ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සෙනසුරාදා දිනයේදී ලොව පුරා නායකයන් රැසක් සමඟ දුරකතන සංවාද පවත්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර හෙතෙම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමඟ ද දුරකතනය ඔස්සේ සාකච්ඡා පවත්වා ඇති අතර එහිදි ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට නායකයෝ දෙදෙනාම එකඟත්වය පළකර ඇතැයි වාර්තා වේ.
ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපතිවරයා අතර පැවැති දුරකතන සංවාදයේදී 'ඉස්ලාමික් ස්ටේට්' හෙවත් අයි.එස් ත්‍රස්ත සංවිධානය සහ සිරියාවේ සිටින අනෙකුත් ත්‍රස්ත සංවිධානවලට පරාජය කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය දීම පිළිබඳව අවධානය යොමු වී තිබේ.
රුසියාව හා ඇමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පසුගිය කාලයේදී පළුදු වී තිබූ අතර එම සබඳතා නැවත වර්ධනය කරගැනීමේ පළමු පියවර මෙම දුරකතනය සංවාදය යැයි ධවල මන්දිරය නිවේදනය කර තිබිණි.
ජනාධිපති ට්‍රම්ප් මහතා සෙනසුරාදා (28) දිනයේදී ජපානය, ජර්මනිය, ප්‍රංශය හා ඕස්ට්‍රේලියාව යන රටවල නායකයන් සමඟද දුරකතන සංවාද පවත්වා ඇත.
ඉංග්‍රිසි බසින් නිවේදනයක් නිකුත් කරමින් රුසියාවේ ක්‍රෙම්ලීනය ඇමෙරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් අතර පැවැති පළමු නිල දුරකතන සංවාදයේ වැඩිදුර විස්තර සඳහන් කර තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. නායකයන් දෙදෙනා අතර පැවැති දුරකතන සංවාදය ''ධනාත්මක සහ පලදායී" සාකච්ඡාවක් වූ බව ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබී ඇත.
ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම, මැද පෙරදිග සහ අරාබි - ඊශ්‍රායල අර්බුදය, උපායමාර්ගික ස්ථාවරත්වය, න්‍යෂ්ටික ආයුධ සීමා කිරීම, ඉරාන න්‍යෂ්ටික ගිවිසුම, උතුරු දකුණු කොරියානු අර්බුදය සහ යුක්රේනය යනාදී කරුණුවලට ඇමෙරිකා හා රුසියානු නායකයන් දෙදෙනා අතර පැවැති සාකච්ඡාවේදී මුල් තැන දී ඇතැයි වාර්තා වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ දෙපල එකතුවෙලා ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න. (නි)
මුළු ලෝකයටම වින කරන්නේ ත්‍රස්තවාදියෝ. නමුත් එය ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න අපේ පත්තර අය බයයි. (නි)
මෙහෙම ලෝකය එකතුවී ත්‍රස්තවාදය නිම කරනවානම් කොපමණ හොඳද ? අපේ රටේ ත්රස්තයන්ට උදව් කළෙත් ඔය දියුණු බටහිර රටවල් , (බ)
ලෝක නායකයෝ ඉදිරියට යන්නේ ඔහොම නම් ලෝකය මිනිස් වාසයට සුදුසු තැනක් වේවි. (නි)
ජයවේවා! (නි)
ඔබලාගේ එකමුතුකම මුළු විශ්වයටම ශාන්තියක් ගෙනදේවි. (නි)