IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රජාතන්ත්‍රවාදී නොවන අයුරින් භාවිත කරලා

(ඉන්දිකා රාමනායක සහ විමුක්ති රුද්‍රිගු)

විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම ත්රපස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රජාතන්ත්‍රවාදී නොවන අයුරින් භාවිත කර ඇති බව  ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂම   නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

විරෝධතාකරුවන්  අඩංගුවට ගැනීම් සාධාරණීකරණය කිරීමට එය යොදාගෙන ඇතැයි එම එම කොමිසම දන්වා සිටියි.

ත්‍රස්තවාදී පනතේ නිර්චනයේ සදහන් වන කරුණු වලට අදාල   නොවන සැකකරුවන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කර තිබීම කණසල්ලට කරුණක්   එම නිවේදනයේ සදහන්වේ.

ත්රණස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට හේතු වූ කරුණු සහ තත්ත්වයන් පිළිබඳ මානව හිමිකම් කොමිෂන් සභාව දැනුවත් කරන ලෙස මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බවද  එම නිවේදනයේ සඳහන් වේ.

පොලිසිය චෝදනා කරන ආකාරයට ඉකුත් ජනවාරි මස සිට රට පුරා සිදුවුණා යැයි පවසන ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධ වාර්තා තිබේ දැයි තහවුරු කර ගැනීමට මානව හිමිකම් කොමිෂන් සභාවට අවශ්‍ය   බවත්,  අඩංගුවට ගත් සැකකරුවන් සිදුකල ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන්ද දැන ගැනීමට අවශ්‍යතා බවත් කොමිෂන් සභාව   පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.

අත්අඩංගුවට ගත් අයගේ අනන්‍යතාව රඳවා සිටින ස්ථාන  පිළිබඳ දැන ගැනීමට මානව හිමිකම් කොමිෂන් සභාව අවශ්යටි බවත්, ත්‍රස්තවාදය  වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සැකකරුවන් ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද තම කොමිසමට  දැනුවත් කරන ලෙසට එම කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



අදහස් (1)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රජාතන්ත්‍රවාදී නොවන අයුරින් භාවිත කරලා

කිරිපුතා Tuesday, 23 August 2022 06:59 PM

ඔන්න ඔය පනතෙ නම් වෙනස් කළාම ඉවරනෙ. ඔය කාටත් ඕන රට විනාශ වෙනව දකින්න.

:       8       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site