(ඩයනා උදයංගනී)
අතුරුදන් කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය ගෙන ඒම මගින් වත්මන් ආණ්ඩුව උත්සාහ කරන්නේ අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමට නොව ත්රස්තවාදය නැති කළ අය දඩයම් කිරීමට බව පෙනීයන්නේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙය ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව අපරාධ නඩු පැවරීමට විදෙස් රටවලට හා ජාත්‍යන්තර අධිකරණවලට බලය ලබාදෙන නව නීතියක් බව ද හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් වෙයි.
“වත්මන් ආණ්ඩුව කඩිමුඩියේ අත්සන් කර තහවුරු කරනු ලැබූ “අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තිය” ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම සදහා පනත් කෙටුම්පතක් ගැසට් කර ඇත. මෙකී පනත් කෙටුම්පතේ අටවන වගන්තියට අනුව ශ්‍රී ලංකාව තුළ පුද්ගලයෙකු අතුරුදහන් කරවීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු, චූදිතයෙකු, හෝ වරද කරුවකු වන ඕනෑම පුද්ගලයෙකු තමාට බාරදෙන මෙන් විදේශීය රටකට ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටීමට හැකිවේ. එවන් ඉල්ලීමක් විදෙස් රටකින් ලැබුණු විට, අදාල පුද්ගලයාට එරෙහිව නඩු පැවරීමට නැතිනම් ඔහුව එම විදේශීය රටට බාරදීමට ශ්‍රී ලංකාවට සිදු වේ. එම පනත් කෙටුම්පතේ 21 වන වගන්තියට අනුව ලංකාව තුළ අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සදහා විධිවිධාන සැලසීමට විධායකයට බලය ලැබේ. පනත් කෙටුම්පතේ 23 වන වගන්තියට අනුව මෙම නීතිය වෙනත් සියළුම ලිඛිත නීති අභිබවමින් බලාත්මක වේ.
අතරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 10 හා 11 වගන්ති වලට අනුව එම ප්‍රඥප්තියේ සාමාජික රටකට වෙනත් සාමාජික රටක අතුරුදහන් කරවීමකට වගකිව යුතු යැයි සැක කරන විදේශිකයකු වුවත් සිරභාරයට ගැනීමට බලය පැවරේ. එසේ සිරභාරයට ගත්පසු, එම පුද්ගලයා ඔහුගේ රටට නොයවා එම රටතුළම ඔහුට එරෙහිව අපරාධ නඩු පැවරිය හැකිය. හිරභාරයට ගනු ලබන පුද්ගලයාගේ මවුරට අදාල ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ බලක්‍ෂේත්‍රට අයත් නොවුවත්, එම පුද්ගලයා හිරභාරයට ගැනීම කරන රටේ අභිමතය පරිදි ඔහුව ජාත්‍යන්තර අපරාධ අධිකරණයකට බාරදීමට හැකිය.
අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 32 වන වගන්තියට අනුව එම ප්‍රඥප්තිය පිළිගන්නා ඕනෑම විදේශීය රටකට ලංකාව එම ප්‍රඥප්තිය යටතේ වගකීම් ඉටු නොකරන බවට ජිනීවාහි ‘අතුරුදහන් කරවීම් පිළිබද කමිටුවට’ පැමිණිලි කල හැක. එවැනි පැමිණිල්ලක් ලැබුණ විට එම කමිටුවට ලංකාව සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට බලතල ලැබේ. ලංකාවේ ආණ්ඩුව මේ 32 වගන්තිය වෙනම ප්‍රකාශයකින් පිළිගෙන තිබීමද මෙහි විශේෂිත කරුණක් වේ. ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ඕස්ටේලියාව හා කැනඩාව ඇතුළු තවත් රටවල් විශාල ගණනක් මේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් තබා නැත. ඩෙන්මාර්කය, ෆින්ලන්තය, නෝර්වේ, ස්වීඩනය, අයර්ලන්තය හා ඉන්දියාව මීට අවුරුදු දහයකට පෙර 2007 දී මෙයට අත්සන් තැබුවත්, අද වනතුරුත් තහවුරු කර නැත. රටවල් බොහෝ ගණනක් මේ ප්‍රඥප්තිය පිළිගැනීමෙන් වැලකී සිට ඇත්තේ එමඟින් තම රටවල් වල පුරවැසියන්ගේ පුද්ගලික අයිතීන් බරපතල ලෙස උල්ලංඝනය වීමට ඇති ඉඩකඩ නිසා බව පැහැදිලිය.
එක් රටක සිදුවූවා යැයි කියන අපරාධයක් සඳහා වෙනත් රටක අධිකරණයක, නැතිනම් වෙනත් රටවල් සමූහයක් විසින් මුදල් වැය කරමින් පවත්වාගෙන යන ජාත්‍යන්තර අපරාධ අධිකරණයක නඩුවකට මුහුණ දෙන චූදිතයෙකුට කිසිදාක යුක්තියක් බලාපොරොත්තු විය නොහැකිය. ඒ ආකාරයට නඩු පැවරීමක් සිදු වන්නේ, හැමවිටම දේශපාලන අභිමතාර්ථයක් ඉටුකරගැනීම සදහාය. අතුරුදහන්කරවීම් වලට සම්බන්ධ සියළුම කාරණා - එනම් පැහැරගෙන යාම, නීතිවිරෝධී ලෙස රඳවාගෙන සිටීම, ඝාතනය කිරීම හා නීත්‍යානුකූල නොවන ආකාරයට මෘතදේහ විනාශ කිරීම හෝ සැඟවීම, වැනි කාරණා සියල්ලම අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන වලින් හා පවතින අපරාධ නීතියෙන් ආවරණය වෙයි. මේ නිසා යෝජිත නව නීතියෙන් සිදුකරන සැබෑ කාර්යභාර්ය වන්නේ විදේශීය පාර්ශවයන්ට ලංකවේ යුක්තිය පසිඳලීමේ ක්‍රමයට අත පෙවීමට ඉඩ සැලසීම පමණි.
මෙහිදී අපගේ වාසියට ඇති කරුණක් වන්නේ ලංකාවේ නීති ක්‍රමයට අනුව හා 2006 ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ‘නල්ලරත්නම් සින්නරාසා එරෙහිව නීතිපති’ යන නඩුවේ දුන් තීන්දුවට අනුව ලංකාවේ ආණ්ඩුව විසින් යම් ජාත්‍යන්තර ප්‍රඥප්තියක් අත්සන් කොට තහවුරු කිරීමෙන් පමණක් එය ලංකාව තුළ බලාත්මක නොවීමයි. එවැනි ජාත්‍යන්තර ප්‍රඥප්තියක් ලංකාවේ බලාත්මක වීමට නම් එහි වගන්ති, වෙනම පනතක් මාර්ගයෙන් පාර්ලිමේන්තුව විසින් සම්මත කල යුතු වේ. වෙනත් බොහෝ රටවල් අත්සන් කිරීමෙන් නැතිනම් තහවුරු කිරීමෙන් වැලකුණු මේ ජාත්‍යන්තර සම්මුතිය ලංකාවේ යහපාලන ආණ්ඩුව විසින් පිළිගෙන තිබුණත්, එහි වගන්ති ලංකාව තුළ බලාත්මක කිරීමට ගෙන ඒමට යන මේ නීති කෙටුම්පතට විරුද්ධව ඡන්දය දීමෙන් සිදුවී ඇති හානිය අවම කිරීමට පාර්ලිමේන්තුවට කටයුතු කල හැක.
මේ නව නීති කෙටුම්පතෙන් කෙරෙන්නේ යුද අපරාධ යන වචනය පාවිච්චි නොකර, එය ‘අතුරැදන්වීම්’ වශයෙන් වෙනස්කොට, අපේ රණවිරුවන් විදේශීය රටවල අධිකරණ වලට හා ජාත්‍යන්තර අපරාධ අධිකරණවලට පාවාදීමය. ‘අතුරැදන්වීම්’ යන වචනය ඇසූ විට කාට වුවත් සිතෙන්නේ මෙය අතුරුදහන් වූවන් සෙවීමට ගන්නා අහිංසක උත්සාහයක් වන බවකි. නමුත් මෙහි අරමුණ අතුරුදහන් වූවන් සෙවීම නොව ත්රස්තවාදය නැති කළ අය දඩයම් කිරීම පමණි. යුද්ධයේදී අතුරුදන් වූ දහස් ගණනක් වූ සන්නද්ධ හමුදා සාමාජිකයන් දැනටමත් ‘මිය ගොස් ඇති බවට සැලකෙන’ නිසා, මේ යෝජිත නව නීතිය යටතේ සැළකිල්ලට ගැනෙන්නේ කොටි සංවිධානයේ අතුරුදහන් වූවන් පමණි. කොටි ඩයස්පෝරා සංවිධාන මෙන්ම ඔවුන්ට උදවු කරන ජාත්‍යන්තර පාර්ශවද, යුද්ධයේදී මිය ගිය කොටි ත්‍රස්තවාදීන් මෙන්ම විදෙස් රටවලට පලා ගොස් වෙනත් අනන්‍යතාවයන් හදාගෙන ජීවත්වෙන කොටින්ද ‘අතුරුදහන් වූවන්’ ලෙස සලකයි. මෙකී පනත් කෙටුම්පතට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කිරීම, කොටි ඩයස්පෝරාවට හා ඔවුන්ට උඩගෙඩි දෙන විදේශීය බලවතුන්ට මේ රට පාවා දීමක් වෙන බව සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සැලකිල්ලට ගත යුතුය.“

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ යුද්ධය දිනපු ජෙනරාල්තුමාව මුලින්ම දඩයම් කලේ කවුද?
මේ අතුරුදහන් කල පුද්ගලයන් වෙනුවෙන් අත්අඩංගුවට ගත යුත්තේ එවකට සියළුම හමුදාවන් පාලනය කල පසුගිය ආණ්ඩුවයි. රණවිරුවන් නිර්දෝශී බව අප ඉහලින්ම පිළිගනිමු. ඔවුන් වැරදි ක්‍රියාවල යෙදවූයේ මේ ඉහළ නිලධාරීන් විසිනි. රජය දඬුවම් කල යුත්තේ ඒ වැරදි කරුවන්ටය.
ජෙනරාල් තුමාගේ දේශපාලන කතා වලට රටේ වැඩි දෙනෙකුගේ මනාපයක් නොමැත. නමුත් ඔහුව ගෙන ගොස් සිරගත කොට පසුව නැති චෝදනා දමා සිරගත කිරීම නිසා ජනතාවගේ අප්‍රසාදය අප්පච්චි වෙත යොමු විය.
බොස්, පැරදුණා නම් විශ්‍රාම ගියා කියලා හිතාගෙන ගෙදරට වෙලා විවේක අරගෙන සන්තෝෂයෙන් ඉන්නකෝ. දරුමල්ලෝ බන්දල දීලා මුනුබුරෙක්ව සුරතල් කරන්න කාලේ හරී... මොනවට මේ ස්ටේජ් නැගගෙන බොරු කියලා මිනිස්සුන්ට අවුස්සනවද? යුද්දෙදි මැරුණ කොටි සහ අහිංසක මිනිස්සු කියන්නෙ ජාති දෙකක්..අර 88, 89 මැරුණ ජේ.වී.පී. ත්රස්තයෝ සහ අහිංසක කොල්ලෝ වගේ. ඔබතුමාත් ගියානේ ජිනීවා ඒවා අරගෙන.
යුධ පෙරමුණේ සිටි සෙන්පතියන් වන කමල් ගුණරත්න, ශවේන්ද්‍ර සිල්වා, චාගි ගාල්ලගේ යන මහත්වරු ඇතුළු සෙන්පතියන් බොහො දෙනෙකු අද යහතින් ජිවත් වන අතර යුධ වීරයන් තබා පහුගිය ආණ්ඩුවේ සිටි ආර්ථික හොරුන්වවත් මේ ආණ්ඩුව යටතේ අත්අඩංගුවට ගෙන නැත... ඔබතුමාගේ කැබිනෙට්ටුවේ සිටි විශාල පිරිසක් මෙම කැබිනෙට්ටුවේද සිටිමින් තීන්දු තීරණ ගනු ලැබේ..
මේ ආණ්ඩුවට අනුව නැතිවෙලා තියෙන්නේ එල්.ටී.ටී. ඊ එකේ අය විතරයි. රජයේ හමුදා වල කවුරුවත් නැති වෙලා නෑ. ඒවා හොයන්නත් බෑ නේ සහජීවනේටත් ප්‍රශ්න ඇතිවෙනවනේ...
කොහොමද ඉතින් මේවා අපි විශ්වාස කරන්නේ?
යුද්ධය දිනුවේ යුද බිමේ සිට සටන් කරපු අපේ රණවිරුවන් බව තවම තේරුම් ගොස් නැහැ වගෙයි. අධිකරණ තීන්දු මගින් ඉවත්කර යැවීමටත් සුදුසු අය තවමත් මේ රටේ සිටින බව සමහර අයට අමතක වී තිබේ.
අනේ මන්දා මේ මොනවද කියන්නේ කියලා මට නම් තේරනේනේ නැහැ..
සංවර්ධනය මුවාවෙන් සල්ලි ගැරුවෙත් පසුගිය ආණ්ඩුව කාලයේයි. ඒවාට වන්දි ගෙවන්න වෙනබව එකල දැන නොසිටියත් අදවත් එම කටුක ඇත්ත අවබෝධ කරගන්න. නැවත බලයට එනවා යැයි යන මායාවෙන් ඉවත් වී යථාර්තවාදී ලෝකයට පිවිසෙන්න.
වසර 1505 ඉඳලම අද දක්වාම මමත්වය පෙරදැරි කොට ගෙන කියන කතා තමයි.
මහින්ද රාජපක්‍ෂ යනු අභීත මිනිසෙකි...
ජෙනරාල්තුමා යනු තම ජිවිත කාලයෙන් වැඩි කොටසක් වනාන්තරව වල දුෂ්කර හමුදා කඳවුරු වල ගතකල කෙනෙකි. ඔහුට වැලිකඩ හිර ගෙදර ජීවිතය විශාල ප්‍රශ්නයක් නොවිය. ඔහුට හිර ගෙදර තුලදී විශාල දේශපාලන වටිනාකමක් ලැබුණි. ජෙනරාල්තුමා යුධබිමේ පළපුරුදු සෙන්පතියකු වුවත්, දේශපාලනයට අලුත් පුද්ගලයෙකි.
එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදය ඉවර කරලා මේ දෙයත් නොගෙනාවනම් මෙහෙම වෙන්නේ නැහැ. දැන් වේදිකා ගානේ කතාකරන්නයි, පුත්‍රයාට තණකොල් කපන්න යන්නයි වෙන්නෙත් නැහැනේ...
අපි හිතුවේ ඔබතුමාට දැන් පොඩි මහජන තල්ලුවක් තියෙනවා කියලා. මේ කියන ඒවා දැක්කම හිතෙනවා දැන් හොදටම බංකොලොත් කියලා.
අද කාලේ නම් බලයට එන්න තිබෙන එකම ක්‍රමය රණවිරුවන්ට සිදුකරන අසාධාරණකම් සහ ජාති බේදය පමණයි.
හමුදාවේ ඉන්න අය අමාරුවේ වැටුණේ... ඔය උපදෙස් පිලිපැදලා තමයි. දැන් "රණවිරුවෝ" කියලා කිව්වට...
දවල් සිහින දකින්නේ නැතුව, බය වෙන්නේ නැතුව ඉන්න.
මහින්ද මහත්තයෝ “අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්රඥප්තිය” කියන වචනයෙන්ම කාරණාව ඔප්පු වෙනවා නේද? මෙය නියම රණවිරුවන්ට අදාල නෑනේ. අනික ජාත්‍යන්තර ප්‍රඥප්තියක් කියන්නේ ලෝකේ අනික් රටවලත් අදාල දෙයක් නේද ?
යුද්ධයට නායකත්වය දුන්න එකත් ඇත්ත....නමුත් දැන් කියන දේවල් විශ්වාස කරන්න බැහැ. ඔබතුමා බාරගත්ත පොරොන්දුව ඉෂ්ට කළා. ඒකට අපි ඔයාට ණයගැතියි. දැන් ඉතින් පන්සල් ගිහින් පිනක්, දහමක් කරගෙන හිටියනම් හොඳයි.
එතකොට අර 800 ගැන මොකද? එයාලා ගැනත් මේ ජාත්‍යන්තරය කතාකරනවාද?
අහිංසක මිනිසුන් සුදු වෑන් වලින් උස්සන්න හදපු කාලයක්නේ... මෙය වෘත්තීය සොල්දාදුවන්ට එරෙහිව නම් නොවේ.
මිනිස්සු මුලාවෙන එකයි වෙන්නේ... තමන්ගේ වැඩක් කරගෙන හිටියානම් හොඳයි...
රටේ බිහිසුණු යුද්ධයක් තිබුණද කියා මතක නැතිබව මෙයට අදහස් ලියපු හුඟක් දෙනෙක්ගේ මානසිකත්වයෙන් පේනවා. හරි කණගාටුයි. එයට හේතුව පක්ෂ ග්රාහිත්වයයි. හරිදේ කරපු කෙනෙක්ව අගයන්න මිනිස්සු ගුණයහපත් නෑ. නැවතත් කියන්න තියන්නේ කණගාටුයි කියලා විතරයි.