තාවක් ආදිය ලබාගෙන ලබන සතියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බව ද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
බෝම්බ හා ඇඳුම් කට්ටලය 2008 වසරේ පළවූ පුවත්පතක ඔතා තිබී ඇති බව කී අග‍්‍රාමාත්‍යවරයා යුද්ධයක් පැවති රටක සඟවා තිබූ අවි ආයුධ හමුවීම පුදුමයක් නොවන බව ද ප‍්‍රකාශ කළේය.
අග‍්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ මුදල් අමාත්‍යාංශ පරිශ‍්‍රයේ ඉදිකළ භාණ්ඩාගාර ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
යළි ත‍්‍රස්තවාදී කල්ලි හෝ වෙනත් කණ්ඩායම් ක‍්‍රියාත්මක වුවහොත් ඒ ගැන සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට රජයක් ලෙස බැදි සිටින බව ද අගමැතිවරයා කීවේය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටමත් මේ සිංහල රටේ සිංහලයා ජන වර්ගයක් පමණක් බවට පත්කිරීමට ඇවසි කටයුතු අවසන් බැවින් අනාගතයේදී ජාතිවාදයක් ඇතිවෙන එකක් නැහැ. අවසානයේ මේ රටේ දෙමළ බස කතා කරන්නවුන්ගේ රටක් වේවි. එදාට ඔවුන් මේ රට තමිල්නාඩු පාර්න්තයක් සහ අරාබි ප්‍රාන්තයක් කරගැනීමට මරාගනීවී. (නි)
ජී එල් රිමාන්ඩ් විද? (බ)
රටට හොඳ කලදසාවක් උදාකරන්න ගන්න උත්සාහයට අපි මොනවා කියන්නද කියලා තේරෙන්නේ නැහැ (නි)
ත්රස්තවාදය කෙසේවෙතත්, "ජාතිවාදය" යනුවෙන් ඔබතුමා අර්ථ දක්වන්නේ මොකද්ද කියලා කිව්වා නම් අපිට තේරුම්ගන්න පහසුයි (නි)
ලංකාවේ බිහිවූ අති උතුම් නායකයා රනිල්. (නි)
කොටි නිදහස් කරන්න ජී එල් හිරේ දාන්න. පාර්ලිමේන්තු චන්ඩියා. (බ)
ඔබතුමාගෙන් අවසර අරන් නෙමේනේ ත්‍රස්ත ක්‍රියා කරන්නේ (කෞ)